උතුරු මැද හා දකුණු පළාත්වල ව්‍යාප්තවී ඇති වැලි මැස්සාගේ හානිය සෙසු පළාත් කරාත් ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පරපෝෂවේදය පිළිබද අංශ ප්‍රධානී ආචාර්ය ඩබ්ලියු.ඩී.එස්.ජේ.වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
වර්ෂ 1992දී මුලින්ම මෙරට වාර්තාවී ඇති පරපෝෂිතයෙකු මගින් ව්‍යාප්තවන මෙම රෝගය මේ වන විට අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, මාතර වැනි දිස්ත්‍රිකවල බහුලව ව්‍යාප්තවී ඇති බවත් එම රෝගය මේ වන විට සෙසු පළාත් කරා සීඝ්රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ඒ මහතා සදහන් කළේය
මදුරුවාට වඩා තරමක් කුඩා මැස්සෙකු වන වැලි මැස්සා මගින් මෙම චර්ම රෝගය ඇතිවෙන වන බවත් මදුරුවා මෙන්ම මෙම මැස්සා රුධිරය උරා බොන සත්වයකු යැයි කී මහාචාර්යවරයා මෙසේ පැවසීය.
“උතුරු මැද හා දකුණුපළාත්වල මුල් සමයේ දැකිය හැකි වූ රෝග වාහකය මේ වන විට සෙසු පළාත් කරා ව්‍යාප්තවීමේ අවදානමක් තිබෙන අතර මෙම කෘමියා මගින් ඇතිවන්නේ සුව කිරීමට තරමක් අපහසු චර්ම රෝගයක්.මෙම සත්වයා මෙරටදී චර්ම රෝගයක් සිදු කළත් ඉන්දියාව, පකිස්තානය හා බංගලාදේශය වැනි රටවලට ඇතිවන්නේ ඊට වඩා තරමක් වෙනස් වූ හානියක්. එම රටවල මිනිස් ශරීර අභ්‍යන්තරයට හානි සිදුවීම නිසා පුද්ගල මරණ රැසක් වාර්තාවී තිබෙනවා“
“ශ්‍රී ලංකාවේත් එවැනි ආසන්න තත්ත්වයන් හතක් වාර්තා වී ඇති අතර ඉන් කිහිපදෙනෙකු මරණයට පත්වුණා.ඒ නිසා වැලි මැස්සාගේ හානිය පිළිබද යම් හෝ අවධානයක් යොමු කිරීම වැදගත්වන අතර ඩෙංගු මදුරුවා පාලනය කිරීමට නම් ඔවුන් බිහිවන ජලය කෙරෙහි පහසුවෙන් අවධානය යොමු කළ හැකියි. නමුත් වැලි මැස්සාගේ උපත සිදුවන්නේ කටු පදුරු හා යම් තෙතමනයක් තිබෙන ස්ථානවලදී.හුඹස් වලට පවා මෙම සත්වයා බිත්තර දමා උපත ලබන අවස්ථා තිබෙනවා. මේ නිසා වැලි මැස්සාගේ උපත ලබන ස්ථාන විනාශ කිරීම දැඩි අසීරු කාර්යයක්“
“මිනිස් ශරීරය නිරාවරණය වී ඇති ස්ථාන වැලි මැස්සාගේ හානියට ලක්විය හැකිය. මුහුණ, දෙපා, දෑත් වැනි ස්ථානවල වැඩි වශයෙන් මෙම සත්වයා හානි කරනු දැකිය හැකියි.කුඩා ළමයින්ට පවා හානි සිදුකළ අවස්ථා දැකිය හැකියි.“
“මේ රෝගය ආසාදනය වූ 2500ක පමණ පිරිසක් මේ වන විට හදුනාගෙන තිබෙන අතර තවත් විශාල පිරිසක් හදුනානොගත් රෝගීන් ලෙස සිටිනු ඇතැයි අප අනුමාන කරනවා.උතුරු මැද හා දකුණු ප්‍රදේශවල ගොවියන්, පාසල් දරුවන් හා සොල්දාදුවන් වැඩි වශයෙන් මේ රෝගයට පාත්රවී ඇත.මෙම සත්වයාගේ හානියෙන් මිදිම සදහා ශරීරය හැකි තරම් ආවරණය කර ගත යුතු අතර රාත්‍රි නින්දේදී මදුරු දැල් භාවිත කිරීම වඩා වැදගත්“




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සතා පාර්ලිමේන්තුව පැත්තේ එහෙම ගැවසෙන්නේ නැතුව ඇති නේද? (නි)
අනේ මන්දා මේ රටට හරි අපලයි (නි)
ගං ඉවුරු ටික කොන්ක්‍රීට් වලින් වහමුද. එහෙම විසඳුම්නේ මෙහෙ තියෙන්නේ. (නි)
අපිට එච්චරයි අඩුවෙලා තිබුනේ. දැන් එ්කත් හරි (නි)
අලි මදිවට හරක්.(ම)
මොනවද බලන් ඉන්නේ තවත්? මැස්ස වහන වහන තැන්වල අයට දඩ ගහන්න? එතකොට මැස්ස ඉබේම නැතිවෙලා යනවා. (ර)
දැන් උන් ඉන්නේ හම්බන්තොටලු (නි)
එට්කා ආවහම මීටවඩා ගොඩක් ලොකු වැලිමැස්සෝ බෝවෙයි.
දැන්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් හෙව්වොත් නරකද?(හේ)
මෙය දරුණු රෝගී තත්වයක්. සියලුදෙනා දැනුවත්වීම ඉතා වැදගත්.
මේක බොහොම බරපතල ප්‍රශ්නයක් (නි)
අවුරුදු පහළොවකට කලින් මගේ කකුල සපා කෑ වැලි මස්සෙකුගේ විස තාම වරින්වර මතුවෙනවා. හරිම භයානක සතෙක්..... (නි)
වැලි මැස්සා දශ්ට කරන හැමෝටම අමාරු වෙනවද හොද කරන්න බැරිද