‘මී වදයකී ජීවිතේ, මී පැණි පිරිලා තියේ. මලින් මලට රොන් ගමු. තුඩින් තුඩට රොන් දෙමු. මීමැස්සෝ...මීමැස්සෝ‘ 70 දශකයේ පමණ තරුණ පරපුර අතර ජනප්‍රිය ගීතයක්වූ සී. ටී. ප්‍රනාන්දු ගයන තවමත් මතකයේ ඇති එම ගීතයේ කොටස් කිහිපයකි.
අපගේ මතකයේ තැන්පත් කළ මී මැස්සා, මීවදය හා මීපැණි ගැන වර්ණනා කරන ඉහත ගීයෙන් මීපැණි හා මී මැස්සා අමතක නොවේ. පැරණි කථා, ප්රස්ථා පිරුළු, ජන කථා ආදියට ද මීපැණි හා මීමැස්සා ප්‍රධාන මාතෘකාවක්වූ සත්ව විශේෂයකි.
සාමාන්‍යයෙන් මීපැණි කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා අවම ලෙස මී මැස්සෝ හයදාහක් (6000) පමණ සහභාගිවේ. ඒ සඳහා මල් හැට ලක්ෂයක (60,00000) පමණ රොන් ලබා ගතයුතු අතර ඊට සති දෙකක් නොනවත්වා පියාසර කළ යුතුය.
එම දුර ප්‍රමාණය කිලෝ මීටර එක් ලක්ෂ පනස්දාහක් (1,50,000) පමණ වේ. එය ලෝක ගෝලය වටා සිව් වරක් භ්‍රමණයට සමාන වේ.
මීවදයක් සෑදිමට පිළියෙල කළ මීපෙට්ටියක මීමැස්සෝ 40000 ත් 70000ක් අතර ප්‍රමාණයක් සිටිති. ඔවුන්ගෙන් වසරකට මීපැණි කිලෝ 30ක් පමණ නිපැදවිය හැක. සැම විටම මීමැස්සාගේ බරට සමාන රොන් ප්‍රමාණයක් රැගෙන යති. එය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 75ක් පමණ වේ. ඔවුන්ගේ ආයු කාලය සති දෙක තුනකට වඩා වැඩි නොවේ. වසන්ත ඍතුව අවසන්වී ගිම්හානයේ ආරම්භයත් සමඟ මීමැස්සෝ රොන් සොයා මල් වලට පියාඹති. එම කාලය වැඩියෙන්ම මීපැණි හදන කාලය වේ.
එක මීමැස්සෙක් ඔහුගේ ජීවිත කාලයටම තේ හැන්දක 1/12 ක ප්‍රමාණයකට සමාන මීපැණි නිපැදවීමට දායකවේ. මීවදයක් හැදීමට අමතරව මී මැස්සා මලින් මලට ගමන් කිරීම හේතු කොට විවිධ පුෂ්පයන්ගේ ඩිම්බයන්ගේ විරුද්ධ ලිංගික ඩිම්බයන් එකතු වීමෙන් නැවත නැවතත් මල් වර්ග, එලවළු හා පලතුරු ඇති හරිත වර්ණ පරිසරයක් නිර්මාණය කොට රඳවා ගැනීමට බෙහෙවින් උපකාරී වේ.
මී මැස්සා සහ මීපැණි ඇසුරෙන් සාමාන්‍ය සමාජයේදි විවිධ උපහාසත්මක කථා අපි අසා ඇත්තෙමු. එසේ වුවද මීමැස්සා යනු ලෝකය සුන්දර කරන කෙනෙක් බැවින් මීමැස්සා රැක ගතයුතු වන්නේය. ප්‍රංශයේ ජීව විද්‍යාත්මක විශේෂඥයෝ පිරිසකගේ පරීක්ෂණ හා නිරීක්ෂණ වලට අනුකූලව ඉහත දත්ත හෙළිකර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කතාවක් .සුනිල් මහත්තයාගෙන් නැවතත් දැන ගතයුතු අපුරූ හොඳ කතාවක් .බොහෝම ස්තුතියි .(හේ)
අපේ මිත්‍ර සුනිල්ට දිරිය ලැබේවා .මෙවැනි දේ අපට දැනගන්න ලැබීමට සැලැස්වීම ගැන . (අ)
ලස්සන, වටිනා තොරතුරු ටිකක්. ස්තුතියි! (නි)
මම මේ කියන්න යන්නේ මී මැස්සට දැන් දැන් සිදුවෙමින් පවතින ජීවිත තර්ජනයක් ගැනයි. මී මැස්සාගේ මාරක සතුරා " සෙල් ෆෝන් " එකයි යන මතය. දැන් මෙය පර්යේෂකයෝ ඔප්පුකරමින් සිටිති. මේ සෙලියුලර් ෆෝන් එකකට ඇමතුමක් ලැබෙමින් පවතිනවිට, මී මැස්සන්ගේ " ගුමු ගුමුව" 10 ගුණයකින් වැඩිවෙන බව දැන් සොයාගෙන තිබෙනවා. ඒ සමඟ එම තරංග මී මැස්සන්ව එයාලාගේ මී වදයෙන් පලවාහරින බවටත් දැන් විශ්වාස කරනවා. මී මැස්සා හිටියත් එකයි නැතත් එකයි, ලෝකයම විනාශවෙලා හරි " සල්ලි " ලැබෙනවා නම් ඒ ඇතියි යන සිතුවිල්ලෙන් ජීවත්වන ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයින් නිසා, දවසක මේ වටිනා මී මැසි සම්පත නැත්තටම නැතිවුණොත්...? (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
හොඳ කතාවක්(කෞ)
මී මැස්සෝ රසායනික පොහොර වලට කැමති නැහැ (නි)
දැනුම බෙදන සුනිල් මහතාට හා ලංකාදීපට ගොඩක් ස්තුතියි .(හේ0
ඒවා විනාශ කිරීමට එක මිනිසෙකු වුවද සෑහේ (බ)
සුනිල් ආනන්ද මහතාගේ තවත් හොඳ ලිපියක්. මිමැස්සන් ලෝකයේ කොතැනක හෝ සදහටම වඳ වී ගිය හොත් ඉන් වසර 4 කදී මුළු මිනිස් සංහතියම විනාශ වී යන බව ලෝක ප්‍රකට ජර්මන් ජාතික ගණිතඥයකු වූ අල්බෙර්ට් අයින්ස්ටෛන් ගණිත ක්‍රමයකට අනුව පවසා තිබේ. (අ)
සතුටින් රසවිඳි ලිපියක් (නි)
සතුටින් රසවිඳි ලිපියක් (ම)
මෙතරම් අයාසයෙන් මලින් මලට පියාසර කර රැස්කරන මීපැණි සොරකම් කරන මිනිසාගේ කෘරකම නිසාද බඹරුන් කිපී එලව එලවා දෂ්ට කරන්නේ? (නි)
ලා චැපල්වල තියන ඩිස්නි රෙස්ටුරන්ට් හි සේවය කරන සුනිල් ආනන්ද මහතාට මේ වගේ අගනා දේවල් අපිට කියාදෙන්නට වෙලාවක් තිබීමත් වාසනාවක්. (බ)