සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද චිත්ත තරංග පමණක් භාවිතයෙන් අදහස් හුවමාරුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළිවී ඇත. ප්‍රංශයේ ස්ට්රාස්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයක සිටි ආචාර්ය මයිකල් බර්ග් මහතා සහ ඉන්දියාවේ කේරලයේ පර්යේෂණාගාරයක සිටි ස්පාඤ්ඤ ජාතික විද්‍යාඥයකු වූ ආචාර්ය ඇලියන්ද්‍රෝ රියේරා අතර මේ සන්නිවේදනය සිදුකැරිණි.
විද්‍යාඥයන් දෙදෙනාට කිසිදු සන්නිවේදන උපකරණයක් නොතිබූ අතර ඔවුන්ගේ ඇස් බැඳ දමා කන් වසා තිබිණි.
සැතපුම් 4600ක් ඈතින් පිහිටි මේ විද්‍යාගාර දෙකේ සිටි විද්‍යාඥයන් දෙදෙනා තමන සිතිවිලිවලින් අදහස් නිවැරදිව හුවමාරු කරගෙන තිබුණේ පුදුම සහගත ආකාරයෙන් බව ඒ පිළිබඳ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කිසිදු විද්‍යුත් උපකරණයක් භාවිතයෙන් තොරව මොළයකින් මොළයකට පණිවිඩයක් යැවිය හැකි මේ ආකාරය තවදුරටත් පරීක්ෂාවට ලක්කළ යුතු බවයි. කෙසේ වෙතත් මෙය ඉදිරි අනාගතයේ දී සන්නිවේදන විප්ලවයේ දැඩි පරිවර්ථනයකට හේතුවනු ඇතැයි ද පර්යේෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපි දැනගෙන ගොඩක් කල් වුණත් ඒවා ගැන පුහුණු කිරීමක් කරන්නේ බොහොම අඩුවෙන්. තමන්ගේ මනස පිරිසිදු නම් තමන්ට හිතවත් යට යම් ආපදාවක් කරදරයක් වනවිට ඔවුන්ට දැනෙනවා. එහෙමත් නැතිනම් සිහිනයකින් හෝ දකිනවා. මේවා ටෙලෙපති කියලත් කියනවා. එකවර දුර ඉන්න දෙදෙනෙකුගේ අදහස් ඔවුනොවුන්ට දැනෙනවා. බොහෝ විට දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට යම් කරදරයක් හෝ පිඩාවක් වනවිට දැනෙන්නේ අන්න ඒ ක්‍රමයටයි. (අ)
අපි පරණ දේවල් ගැන හොය හොය ඉන්නේ නැතුව අපේ පරපුර මොනවද කරලා තියෙන්නේ කියලා බැලුවොත් හොඳ නැද්ද. (හේ)
මේ ක්‍රමය නම් හොඳයි. මුදලුත් ඉතුරුයි (නි)
ලෝකයේ දාර්ශනිකයෝ සැම කල්හිම බිහිවිය. අදත් බිහිවන්නේය. හෙටත් බිහිවන්නේය. සමහර දාර්ශනිකයින් ආගමික නායකයින් ලෙස ජනතාව විසින් පිළිගත් අතර සමහරු දාර්ශනික භාවය තුලම ජීවත්වී අතිීතයට එකතුවී ඇත. මෙම ආගමික නායකයින් සහ දාර්ශනිකයින් තම සිතුවිලි නොබියව සමාජගත කල අතර ඒවා සමාජයේ ප්‍රගතියට මෙන්ම අවනතියටද හේතු පාදක කරගත්තේ ඔවුන්ගේ අනුගාමික ජනයාය. යමෙක් අනුගාමිකයෙක් වන්නේ නම් ඔහු හසරක් නොදැක වල්මත් වූවෙකි. එසේ වල්මත් වූවෝ අතීත කථාවන්තුල අතරමංවී සතුටු වන අතර නවමං සොයන්නෝ අළලුත්දේ සොයමින් සමාජයේ ඉදිරිගමන ශක්තිමත් කරන්නේය. අතීතයේ අතරමං නොවී ඉදිරියට යන්නෝ නූතන ව්‍යවහාරය අනුව විද්‍යාඥයෝය. ඔවුන් මානව ප්‍රගතියට දායක වන විශිෂ්ඨයෝය. (ර)
අපේ මිනිස්සු නම් තාම හරියට පාර පැනගන්නවත් දන්නේ නැහැ. (නි)
ටෙලිපති සිත් කියවීම වගේ දේවල් වලින් තමයි පර්යේෂණ කරන්නේ බුදුදහම තුළින් මේවා කියලා තියනවා අපේ සිතුවිළි සන්සුන් වන තරමට යටි සිතේ බලයෙන් වැඩගත හැකියි පණිවිඩ යැවීම කරන්න පුලුවන් කිවිසුමක් යනකොට අපි කියන්නේ කවුරුහරි මතක් කරනවා කියලා මෙය ටිකක් ගැඹුරින් හිතන්න ඕන දෙයක් (අ)
අපේ රටේ කිසිම දෙයක් හදන්නේ නැහැ කියන්නේ ඉංජිනේරු ක්ෂේත්රය ගැන නොදන්නා අයයි. නවුකා වල සිට ඉතාම සංකීර්ණ සහ උසස්ම තත්වයේ මෘදුකාංග සහ පරිගණක අමතර කොටස් දක්වා නිෂ්පාදන ලංකාවේ සිදු වෙනවා. මහජනතාව මේවා දන්නේ නැති නිසයි රට ගැන අවතක්සේරු කරන්නේ. විශ්වාස නැතිනම් ක්ෂේත්රයේ ඉන්න ඉංජිනේරු වරයෙකුගෙන් අසා බලන්න.(අ)
අයියෝ මේකට ඔච්චර කලබල වියයුතු නෑ. මේ කතාකරන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැන කට්ටිය දන්නවනම්, මෑත කාලයේ වැඩ හිටපු මේ කියන වැඩේට බොහොම ප්‍රසිද්ධ චරිතයක් තමා උන්වහන්සේ. ඒ බව ගොඩක් ඉන්දියනුවොත් දන්නවා...(දිල්)
විද්‍යාඥයෝ මහන්සි වෙලා සොයාගන්න දෙයක් බුක්ති විඳින ගමන්ම මැරුණම යන්නේ කොහොද කියල හිත හිත ඉන්න කියලයි. (හේ)
විද්‍යාව වෙනස් වෙනවා. බුදු දහම වෙනස් වෙන්නේ නෑ. කවදා හෝ දවසක බුදු දහම බබළනවා (බ)
විද්‍යාව වෙනස් වෙනවා. බුදු දහම වෙනස් වෙන්නේ නෑ, කවදා හෝ බුදු දහම බබළනවා (බ)
නියම වැඩක් (නි)
මෙය කිසිදාක සිදු වෙන්නේ නැත. මෙය සිදු උනොත් විද්‍යාව බොරු වෙයි. මේක හරියට හොයලා බැලුවොත් තේරෙයි (නදී)
බුදු දහම තමයි ලෝකයේ සත්‍ය.නවීන විද්‍යාවටවත් එය බොරු කරන්න බැහැ.(අ)
මමත් බුද්ධාගම ගොඩක් අගය කරනවා. මේ බුදු හාමුදුරුවෝ අපේද? ඉන්දියාවේද? ගමේ කොල්ලෙක්ද? රාජ කුමාරයෙක් ද? (නදී)
බුද්ධ බාෂිතය සත්‍ය බව තහවුරු වේ.(හේ)
කුමාර්ලා ඔයිට වඩා බුද්ධිමත්ව හිතුවොත් හොඳයි. අශුද්ධ ආත්ම ඔයා දැකල තියනවද? එක එක්කෙනා කියපු පලියට විශ්වාස කරන්න එපා කුමාර්. තමන් ගේ මොළයෙන් කල්පනාකරල බලන්න. (නදී)
මොනවා වුනත් මිනිස්සු දෙයක් ක්‍රම අපි ඉස්සෙලාම එ්කට ගරු කරන්න ඕනි.(හේ)
මමත් කරලා බලන්න ඕනෑ. (නි)
මාත් ආසයි ඒ ක්‍රමයට. වියදම් අඩු ක්රමයක්නෙ (නි)
එ්ක අපි දන්නේ ඉස්සර ඉඳලා. බුදුහාමුදුරුවෝ ඔය ටික කිව්වා. මිනිස්සුන්ට දැනුයි තේරිලා තියෙන්නේ (නදී)
අපේ මිනිසුන්ටත් බටහිර කට්ටිය කිව්වම තමා දැනෙන්නේ අපේ දේ වටින්නේ නෑ(දිල්)
අපේ මිනිස්සුන්ට බටහිර කට්ටිය කිව්වම තමයි දැනෙන්නේ අපේ දේ වටින්නේ නෑ (බ)
අනේ ඔයා දන්නවා වගේ කියෙව්වට වැස්සකටවත් දහම්පාසල් ගියාද දන්නේ නැ (බ)
සමන්ති හදනවයි, කොටස්ගෙනැල්ල සවිකරනවයි කියන්නේ දෙකක්. (බ)
මේක තමයි බුදු දහමේ කියන්නේ.(හේ)
මේක අපි දැනගත්තේ අවුරුදු 2500 කට කලින්. (හේ)
මේවා ගැන දැන්ද ඔයාල දන්නේ (බ)
බුදු දහම සත්තයි.(හේ)
අපිට කියන්න තියෙන්නේ අතීතෙ හදපු දේවල් විතරයි . අද අඩුගනනේ බයිසිකලයක්වත් අපේ රටේ හදනවද ? කාර් කැබලි ගෙනල්ල ලංකාවේදී සවිකරන එක තමයි දැනට කෙරෙන ලොකුම වැඩේ. (දී)
සෙනරත් ඉන්නේ ලංකාවේද?අපි බයිසිකල් විතරක් නෙමෙයි, කාර් ,බස් ට්‍රැක්ටර් පවා හදනවා. (නි)
මේක මුළුමනින්ම ඇත්තක්. මේකට ටෙලිපති කියලත් කියනවා. එක එක්කෙනාට මෙම ශක්තිය අනුලෝම ප්‍රතිලෝම විදියට පවතිනවා. බුදුන් වහන්සේ මාර්ග ඵල ලැබීමට සුදුසු යැයි සොයා බණ කිවුවෙත් මේ වගේ ක්‍රමයකට පරික්ෂ කරලා වෙන්න පුළුවන්.එහෙත් මීට වැඩියෙන් උන්වහන්සේට සුවිශේෂ ශක්තියක් තිබුන බව පැහැදිලියි. සිත දියුණු කර කළ හැකි දේවල් බොහොමයක් තිබෙන බව බුදු දහමෙන් මෙන්ම විද්‍යාවෙනුත් ඔප්පුකරලා තිබෙනවා. (නි)
සරත්, ප්‍රදීප්, ජනක, එහෙනම් ඔයාල මොකද මොබයිල් එකක් පාවිච්චි කරන්නේ (අ)
සමන්ති, මුලින්ම අත්ට්‍රැක්ටර් හැදුවේ ලංකාවේ. ඒවුණාට අත්ට්‍රැක්ටර් ඔක්කොම ගෙන්නුවේ පිටරටින් (නි)
සමහර අදහස් දිහා බැලුවහම පුදුමත් හිතෙනවා (නි)
කොටස් ගෙනැල්ලා සවිකනවා කියන්නේ දෙකක්. (හේ)
දැන්ද මෙයාල මේක දන්නේ.(හේ)
අපේ බුදු හමුදුරුවෝ අවුරුදු 2500 කලින් ඔය ගැන කිව්වා.(හේ)
අනාගතයේ බාෂාව පිළිබද ගෙටලු ඇති වන්නේ නැහැ අපේ බුදු හාමුදුරුවෝ රට රට වල විශ්වයේ ලෝක වල සැරි සරා දහම් දේසනා කරන්න ඇත්තෙත් ඔය වගේ ක්‍රමයකින් වෙන්න වෙති (බ)
මේ අය දැනුයි නින්දෙන් ඇහැරිලා තියෙන්නේ. ආසියාතිකයින් වසර දහස් ගණනක් මේවයින් වැඩ ගත්තා, අදත් මේවයින් වැඩ ගන්නවා. අපේ යුරෝපා මිත්රයින් දැනුයි බඩ ගාන්නේ, හෙට අනිද්දා නැගිටියි. (අ)
මේක විද්යාවවත් ආගමක මහිමයවත් නොවේ, මේකට කියන්නේ "ටෙලිපති" කියල. ටෙලිපතිවල සත්ත්‍ය තත්වයනම්; අශුද්ධ බලවේගයක් (ආත්ත්මයක්) විසින් කෙතරම් දුර හෝ සිටිනා දෙදෙනෙකුගේ මනස එකට සම්බන්ද කිරීමයි. (හේ)
ගින්දර හා වතුර එකවර පාලනය කරන, බලවත් මැජික්කාරයෝ ඒවා කරන්නේ අශුද්ධ ආත්ම වල බලයෙනුයි. (නි)
අශුද්ධ ආත්ම, භුත ආත්ම ආදීන්ට නොකල හැකි ගොඩක් දේත් මනස දියුණු කරගත් මිනිසුන්ට කරන්න පුළුවනි. තමාගේ විමුක්තිය ඇත්තේ තමා තුලමයි. තමාට විමුක්තිය උදා කරගත හැක්කේත් තමා තුලින් මයි. ඒක තමයි සත්‍ය. බුදුදහම හදාරපු අයෙක් ට නම් මේ ප්‍රවෘත්තිය අලුත් එකක් නොවෙයි.(හේ)
අපි කවුරුත් දන්නවනේ විද්‍යාවේ අවසානයෙන් තමා බුදු දහම පටන්ගන්නේ කියලා...මම කැමති ඔය වගේ පර්යේෂණ වලට..බටහිර ජාතින් දැන්වත් තේරුම් ගනීවි බුද්දාගමේ මේ සියලු කරුණු වසර 2500 කට කියලා තියෙනවා කියලා.. (බ)
එහෙනම් ඉස්සරහට මගේ යාළුවන්ට කෝල් කරන්න ඕනෑ නැහැ. සල්ලිත් ඉතුරුයි (නි)
අපේ කට්ටිය නිතරම ආගම සහ යථාර්ථය පටළා ගන්නවා. මේ කියලා තියෙන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන. මේ ආකාරයට කලින් කළ වෙනත් පරීක්ෂණ නිසා තමයි දැන් අපි මේ වෙබ් පිළිතුරු පවා ලියන්නේ. එහෙම නැතුව අපි ඉන්නවා වගේ ඔක්කොම දන්නවා කියලා අනෙක් අයත් නිකන් හිටියොත් අපිට මේ වගේ කයිවාරු ගහන්නවත් අනාගතයේදී මොකුත් නැතිවෙයි (නි)
සමන්ති සමාජය ගැන නිසි අවබෝධයක් නැති කෙනෙක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
සමන්ති මොනවා හරි දෙයක් රටක නිෂ්පාදනය කරන එක සහ "එකලස් "කිරීම දෙකක් .ඔය හදනවා කියන හැමදේකම වගේ තාක්ෂනය පිටරට අමුද්‍රව්‍ය පිටරට .අමුද්‍රව්‍ය නම් නැහැ කියමු .නමුත් මොනදෙකටවත් අවශ්‍ය තාක්ෂනය අපේ රටේ දියුණු කරන්න අපේ පාලකයන්ට උවමනාවක් තිබුනේ නැහැ . ඒ අතින් ඉන්දියාව හරිම වෙනස් .ඔවුන් අද හුඟක් ඉස්සරහින් ඉන්නේ ඒ නිසා .මම හිතන්නේ නැහැ අපි කවදාවත් ඒ තත්වයට එවි කියල මේ විදියට ගියොත් (බ)