කැෆේන් හා සීනි වැඩිවශයෙන් අන්තර්ගත ශක්තිජනක පාන වර්ග මගින් තරුණ දරුවන්ගේ ලේ වල ග්ලූකෝස් හා ඉන්සියුලින් මට්ටම වැඩිවන බව කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කරයි.
නව යෞවනයන් අතර ජනප්‍රිය පාන වර්ග හේතුවෙන් ඇතිවන ගැටළු අතර ලේ වල සීනි මට්ටම වැඩිකරන බවත් ඒ හේතුවෙන් ජීවිතයේ පසු අවධියේ දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවදානම ඉහළ යන බවත් එම පර්යේෂණයෙන් සොයාගෙන ඇත.
මෙවැනි ශක්තිජනක පාන වර්ග පසුගිය වසර 10 තුළ පරිබෝජනය කිරීමේ ප්‍රමාණය අධික ලෙස වැඩිවී ඇතැයිද ඔවුහු කියති.
කුඩා දරුවන්ට භාවිතය නුසුදුසු බවට ඒවායේ අවවාදාත්මක ස්ටිකර් අලවා තිබියදීත් ළමයින්, තරුණ තරුණියන් හා තරුණ වැඩිහිටියන් අතර මේවා අලෙවිවන බව පර්යේෂකයෝ අනාවරණය කරගෙන ඇත.
(ඩේලිමේල් ඇසුරිණි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා කරන ළමයි අධික ලෙස මේවා පානය කරනවා .කාගේ උපදෙස් මතද දන්නේ නැහැ .ඒත් හොඳම උත්තේජක පානය තැඹිලි බව අහල තියෙනවා (බ)
මොනාද ශක්තිජනක පාන කියන්නේ? (ම)
හොඳම ශක්තිජනක පානයක් තමයි පොල් වතුර කියන්නෙ...අපි කාටවත් අගයක් නැහැ....(ම)
හොඳ නැතිනම් තහනම් කරන්න. (ර)
ගිය පෝය දවසේ යක්කල තරුණ ගැටව් තුන් දෙනෙක් උජාරුවට බස් හෝල්ට් එක ළග ඉඳගෙන බොනවා මේවා. අපේ සිංහල කොල්ලන්ගේ ශක්තිය දැන් හීනවෙලා. අනේ ජාතියට යන කල! (නි)
මේක සම්පුර්ණ ඇත්ත කතාවක්. මගේ යාලුවෝ දෙන්නෙක් සිංගප්පුරුවේ හිටියා. එක්කෙනෙක් දිනපතා පිනන කෙනෙක්, අනික් කෙනා ජිම් යන කෙනෙක්. දිනපතාමමේවා බොනවා. අද දියවැඩියා හැදිලා බෙහෙත් බොනවා. (ර)
පරිස්සම්වෙන්න (බ)
හොඳම පානය වතුර බොන්න. ශක්තිජනක ඕන නම් උණු වතුර බොන්න.(කෞ)