ලෝකය පුරා කරන ලද නැවත වන වගා ව්‍යාපෘති බොහොමයකින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැති බවත් ඒ වෙනුවට සිදුව ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ක්‍රියාවලියට උත්තේජයක් සැපයීම බවත් යුරෝපයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වාදෙන්නේ පළල් පත්‍ර සහිත ශාක ස්ථර තිබූ තැන්වල ඒවා වවනු වෙනුවට කේතුදර ශාක වැවීමෙන් මෙවැනි හානියක් සිදුව ඇති බවයි. එම වනවගා හේතුවෙන් කාලගුණය දැඩි පරිවර්ථනයකට භාජනය වී ඇති බව ද පර්යේෂකයෝ කියති.
යුරෝපීය නැවත වන වගා ව්‍යාපෘති හේතුවෙන් එම වනාන්තරවල උඩුවියන් ස්ථරය 1750 සිට 1850 දක්වා ගතවූ සියවසේ දී තුනී වී ගොස් තිබිණි. මෙසේ නැවත වගා කළ වනාන්තර මිනිස් පාලනය යටතේ පවතින බැවින් ඒවායෙන් අපේක්ෂිත ප්‍රථිඵල නොලැබෙන බවද ඔවුන් පවසති.
මේ පර්යේෂකයෝ අවුරුදු 250ක් පුරා නැවත වන වගා කිරිමේ ඉතිහාසය අධ්‍යයනය කරමින් වනවගා සමග පාරිසරික සාධක වෙනස් වීම පිළිබඳ දීර්ඝ වශයෙන් නිරික්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.
මේ පරීක්ෂණය සිදුකර ඇත්තේ ප්‍රංශයේ දේශගුණික විද්‍යා හා පාරිසරික පර්යේෂණ ආයතනය විසිනි. ඔවුන් පෙන්වා දෙන්නේ කේතුදර වනාන්තරවල දැකිය හැකි තද අඳුරු පැහැය මගින් සූර්ය රශ්මිය වැඩිපුර උරාගන්නා බවයි. එසේම ඒවා කාබන් උරා ගැනීම සිදු කරන්න්‍ෙ අඩුවෙන් බවද ඔවුන් පවසති.
පර්යේෂකයන් පවසන්නේ ලෝකයේ වන වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවයි. කේතුධර වනාන්තර වගා කිරීම පහසු හා ප්‍රයෝජනවත් වුව ද පළල් පත්‍ර සහිත ශාක වගාවෙන් ලෝකයට යහපතක් වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වටිනා විද්‍යාත්මක සොයාගැනීම් පළ කිරීම පිළිබඳ ස්තූතියි. (බ)
මේ ගොල්ලෝ අද එකක් කියනවා, හෙට තවෙකක් කියනවා. විද්‍යාඥයෝ කිසිවක් නොසොයා සිටීම වඩා හොඳයි (නි)
ස්වාභායේ ස්වභාවය පළමුවෙන්ම අධ්‍යනය කල යුතුයි (රේ)
ස්වභාවධර්මය කියන්නේ එකින් එකට බද්ධ වූ සංකීර්ණ ක්‍රියාවලි ගොඩක්. එය හරියට තේරුම් ගන්නතුරු පරිසරයට කරන මිනිස් බලපෑම් අඩුවෙන්ම කරන එක තමා හොඳ. නිසි අධ්‍යනයන් කරමින් හෙමින් කරන වෙනස්කම් කළයුතුයි. මොකද මිනිහා කියන්නෙත් ජීවියෙක්නේ (නි)
විද්‍යාවේ දුයුණුව කියල හිතං ඉන්නේ ලොකු මායාවකට ඒ තුලින් වෙන්නේ මිනිසා ක්‍රමයෙන් විනාසයට යොමු වීම. බලශක්තිය මත ගොඩ නැගුනු අද අපි කියන විද්‍යාව ලෝකය විනාසය ඉකමනට අපිව කැදවා ගෙන යනවා අද්යාත්මික ගුණවගාවෙන් පිරිහිණු මිනිසා තම පරිසරයත් තමාටත් කෙලෙහෙගුණ නොදක්වයි බෞද්ද දර්ශනය තුල මානව ඒ බව පිලිබිගු වෙනවා. (කෞ)
හැමවිටම ඒ ඒ පෙදෙසවල අාවේනිකපාරම්පරිකව ගස් වැව්වීම ඇතිකළ හොත් මේ ප්රශ්නය බරපතල වන්නේ නැහැ. උදාහරනයක් වසයෙන් පයින්, ගම් වැනි ගස් ලංකාවට උචිත නැහැ (අ)
සිල්වා මහත්මා ගෙනහැර දක්වන මේ වටිනා කියන අදහසට මම ගරුකරමි. (නි)
අනේමන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
අනේ ගුණසිරි වගේ කෙනෙක්? (නි)
තිලංක, ඔයාට තවම තේරෙන්නේ නැහැ ලෝකේ මොකද වෙන්නේ කියලා. විද්‍යාවේ දියුණුව කියලා හිතනවා නම් ඇයි ලෝකේ ඔක්සිජන් අඩුවෙන්නේ? අපේ අඩුවයසෙන් මැරෙන්නේ ඇයි? පිළිකා හැදෙන්නේ ඇයි? අපි මවාගෙන ඉන්නේ බොරු කෘතීම ලෝකයක් (නි)
මට මතක හැටියට මීට අවුරුදු 50 කට විතර ඉස්සර ලංකාවේ වියතුන් ඔයගැන කිවුවා. එ්ත් පිටරටින් එන හැමදෙයක්ම දෙකට නැමිලා දෝතින් ගන්න එකේ විපාක ලංකාවටත් දැන් ලැබිල . හොදම උදාහරණය දැන් එදා තෙල්දෙණිය තිබුන පැත්තට ගිහින් බලන්න . මම නම් තෙල්දෙණියේ කෙනෙක් නොවෙයි. (බ)
රන්ජිත්,මේවා මිනිසුන්ට කියලා වැඩක් නැහැ. මිනිස්සු ඉන්නේ අඩු උසක. තේරෙන අපිමයි අසරණ (නි)
මෙය කාලයක් තිස්සේ පරිසරවේදීන් පෙන්වාදුන් දෙයක් (නි)