ගැඹුරු මුහුදේ සිටින ජීවීන්ගේ ඔවුන්ගේ සිරුරුවල ඉතා අධිකෙ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බව හවායි විශ්ව විද්‍යාලයේ සාමුද්‍රික පරිසර විද්‍යාඥයන් පිරිසක් කියතියි නේචර් සඟරාව වාර්තා කරයි. මිනිසා විසින් පරිසරයට එක්කරන ලද ප්ලාස්ටික් පොලිතීන් හා වෙනත් රසායනික ද්‍රව්‍ය වලින් පිට වන විෂ රසායනික මේ සතුන්ගේ සිරුරුවල තිබී හමුවී ඇත.
නේචර් සඟරාව පවසන්නේ ගැඹුරු අගාධ දෙකකින් සොයාගන්නා ලද කූණිස්සන් විශේෂයක් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ වලින් සොයාගත් මෙම දත්ත චීනයේ ෂැංහයි නුවර සාමුද්‍රික ජෙව විද්‍යා සම්මන්ත්‍රණයකදී ප්‍රකාශයට පත්කැර ඇති බවයි.
මීටර7000ත් 10000ත් අතර ගැඹුරු මුහුදෙන් ලබාගත් ජීවින් මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත.
හවායි විශ්ව විද්‍යාලයේ සාමුද්‍රික පාරිසරික විද්‍යාඥ වෛද්‍ය ජෙෆ්රි ඩ්රාසන් පවසන්නේ චීනයේ විශාල වශයෙන් දූෂණයට ලක්වූ ගංගා වල ජීවත් වන මෙවැනිම සතුන්ගේ සිරුරු වල විෂ තිබී ඇත්තේ මීට වඩා අඩු ප්‍රමාණ වලින් බවයි. මුහුදේ ගැඹුරුම ප්‍රදේශ පවා මෙතරම් ඉහළ සාන්ද්‍රණ වලින් දූෂණය වී ඇති බව දැනගන්නට ලැබීම මවිතයට කරුණක් බවද ඒ මහතා පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය දූෂණය කරන පළමු රට චීනයයි.(හේ)
චීන්නු කොහොමත් තමුන්ගේ වාසිය ගැන විතරක් හිතලා රට සංවර්ධනය කරගන්න උත්සාහ කරන්නනේ බලන්නේ. (නි)