ස්පාඤ්ඤයේ කැටලෝනියා පෙදෙසේ ගුහාවකින් සොයා ගනු ලැබූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව අදින් වසර 60,000ට පමණ පෙර විසූ මානවයන් තමන් ජීවත් වූ ගල් ගුහා වඩාත් සංවිධානාත්මකව භාවිතා කැර ඇති බවට සාධක හමුවෙයි.
ගුහාවේ එක් පසෙක ලිප් ඇති බවත් වඩාත් ඇතුලත කොටසේ බෙදා වෙන්කැරගත් ස්ථානයන්හි පවුල් වශයෙන් ඔවුන් ජීවත්ව ඇති බවටත් සාධක හමුවී ඇත.
මෙහි විසූ මානවයන් සමෙන් සාදාගන්නා ලද භාජනවල හෝ ගස් තැටිවල දමා ආහාර පිසින්නට ඇති බව ද විද්‍යාඥයෝ විශ්වාස කරති.
පුරා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ආදි මානවයන් නිදා ගැනීම පිනිස කාමර පාවිච්චි කිරීම පළමු වරට සාක්ෂි සහිතව කැටලෝනියා ගුහාවෙන් හමුවන බවයි.
ගුහාවේදි හමුවු අනෙක් මෙවලම් වලින් පෙනෙන්නේ ආදිතම මානවයන් ගුහාවේ විවිධ කොටස් විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවයි. එනම් මස් කැපීමට, ආයුධ තැනීමට සහ කුණු කසල පිටතට දැමීමට යොදාගෙන තිබු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේත් ස්පාඤ්ඤයට මඤ්ඤෝක්කා යවලා තියෙන්නේ කොම්පඤ්ඤවීදියේ අප්පුසිඤ්ඤෝ. (ම)
මිනිසුන් මොනතරම් බුද්ධිමත් වන්නට ඇද්ද? (නි)
මිනිසා අද තත්ත්වයට පැමිණ ඇත්තේ ඒ බුද්ධි මහිමයේ ප්‍රතිළුලයක් වශයෙනි. මෙය ඉදිරියටම ගමන් කරනු ඇති. එය කිසිම ජගතෙකුට වැළක්විය නොහැකියි. පසුපසට ඇදීමටත් නොහැකියි. විශ්වයේ මුලධර්ම වලට අනුව සියල්ල සිදුවේවි අප කැමති වුණත් නැතත්.(ම)
හොඳ සොයාගැනීමක් (නි)
විද්‍යා විෂය කියා අපිට උගන්වා ඇති බොහෝ දේ වැරදියි කියා දැන්නම් මට හිතෙනවා (නි)
මේ දේවල් වලින් ඔප්පු වෙන්නේ ආදි මිනිසුන් බුද්ධිමත් ජන කොටක් බව නොවේද? (නි)
ඇවිලූ යුධ ගිනි නම් දැන් ලොවපුරා (නි)
පුරාණ ලංකාවේ මීටත් ඉස්සර ළිපගිනි මොළවන්න ඇති (නි)
ධම්ම, ඔයා මෝඩයෙක්ද (බ)
ලිප ගිනි කෙසේ වෙතත් මොනවා හරි පුච්චාගෙන කාලා ඇති (බ)
ඒ කලේනම් මේකාලේ වගේ පාවාදෙන මිනිස්සු ඉන්ඩ නැතුව ඇති නේද ඇයිි දන්නෙ නෑ අපි ඉපෙදෙන්න පරක්කු උනේ නේද? (රේ)
මේ වගේම මීට වසර 3000 කට පෙර අප රට රජකළ වීරවිකුම්පේ රාවණා නිරිඳුන්ගේ සහ බුදුරදුන් ලක්දිවට තෙවරක්ම වැඩමකළ බවය සනාථ කළ හැකි පුරවිද්‍යා සාධක සෙවීමට උනන්දු වියයුතුය (නි)