වානරයන්ගේ අනතුරු ඇඟවීමේ සන්නිවේදන සංඥා ක්‍රම ඉලෙක්ට්‍රෝනික තරංග බවට පත්කර වඳුරන් එළැවීමේ නවතම උපකරණයක් හඳුන්වාදීමට කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු උපාධිධාරී රඛිත බි්රටෝ සමත්විය.
වඳුරන්ගෙන් මිනිසාට සිදුවන අසීමිත කරදරවලට විසඳුමක් වශයෙන් කාලයක සිට වානරයන්ගේ සන්නිවේදන සංඥා ක්‍රම රඛිත අධ්‍යයනය කරන්නට විය. වඳුරන්ට කැටපෝල විදීම, රතිඤ්ඤා පත්තු කිරීම, වෙඩි තැබීම වැනි හිංසාකාරී ක්‍රියා සිදුනොකර තමන්ගේ දේපොළ ආරක්ෂා කරගැනීමට මෙම උපකරණයෙන් හැකියාව ලැබේ.
දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින රඛිත අපට අදහස් දැක්වූ අයුරුයි මේ.
“මෙම නිර්මාණය කරන්න පෙළඹුනේ මගේ මිතුරකුගේ ඉල්ලීමකට අනුවයි. අපි දන්නවා වඳුරන්ගෙන් නොයෙකුත් කරදර සිදුවෙනවා. වඳුරු කරදර නිසා දේපළවලට අලාභ හානි මෙන්ම වගාවන්ද විනාශ කරනවා. මේ සියල්ලටම හිංසාකාරී නොවන විසඳුමක් ගේන්න ඕනෑ කියා මා සිතුවා. ඒ අනුව හොඳම ක්‍රමය ලෙස වඳුරන්ගේ සන්නිවේදන සංඥා මා අධ්‍යයනය කළා. එහිදී ඔවුන් අනතුරු ඇඟවීමේ ක්‍රම සම්බන්ධ කරුණු රැුසක් සොයාගැනීමට හැකිවුණා. වඳුරන් බොහෝ විට අනතුරු ඇඟීවීමට වචන 8 පමණ භාවිත කරනවා. බූම්, බූම් බූම්, ක්‍රැක්, ක්‍රැක් ම්.., හූක්.. ඇතුළුව තවත් සංඥා ක්‍රම ඔවුන් භාවිත කරනවා. ඒවායේ තේරුම වන්නේ “ගස් අතු කඩාගෙන වැටෙනවා අයින් වෙන්න, මා ගාවට එන්න, ළඟ කොටියෙක් අයින් වෙන්න, ලොකු උකුස්සෙක් උඩ ඉන්නවා, ඉහළට යන්න, වඳුරන් කණ්ඩායමක් ඉන්නවා“ වැනි සන්නිවේදන ක්‍රමයි.
මෙවැනි ඉලෙක්ට්‍රෝනික තරංග යැවීමෙන් රැලෙහි නායකයා ඒ බව අනෙක් වඳුරන්ටද ඒත්තු ගන්වා රැඳී සිටීමට නුසුදුසු ස්ථානයක් බවට සංඥා කිරීමෙන් වඳුරු රැලම එම ස්ථානයෙන් පළවා හැරිය හැකි වෙනවා. ඒ අනුව මිනිසාට කිසිඳු කරදරයක් නොවන අයුරින් මා උපකරණයක් නිපදවූවා. එම උපකරණය 13 කිලෝ හර්ට්ස් 2 සහ 19 කිලෝ හර්ට්ස් 2 අතර දුර ප්‍රමාණයක් මෙම තරංග ජනනය කරනවා. එමගින් පහසුවෙන් වඳුරන් පළවා හරින්න පුළුවන්. මෙම උපකරණයට දිවා රාත්‍රී කාලය හඳුනාගැනීම හැකියාව තිබෙන බැවින් මෙය රාත්‍රී කාලයේදී ක්‍රියාත්මකවීමක් සිදුවන්නේ නෑ.
මෙය ඉතා සැහැල්ලූ උපකරණයක්. කුඩා බැටරි කැබැලි 4 කින් සහ වෝල්ට් 9 ක බැටරියකින් ක්‍රියාත්මක වන නිසා ඕනෑම තැනක තබා භාවිත කරන්නත් පුළුවන්. වඳුරු කරදරයට මෙය ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් වනවාට නොඅනුමානයි.”





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙත් කරුණා ගුණය ගැන අදහන ඇත්තෝ ......සටන් වදිති පරපණ නසමින් සත්තෝ .... මේ වැනි ලක් පුතුන් ලෝකෙට බර නැත්තෝ...... (ම)
මේ අදහස් සියල්ලම මෙම උපකරණය සැකසු කෙනාට ස්තුති කරලා දාපු ඒවා. නමුත් මේ බෞද්ධ රටේ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින ඒකදේශීය කළු වඳුරාට ආහාර නැතිකර එළවා වෙසක් පොසොන් දෙකටම දන්සල් දීම මහා විහිළුසහගත ක්‍රියාවක් නොවේද? මේ සතාට කඩේකට ගොස් ආහාර මිලට ගතහැකිද? (නි)
මෙන්න වැඩ ජයෙන් ජය. රජය මෙවන් අයට උදව් කල යුතු වෙනවා. ලොකු වියදමක් නැතුව අලුත් වැඩක් කරලා අලි එලවන්න බැරි වෙන එකක් නෑ. (ර)
විශිෂ්ටයි, අලින් එළවිමටත් ක්‍රමයක් සොයාගතහොත් අසරණ මිනිසුන්ට සේවයක් වනවා නිසැකය. ජයෙන් ජය පතමු (නි)
මෙය අගනා නිපැයුමක්, ඔබතුමා හමුවන්න ඕනේ ඉක්මනට දුරකථන අංකය විද්‍යුත් තැපැල් ලිපිනය දන්වන්න (ම)
මට සැකයි ටික දවසකින් වඳුරු නායකයා රැලට මැසේජ් එකක් යවයිද කියලා "කලබල වෙන්න එපා, මේ අර සන්නිවේදන උපකරණයෙන් එන තරංගයක්" කියලා. උණුසුම් සුබ පැතුම්! (නි)
ලබාගත හැකි ස්ථානයක් සහ මිල ගැන සඳහන් කරන්න. විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකතන අංකයද සඳහන් කරන්න (නි)
ගොවිතැන් වලට හා ගෙවත්තේ බෝග වලට සතුන්ගෙන් හානි වීම අවිවාදයෙන් පිළිගනිමි නමුත් සතුන් පරිසරයේ ඇති දේ ආහාරයට නොගෙන මොනවා කන්නද අපි ඔවුන්ගේ ගූමිය විශාල ලෙස ආක්‍රමණය කර ඇත මෙම නිර්මාණය අගය කළ යුතුය නමුත් භාවිතා නොකළ යුතුයි. (බ)
මේ නිපැයුමට ප්‍රථමයෙන් අපගේ ප්‍රණාමය. දෙවනුව අපගේ ඉල්ලීම දියවන්නා පැත්තේ සිට මුළු රටේම ජනතාවගේ දේවල් පැහැරගෙන යන උදුරා ගෙන කන වඳුරන් පලවා හරින විද්‍යුත් ක්‍රමයකුත් නිපදෙව්වා නම් ඔබත් දිනෙක රජෙකි පුතුනේ! (බ)
අලි ඇතුන්ගේ සන්නිවේදන ක්‍රම මගින් මෙවැනිම උපකරණයක් නිපදවීමට මම උත්සාහ කලා . නමුත් ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම ගැන ක්‍රමවත් පර්යේෂණ සිදුවී නොමැති නිසා,එය අත්හැර දැමීමට සිදුවුණා. (ම)
විශිෂ්ට සොයාගැනීම වෙනුවෙන් සුබ පැතුම්! මදුරු ප්‍රශ්නයටත් මෙවැනි ක්‍රමයක් සොයාගැනීමට හැකිවේවායි පතමි. තෙරුවන් සරණයි! (නි)
මෙය ඉතා හොඳ නිර්මාණයක් විය හැකි. නමුත් මෙයින් ඇත්තටම සිදුවන්නේ සතුන් රැවටීමක් නොවේද? මෙලොව ජීවත් විය යුත්තේ මිනිසා පමණක් නොවන බවත් සතුන්ද පරිසර පද්ධති වලම කොටසක් බවත් කියනු කැමැත්තෙමි. මෙය ධර්මයට හා සොබාදහමට පටහැනි ක්‍රියාවක් වශයෙන්ද දකිමි. (ම)
වටිනා ප්‍රායෝගික නිර්මාණයක්. සුභ පැතුම්! (ම)
අශික මම හිතනවා ඔබ කිවූ දේ නිවැරදී කියල මොකද අපේ ලංකාවේ කිසිම දෙයක ප්‍රමිතියක්,,බලන්නේ නෑ නේ , ඕනෑම අසුචි ගොඩක් හොයන්නේ බලන්නේ නැතුව මිනිස්සුන්ට දෙනවා, එ්කනේ වකුගඩු වලටත් වුනේ (බ)
අන්න හොද වැඩක්.(ෆහ්)
ලබාගත හැකි ස්ථානයක් සහ මිල ගැනත් සඳහන් කරන්න. (නි)
මා ජීවත්වන දකුණු ඕස්ට්‍රේලියාවේ නම් කැන්ගරුවන් සඳහා මෙය සොයාගත්තේ දශකයකටත් පෙරයි. නමුත් එය දියුණු රටවල තහනම් කළේ මෙහි අධික තරංග තදින්ම මිනිස් මොළය හා හෘදය ස්පන්දනයට බලපෑ නිසයි. (නි)
මෙම නිර්මාණය ලංකාවේ ගොවි ජනතාවට බොහෝ වැදගත් වේවි (නි)
අපිටත් මිලදී ගන්න පුළුවන්ද? (නි)
රටට දැයට හිතැති මෙවැනි පුතුන් වාසනාවන්. (නි)
ගන්නත් නැත්නම් හදනහැටි කියන්නෙත් නැත්නම් මේකෙන් ඇති වැඩේ මොකක්ද.? (ර)
නියමයි නියමයි. ජයවේවා!
මෙය රට පුරා පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ඉතා හොඳ ආරංචියක් වේවි. ඉදිරියටම යන්න (නි)
ප්‍රාදේශීය සභාකාරයන්වත් එලවන්න හෝ භංග කරන්න මොකක් හරි ජිල්මාර්ට් එකක් හොයාගන්න මහත්තයෝ, උන්ගෙන් මේ රටට වෙන විනාශය ඔය සතුන්ගෙන් වෙන්න නැහැ! (බ)
වවුලන් සදහා බාවිතා කරන්න පුළුවන් ද.? (ර)
අපි මේක පාර්ලිමේන්තුවේත් සවි කරමු. එතකොට ඒක ඇතුලේ රිලා නැටුම් නටන අය එළවන්න පුළුවන් වෙයි. (නි)
උණුසුම් සුබ පැතුම්, ඔබට මෙවැනි නව නිපයීම් වැඩි වැඩිය නිපදවීමට ශක්තිය ධෛර්යය ලැබේවා, අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී....!!! (බ)
ඉතා වටිනා නිර්මාණයක්. සුබ පැතුම්! ඔබට පින්! නමුත් අවාසනාව අපි දරුවන් හොයාගන්නා නව නිර්මාණ කොතෙක් වටිනවා වුණත් රජයේ සැළකිල්ලක් නැතිවීම. ඕක ඉන්දියාවේ තිබ්බා නම් මෙලහකට ගෙනල්ලා. කොමිස් එක එනවනේ (නි)
වදුරන්ගෙන් පැවතෙන සමහර මිනිස්සු මේ උපකරණයට සංවේදීව මොන නාඩගමක් කරාවිද දන්නේ නැහැ (නි)
මොහුගේ දුරකථන අංකයක් ලබාදෙන්න (නි)
මේක අලින් සඳහා භාවිත කරන්න බැරිද ? (ම)
සත්‍යයා, මසුරන් වටින කියමනක්. (ර)
කොහේ එළවන්නද මේ රට කන වඳුරෝ නම්. ඔවුන්ට අවශ්‍ය කෑම, බලය දෙන්නේ ඔයාලමනේ (නි)
අරුණ, ඔයා එතකොට බත්, එළවලු කන්නේ නැද්ද? ඒ හැම එකටම කෘමිනාශක ගහනවා. එ්කෙන් එ්කදේශීය කෘමින්, මත්ස්‍යයින් ලක්ෂ ගානක් මැරෙනවා. ඇරත් වඳුරෝ ගම් වලට එන්නේ කැලේ අාහාර නැතුව නොවෙයි. (නි)
ඕක ඉට්කා වලටත් වැඩ කරන්න පුලුවන් විදිහට හදන්න පුලුවන් නම්.... (නි)
ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕනෑද?? එක වඳුරෙක් අල්ලලා ඌව පුහුණු කළා නම් හරිනේ. ඌ ලවා මෙහෙම කියෙව්වා නම් හරි. (එන්න එපා කන්නයි වෙන්නේ වගේ වචන ) (නි)
මේ රට කන හැලි වඳුරෝ කවදාවත්ම එලවන්න බැරිවේවී මොන උපකරණය තිබුනත්..(බ)
බොහෝම හොඳ නිර්මාණයක් වගෙයි. හැකි ඉක්මනින් මෙය ජනතාව අතරට ලැබෙන්න සළස්වන්න. ඔබගේ උසස් නිර්මාණයට මගේ සුබ පැතුම්! (නි)
අපේ ආයතනයේ තියෙනවා පරෙවි කරදරයක්. මේ සඳහා කවුරුහරි විසඳුමක් කියන්න පුලුවන්ද..? උපකරණයක් මිලදී ගැනීමක්, ගෙවීමක් කරන්න පුළුවන් (නි)
ඉතාමත් වටිනා වැඩක් මේ නිසා වඳුරන්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න පුළුවන් (බ)
අනේ මොනතරම් දක්ෂයෙක්ද? සුබ පැතුම්! (නි)
මේ ගැජට් එක කොහෙද ගන්න තියෙන්නේ? (නි)
ඔබ වැනි දරුවන් රටටම ආඩම්බරයක් (නි)
වටිනා ප්‍රායෝගික නිර්මාණයක්. සුභ පැතුම්! (නි)
සාර්ථක උත්සාහයක් නම් සම්මාන ලබාදිය යුතුය. ඉවසිය නොහැකි කරදරයක් වුණත් සතුන්ටත් ජීවත්වීමේ අයිතිය පිළිගැනීමට සිදුවේ. මෙම උපකරණය අත්හදා බැලීමට ඉක්මනින්ම ලබාගත හැකි මඟක් අප වෙත ලබාදෙන්න. මුවන් සහ වල් ඌරන් සඳහාද මෙවැනි ක්‍රමයක් ඇත්තේ නම් වටිනාකම කියා නිම කළ නොහැකිය. (නි)
නොබෝ කලකින්ම වදුරන් 'බය වෙන්න එපා' ඔය එලෙක්ට්‍රොනික්' කියන්නත් පුරුදු වෙයිද දන්නේ නැහැ. (ර)
අලින්ටත් ක්‍රමයක් හදන්න ,කරුණාකරලා (බ)
සුබ පැතුම් අපිටත් ඕනේ එකක් (බ)
බලමු මෙකෙන්වත් උද්ඝෝෂණ පෙළපාලි, පාගමන් අරව මෙව්වා නවත්තන්න පුලුවන්ද කියල? (බ)
මම හිතනවා මෙම නිර්මාණය අතිශයින් සාර්ථකවෙයි කියලා (නි)
අද කාලේ විදිහට ගොඩක් වටිනවා අයියා ඔයාගේ මේ සොයාගැනීම හැමදාම මේ විදියට අලුත් වටින අදහස් පහළ වෙන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා (බ)
හොඳ වැඩක් සුබ පැතුම්.(හේ)
හොඳ වැඩක්.(හේ)
ඉතාම වටිනා දෙයක්. පලතුරු, එළවලු ගොවීන්ට ඉතාම වටිනා හොයාගැනීමක් වේවි. තව තවත් වටිනා නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.! (ර)
ගොවිතැන් කරන අයට සෑහෙන වැදගත් වෙයි. (ර)
වදුරන්ගෙන් පිඩාවට පත්වන ජනතාවට වටිනා නිපැයුමකි . තවත් නිර්මාණ ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබේවා.! (ර)
සුබ පැතුම් (බ)
සුබ පැතුම් (බ)
මේක අලින් සඳහා භාවිත කරන්න බැරිද.? (ර)
මම පොඩි කාලේ වඳුරෝ එළවන්න හරි කැමති. කොටියෙකුගේ වෙස් මුහුණක් දමාගෙන උඩ බල බලා කෑගහගෙන පස්සෙන් යනවා. දවසක් වඳුරු නායකයට තේරුණා මේක කරන්නේ ළමයෙක් බව. අනිත් අය පැනආ යද්දී එකපාරටම වඳුරු නායකයා ගහ දිගේ බැහැගෙන අැවිල්ලා මගේ පසුපස එළවාගෙන අාවා. පුදුම දිවිල්ලක් දුවලා තමා බේරුනේ. (නි)
ඔයා මේක මෙච්චර ඉක්මනට ඉවර කරාවි කියලා අපි හිතුවේ නැහැ. මම එදා ඔයාලගේ ගෙදර ඇවිල්ලා මේ දේ කිව්වත් ඔයාට මේකට මෙච්චර ඉක්මණටම උදව්වක් දෙන්න පුළුවන් වේවි කියලා හිතුවේ නැහැ. හැබැයි කැම්පස් එකේ ඉන්නකම්ම ඔයා කළේ ඔය ජාතියේ වැඩ නිසා මට ෂුවර් එකක් තිබුන ඔයා ඒක කරාවිම කියලා. සියලු දෙනාම වෙනුවෙන් මම ඔයාට ස්තුති කරනවා. (නි)
ගොවිතැන් කරන අයට, වඳුරු කරදරෙන් ගැලවෙන්න හොඳ නිපැයුමක්. (ර)
මෙම නව නිපැයුම අපිනම් බොහොම අගයකොට සලකනවා නමුත් අපේ රටේ එවැනි තාක්ෂණික නව නිර්මාණ සඳහා තිබෙන අනුග්‍රහය මදි කියලා මම හිතනවා. (ර)
වානරයන් අත්දැකීමෙන් ඉගෙනගන්න නිසා දිගු කාලීනව සාර්ථක වෙයිද.? (ර)
වානරයින් අත්දැකීමෙන් ඉගෙනගන්නා නිසා දිගුකාලීනව සාර්ථක වේවිද? (නි)
ඉතාම වටිනා නිර්මාණයක්. (ම)
කොහෙන්ද මේක ගන්න පුළුවන්, මිල කීයද ඒවත් කිව්වොත් නේද හොඳ. (ර)
සහෝදරයා සුබපැතුම් . . . . ! (ම)
මැස්සන් ගෙන් ගැලවෙන්න මේ වගේ පිලියමක් නැද්ද ? (ම)
මෙන්න දේශයට අවැසි සැබෑ දේශාභිමනි පුත්තු ...ජයමවේවා ! (ම)
මෙය වඩාත්ම වැදගත් වන්නේ, සතුන්ට හිරිහැරයකින් තොරව ඔවුන් වගා බිම් වලින් ඉවත් කිරීමට හැකි වීම. එය ඉතාමත් අගය කළ යුතුයි. (ම)
වඳුරොත් බේරාගෙන වගාවත් බේරාගතහැකි මගක් !!! මෙවැනි නව නිපැයුම් නිර්මාණය කිරීම සදහා ඔබට ශක්තිය ලැබේවා (ම)
නියමයි මිලදී ගන්න හැකියාවක් තියනවාද අපිට (ම)
ගොවීන්ගේ වගාවන් වදුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කදිම ප්‍රයෝගික සහ කාලීන විසදුමක් .. මොකද දැන් මේ සත්තු අනික් ක්‍රම වලින් පලවා හැරීම ඉතා අපහසු කාර්යක් වෙලා තියෙනවා කියලා මං ප්‍රයෝගිකව දන්නවා ... මෙම නිර්මාණ කරුවාගේ දක්ෂතාවය මං පෞද්ගලිකව හොදින් දන්නා නිසා මෙම නිර්මාණය ඉතා සාර්ථක නිර්මාණයක් විය හැකි බව මා විශ්වාස කරනවා .... සුබ පැතුම් සර් .........(ම)
කදිම නව නිපැයුමක්, තව තවත් මෙවැනි නව නිපැයුම් නිර්මාණය කිරීම සදහා ඔබට ශක්තිය ලැබේවා (ම)
අති විශිෂ්ඨයි සර්..තවත් අලුත් දේවල් කරන්න ලැබෙන්න සුභ පතනවා... (ම)
නියම වැඩක් (ම)
වැඩේ තියෙන්නේ මොන දේ කළත් ටික කාලයක් යනකොට ඕක වඳුරෝ සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. හොයාගන්නවා බොරුවක් කියලා. හිතන තරම් රවටන්න බැහැ. ටික කාලෙකින් තව ක්‍රමයක් හොයාගන්න ඕනෑ. (නි)
ඇනවුම් කරන්නේ කෙසේද?
මෙය මිලදී ගැනීමට තිබේද?