දඩයම් කරමින් අදින් වසර 15,000ට පමණ පෙර යුරෝපයේ ජීවත් වූ නොදන්නා මිනිස් කොට්ඨාශයක් පිළිබද කරුණු අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ කියති.
ඔවුන්ගේ අස්ථි හා දත් පරීක්ෂාකරමින් ඩී.එන්.ඒ ගැලපීමේ දී මේ මිනිසුන් යුරෝපයේ සිට අයිස් යුගය අවසන්වීමේ දී අතුරුදන් වන්නට ඇතැයි ගවේෂකයන්ගේ මතය වී ඇත. ඔවුන් පවසන්නේ මේ මිනිසුන්ගේ ජාන නූතන ආසියානු, ඇමෙරිකානු, ඔස්ට්‍රේලියානු හෝ යුරෝපීය ජන කොටස් සමග නොගැලපෙන බවයි. ඔවුන් අප්‍රිකාවෙන් සංක්‍රමණය නොවූ ජන කොට්ඨාශයක් ද යන්න පිළිබදව ද පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත.
පර්යේෂණය සිදුකර ඇත්තේ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ මානව ඉතිහාස විද්‍යාව පිළිබද පර්යේෂකයන් පිරිසක් විසිනි. අප්‍රිකානු සම්භවයක් නොමැති මේ ජනතාව වසර 50,000ට පමණ පෙර නැගෙනහිර ආසියාව හා ඕස්ට්‍රේලියාව කරා ගමන් ගන්නට ඇති බවත් පර්යේෂකයෝ සැකකරති.
මෙම පර්යේෂණය මෙහෙයවන ටියුබින්ජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොසිමෝ පොස්ත් පවසන්නේ මේ මිනිසුන් අදින් වසර 14,500ට පෙරාතුව අතුරුදන්ව ඇත්තේ පුදුම සහගත ලෙස බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (බ)
ලංකාවේ තවම මොලේ කළදක් නැති අය ඉන්නව. උඩම තියන කමෙන්ට් දැක්කම දුක හිතෙනවා. (බ)
බුදු හාමුදුරුවෝ දේශනා කරපු හේතු පල වාදයෙන් කියා දෙනවා. මේ ලෝකේ කොහොමද හැදිලා තියෙන්නේ කියල. නියාම ධර්ම වලින් කියා දෙනවා මේ ලෝකේ කොහොමද වෙනස් වෙන්නේ කියල. නුතන විද්‍යාවෙන් හොයා ගන්නේ ශ්‍රේෂ්ට බුදුන් වහන්සේ දේශනා කරපු අපිට තාමත් තේරුම් ගන්න බේරී දේවල්. (ර)
හොඳ ලිපියක් (නි)
ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට සමහර කට්ටියට හීන් දාඩිය දානවා ඇති නේද? ඒ වුණාට ඉතින් කයිය නම් ඉදිරියටම ගෙනියනවා. (නි)
මේ විශ්වයේ තිබෙන හැම දේකටම හේතුවක් තියෙනවා. නැතිවීමටත් හේතුවක් තියෙනවා. ඇති වීමටත් හේතුවක් තියෙනවා (බ)
මැවුම් වාදයක් නැහැ කියලා කියන්න අපිට බැහැ. නමුත් මෙ විශ්වයේ තිබෙන හැම දේකටම හේතුවක් තියෙනවා. නැතිවීමටත් හේතුවක් තියෙනවා. ඇති වීමටත් හේතුවක් තියෙනවා. (ර)
සම්පත්, ඔබගේ භෞතික විද්‍යාව පිළිබඳ තිබෙන දැනීම බිංදුවයි. එහෙම කිව්වට සමාවෙන්න. මොකද ඔය වගේ ප්‍රශ්නයක් අහන්නේ, ගුරුත්වාකර්ෂණය ගැන දන්නේ නැති නිසා. (නි)
හොඳ ලිපියක් (නි)
හොඳ සොයාගැනීමක් (නි)
අජිත්, තව වසර සියයක්වත් සිංහලයා කියන ජාතිය ලෝකේ පැවතෙයි කියලා හිතනවද? (නි)
තව අවුරුදු 50000ක් විතර යනකොට සිංහලයා කියලා ජන කොටසකුත් නැතිවෙයි (නි)
ඔය මැවුම් වාදය තේරුමක් නැති අපබ්‍රන්සයක්. පොඩි අය නිදි කරවන්න කියපු කතන්දරයක් තමා මැවුම් වාදේ. හැබැයි මවපු එකා මැව්වේ කවුද කිව්වහම උත්තර නැහැ. කිකිලියි බිත්තරෙයි වගේ තමා. (අ)
මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)
සම්පත් ඔබ හිතන විදිහ හරි , නිකන් හිතන්නකෝ රෝද හතරේ වාහනයක් පාලනය කරන්නත් රියදුරෙක් ඕනේ , මේ විශ්වයේ තියන හැම වස්තුවක්ම ඉබේ පාලනය වෙනවා කියල කොහොම හිතන්නද. (ර)
ඔව් රාත්‍රියට අහස බලපුවහම හරි පුදුම හිතෙනවා. කොහොමද මේ ග්‍රහ වස්සතු හැමදාම එක විදියට එකම තැන තියෙන්නේ කියලා. හරිම පුදුම ක්‍රියාවලියක් මෙච්චර දේවල් වෙනස් වෙන ලෝකේ අපිට හිරු පායන එක එක දවසක් හරි වෙනස් වෙලා නෑ නේද ?කොහොමද මේවා වෙන්නේ? (ර)
රාත්‍රියට පැහැදිලි අහස දෙස බන්නකෝ. කෙළවරක් නොපෙනෙන විශ්වය කවුරු කෙසේ මවන්නද? දැන්වත් ඇයි මිනිස්සු සත්‍ය විශ්වාස නොකරන්නේ? (නි)
වසර 6000 කට පෙර අහසත් පොළවත් මැව්වයි කියන්නේ බොරුද එතකොට?(හේ)