ලොව ප්රථම රොබෝ ගොවිපල 2017 වර්ෂයේ දී විවෘත කරන බව ජපාන බලධාරීහු පවසති. දැනට සලාද කොළ වගා කරමින් අත්හදා බැලීමේ තත්ත්වයේ පවතින මේ ගොවිපොළ ඉතා සාර්ථක බව පර්යේෂකයන්ගේ අදහසයි.
කෘත්රිම ආලෝක තත්ත්ව යටතේ පවත්වාගෙන යන එළවළු කම්හලක් වැනි මේ වගා බිම සම්පූර්ණයෙන් ම පාලනය කරන්නේ රොබෝ යන්ත්ර මගිනි. මිනිසුන් එහි නැත. ශාක රැක බලා ගැනීම, පරිසර තත්ත්ව නිර්මාණය කිරීම, රෝග හඳුනාගැනීම හා ඒවා පාලනය සිදුකරන්නේ ද රොබෝවරු විසිනි.
වසරකට සලාද පඳුරු කෝටියක් මෙම ගොවිපළේ රොබෝ ගොවියෝ නිපදවති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරැකියාවට හොඳම විසදුම. ගොවියන් ලක්ෂ ගණනකට බඩේ පාර. (නි)
රොබෝලා හැදුවා කියලා විරැකියාව ඇතිවෙන්නේ නැහැ. තව රැකියා බිහිවෙන එකයි වෙන්නේ (නි)
ගොවියන්ට පුළුවන් දැන් ඉංජිනේරුවෝ වෙන්න. එහෙම නැත්තම් කරමාන්තශාලා හිමියෙක් වෙන්න. නැත්තන් රොබෝකෙනෙක් අරගෙන කුලියට දාන්න පුළුවන් ගොවිපොළකට. කොහොමත් ඕවා ඉතින් ලංකාවට එන්න තව අවුරුදු 100ක්වත් යයි. 100කින්වත් ලංකාවේ ඔහොම දෙයක් කළොත් ලොකු දෙයක්. (නි)
එතකොට ඔයාලා කියන්නේ සියදෙනකුගේ වැඩ තනියම කරන රොබෝවක් ගෙනාවම එය මෙහෙයවන්න අයෙක් මැජික් බලන්න තව එකසීය දහයක් වශයෙන් අලුතෙන් රැකියා එකොලහක් ඇතිවෙනවද නැතිනම් මෙහෙයවන්නා සහ අලුත්වැඩියා කරන්නා වශයෙන් රැකියා අනූ අටක් නැති වෙනවද.? (ර)
මිචෙල්, මොනවද ඔයා දන්නේ රොබෝලා සහ මිනිස් ශ්රමය සංසන්දනය ගැන? ටිකක් ප්රයෝගිකව හිතන්න. රොබෝලා අවැසි තැන් නැතුව නොවේ. ඒත් හැම දේටම රොබෝලා දාගත්තම දිනෙන් දින වැඩිවන මිනිස් සංහතියට යන කල මොකක්ද. (ර)
මොනවා නැතත් අවංකව සේවය කරයි, වෘත්තිය සමිති හෝදගෙනම යනවා. (ර)
අපේ ලංකා දේශපාලඥයින් වෙනුවට රොබෝලා යොදාගැනීමට හැකි නම් ලංකාව 10 ගුණයක වේගයකින් සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත (නි)
සහතික ඇත්ත ප්රනාන්දු. (නි)
ප්රනාන්දු මල්ලි, හොඳ අදහසක් කියලා තියෙනවා. රොබෝලා අල්ලස් ගන්නේ නැහැ. මිනිසුන්ගේ මුදල් කොල්ලකන්නේ නැහැ. ස්ත්රී දුෂණ වලට හවුල්වන්නේ නැහැ.දේශපාලුවන් නිතරම කරන මේ වැඩ, කිසිදිනෙක නොකරන රෝබෝවා රට පාලනය කළොත් රටේ සංවර්ධනය 100 ගුණයකින් ඉහළයාවි.නමුත් දවසක තමන්ව අලුත්වැඩියා කරගන්න තත්වයකට රෝබෝවා පැමිණි පසු රොබෝවරුන් නිෂ්පාදනයේදී අප පිළිපැදිය යුතු සම්මත නීති 4 අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුවෙනවා.එහෙම නොවුණොත් අප රොබෝවාගේ සේවකයෙක් වෙනවා. (නි)
නිකන් පොළොවෙන් හම්බ වෙන එක කන්න රොබෝලා මොකටද? මිනිසුන්ට අවබෝදය නැති නිසා අවුලෙන් අවුලට පත් වෙනවා, පරිසරය තවත් විනාස කරගන්නවා, අන්තිමට එකම තැන කැරකිලා අනාගෙන තියේවි. සැබෑ දියුණුව කියන්නේ මොකක්ද කියල හිතන්න කාලේ ඇවිත්. (රේ)
මේ රෝබෝලව බැරිද මන්ත්රීලා,ඇමතිලා, අගමැතිලා,ජනාධිපතිලා විදිහට යොදවන්න? එතකොට අපිට පොරොන්දුවෙන ඉල්ලීම් ටික නිවැරදිව ලබාගන්න පුළුවන් වේවි (නි)
මේ රොබෝ පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ අඟහරු ලෝකෙට යවන්න නේද? (නි)
දස්තකිර්, මේ රොබෝ පද්ධතිය නිර්මාණය කරලා තිබෙන්නේ ලංකාවේ දියවන්නාවට එවන්න අත්හදා බැලීමක් සඳහාද දන්නෙ නැහැ (නි)
කොහොම උනත් වැඩේ හොදයි. මෙයාලා අගහරු වෙත යවල අපිට එහෙ තියෙන සම්පත් උනත් ප්රයෝජනෙට ගන්න පුළුවන්නේ. මේ ක්රියාවලිය මෙහෙ අයට කරදරයක් නොවෙන්නයි ඔ්නේ (රේ)