ප්රංශය පුරා කෞතුකාගාර දහස් ගනනකි. ඒ අතරින් කිහිපයක් ප්රංශයේ සිටි රජවරුන්ගේ ජීවන චරිතය දැක බලා ගැනීමට වෙන් කර ඇති අතර විශාල ජනතාවක් වසර මුළුල්ලේ ඒවාට පැමිණෙති. ඒ අතරින් 16 වන ලූවී රජුගේ වර්සයිල් මාලිගාව, පොන්තැම්බ්ලූ මාලිගාව, නැපෝලියන් බොනපාට් කෞතුකාගාරය, ප්රධාන තැනක් ගනී.
14 වැනි හා 16 වැනි ලූවී රජු, පළමු ප්රන්ශුවා රජු, සෙන්ට් ලූවී රජු ආදීන් පරිහරණය කළ, සුඛවිහරණය කළ බොහෝ බඩු භාණ්ඩ වලින් ඉහත කෞතුකාගාර පුරවා ඇත්තේය. එප්රංශ රජවරුන් නිදා ගැනීමට භාවිතා කළ සියලූම ඇඳන් දිගින් අඩුය. වර්තමානයේ භාවිතායට ගන්නා සාමන්ය ඇඳකට සාපේක්ෂකව තරමක් කුඩාය. එසේ වුවද 16 වැනි ලූවී රජු උසින් මීටර් 1.93 කි. පළමු ප්රංශුවා රජු උසින් මීටර් 2 කි. එසේ නමුදු ඔවුන්ගේ නිදියහන කුඩාය. එයට හේතුව කිම?
ඔවුන්ගේ පාලන කාලය පැවැති ශත වර්ෂවල දී රජතුමා දිගා වී නිදා නොගනී. දිගා වී නිඳා ගැනීම මළ සිරුරකට සමාන කිරීමට එකල ඔවුන් පුරුදු වී සිටි බව කියති. මරණයෙන් පසු මළ සිරුරේ ඉරියව්ව අසුබ ලක්ෂණ ලෙස පිළිගැනීමක් එකල රජ පරම්පරාව අතර පැවැතී ඇත්තේය. එසේ හෙයින් තරමක් වකුටු වී බෙල්ලට කොට්ටයක් තබා නිදා ගැනීම රජ පරම්පරාවේ සිරිතවී ඇත්තේය. එම නිසා රජ වරුන් සඳහා නිමකළ නිදියහන් තරමක් කුඩාවට නිම කර ඇත්තේය.
එනමුදු 1789 ප්රංශ විප්ලව කාලයෙන් පසු එම පිළිගැනීම් හා ක්රමවේද සම්පූර්ණයෙන්ම වෙනස් වී නවීකරණය වී ඇති අතර වර්තමානයේ මළ සිරුරක් මෙන් නිදා ගැනීම පුරුද්දක් වී ඇත්තේය. අද එම ඉරියව්වන් අසුබ දෙයක් ලෙස නොසලකයි. කවදා හෝ අවසන් ගමන් යන්නේ එම ඉරියව්වෙන් බැවින්; දැන් සිටම ඒ සඳහා පුරුදු පුහුණු වන බවද සමහරු සමච්චලයට පවසති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මොවුන් ගැන එෆ්සීඅයිඩී/ සීඅයිඩී පරීක්ෂණ කළයුතු නොවේද?
මේ 16 වෙනි ලුවී රජ්ජුරුවන්ගේ නෝනා නේද පන් නැත්නම් කේක් කාපල්ලා කිව්වේ . (අ)
රත්තරන් ගෑවොත් මට හිරිකිතයි වගේ. (අ)
ලංකාවෙත් නියම රජවරුන්ට වැඩිය තාවකාලිකව පහලවුන රජු හැම දේටම ශාස්ත්ර වේදියෙක් තියාගෙන තමයි වැඩ කෙරුවේ. එයත් දැන් ඒවා. පිළිගන්නේ නැහැ කියනවා නමුත් පුරුද්ද. අත අරින්නත් අමරුලු (අ)
අපේ රටේ හිටියා වශී බෝල අතේ තියාගෙන ඉන්න රජවරුත්. ඇයි මතක නැද්ද? එහෙම රජ කෙනෙක් සිරි ලංකාවේ හිටියේ (නි)
මහේෂ් පිරිස්, අයියෝ ඕක මොකද්ද? ඊටවැඩිය දේවල් වෙන්නේ දැන්! (නි)
හොඳ ලිපියක් (නි)
ඇත්ත තමයි පැරිසියේ මහේෂ් පීරිස් කියලා තියෙන්නේ (නි)
පහන්, ඇයි අපේ රජ කෙනෙක් වතුර ඉල්ලනකොට වෙඩි උණ්ඩ දුන්නේ (නි)
කොහොම වකුටු වී නිදා ගත්තද දන්නේ නෑ කට්ටිය.(හේ)
ඇයි අපේ එක්කෙනා පොළොව යටත් නිදා ගන්න කාමර හදලා තිබුනේ .(හේ)
ලක්ෂ්මන් නිකම් මෝඩ කතා කියන්න එපා. එෆ්සීඅයිඩී/ සීඅයිඩී පරීක්ෂණ කරන්නේ අසරණ මිනිස්සු වහල්ලු කරගෙන රටේම දනස්කන්දය තමන්ගේ හත්මුතු පරම්පරාවම නිවන් දක්වන්න ගිය පට්ට හොරු ගැනයි.(හේ)
ගොඩක් වටිනා ලිපියක්.ලංකාදීපයටත් ගොඩක් ස්තුතියි .(හේ)
තිලක්ගේ කියමන හරියට හරි (නි)
වැදගත් යමක් දැනගත්තා .එයට සුනිල්ටත් ලංකාදිපයටත් බොහෝම ස්තුතියි . (අ)
ලක්ෂ්මන්ගේ කතාවට මට හරි හිනා (නි)