මැලේරියා මදුරුවාගේ ජාන වෙනස් කිරීමෙන් ලෝකයෙන් මැලේරියාව තුරන් කිරීමට හැකියාව ඇති බව විද්‍යාඥයන් පිරිසක් කියයි.
කැලිෆෝර්නියාවේ එර්වින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ මැලේරියා මදුරුවාගේ එම රෝග වාහක හැකියාව මදුරුවාට ලබාදෙන ජානය විකෘති කිරිමෙන් මෙලෙස මැලේරියා තුරන් කළ හැකි බවයි.
මෙලෙස ජාන විකෘති කළ මදුරුවන් සාමාන්‍ය පරිසරයට මුදා හැරීමෙන් පසු අනෙකුත් මදුරුවන් සමග අභිජනනයේ දී බිහිවන නව පරම්පරාව මැලේරියා රෝග වාහක හැකියාවෙන් තොරව බිහිවනු ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.
මැලේරියාවට ඖෂධ සොයාගෙන ඇතත් තවමත් එම රෝගය ලෝකයේ ඇති ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස සැළකේ. අප්‍රිකානු මහද්වීපයේ වන ගහනයෙන් වැඩි ප්‍රදේශ සහිත රටවල ජනාතව වැඩි වශයෙන් මැලේරියා රෝගයට ගොදුරු වෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසරකට ලක්ෂ 3000-5000ත් අතර පිරිසක් මේ රෝගයට ගොදුරුවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇනොෆිලස් මදුරුවා එම රෝග වාහක හැකියාවත් සමග මේ දක්වා පවතින්නේ ස්වභාවික ජිව පරිනාමනයට අනුකුලවය. මෙම මදුරුවාගේ ජාන වෙනස් කිරීමෙන් ඇතිවන නව මදුරුවා පරිනාමනය වීම සිදුවන්නේ ඵෛතිහාසික ස්වභාවික මුලයන්ගෙන් (නැචුරල් සිලෙක්ෂන්) තොර වූ කෘත්‍රිම මුලයක සිටයි. ඒ නිසා මේ නව මදුරුවාගෙන් තවත් භයානක මදුරුවන් ඇතිවිය නොහැකිද? (ර)
හැකිය පිටිගලත් එවැන්නෙකි (බ)
අන්න ඔය කියන ක්‍රමයට බැරිද අපේ දේශපාලුවන් යහපත් රටට වැඩදායී කොටසක් කරන්න? (නි)
දේශපාලඥයින්ගේ නම් ජාන විතරක් වෙනස් කරලා මදිවෙයි කරන වැඩ බැලුවහම (නි).
මෙලෙසම ඩෙංගු මදුරුවාගේ කිසියම් වෙනස් කිරීමක් කර මුදාහැරිම මඟින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ අත්හදාබැලීමක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ටවුන්ස්විල් නගරය ආශ්‍රිතව සිදුකර සාර්ථක ප්‍රතිපල ලබමින් සිටි. මේ පර්යේෂණ කළ විශ්ව විද්‍යාලයේ අපේ අයද සිටින බැවින් ඔවුන්ගේ උදවුවෙන් අපේ රටටත් පර්යේෂණ මට්ටමින් හෝ මේ අත්හදාබැලීම කරන්නට කිසියම් සම්බන්ධකමක් ගොඩනඟා ගැනීමට කාට හෝ හැකිනම් උපන් රටට අගනා සේවයකි. (නි)
පිටිගල මිලානෝ, ඔබ කවදත් බෙල්ල ගහලා ගියත් ඇත්ත කියන කෙනෙක්. ඔබේ අදහසට මාත් එකඟයි. එය සිදුවිය හැකියි. (නි)
ලංකාවේ මදුරුවන්ට දේශපාලන බලය තියනවා . මීට කලිනුත් බොහෝ දේවල් ගෙනාවත් ,ඒවා ක්‍රියාත්මක කීරීමට බැරිවුණා (බ)
ඕකෙන් මේකෙන් මැලේරියා යන්න යාවි. ඒත් නමක් ගමක් නැති තවත් හොයාගන්නවත් බැරි විස රෝග මතුවේවි..!! (නි)