පිළිකා මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි එරිසිෆෝලීන් (Ericifolin) රසායනික සංයෝගය ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත්‍රවල අඩංගු බව කාර්මික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ආර්.එම්. ධර්මදාස මහතා පවසයි. සරක්කු යනුවෙන් සිංහල නමින්ද හඳුන්වයි.
උතුරු ඇමෙරිකාව නිජබිම කර ගත් ඕල්ස්පයිස් (Allspice) ශාකයේ විද්‍යාත්මක නාමය වනුයේ පිමෙන්ටා ඩිඔයිකා (Pimenta dioica) ය. මෙය ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථකව වගා කිරීමේ හැකියාව ඇති අතර මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ ශාඛයේ පත්‍රවල ඇති එරිසිෆෝලීන් (ericifolin) නම් රසායනික සංයෝගය ප්‍රබල පිළිකා නාශකයක් නිසා එය පිළිකා මර්දනයට යොදා ගත හැකිවීමය. කුරුඳු, සාදික්කා හා කරාබුනැටිවල අඩංගු රසය, සුවඳ සහ ඖෂධීය ගුණයත් මෙහි අඩංගුවීම තවත් සුවිශේෂී ලක්ෂණයකි.
මීට පෙර මෙම ශාඛය පිළිබඳව පර්යේෂණ සිදුකර තිබුණද, මේවන විට සිදු කළ පර්යේෂණ වලට අනුව ඕල්ස්පයිස් (Allspice) ශාඛයේ පත්‍රවල සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය වන ෆීනෝල් (Phenol), ෆ්ලෙවනොයිඩ් (Flavonoid) සහ ප්‍රති ඔක්සිකාරක (Antioxidant) ගුණයන්ගෙන් සමන්විත අතර ආහාර රසකාරක ගුණාංග වන ඉයුජිනෝල් (eugenol), බීටා කැරියොතිලීන් (beta-caryophylene) යන සංයෝග ද ඉතා ඉහළ මට්ටමක පවතින බව සොයාගැනීමට මට හැකිවිණි. උතුරු ඇමරිකාවේ ග්‍රේටර් ඇන්ටිල්ස් දුපත්, දකුණූ මෙක්සිකෝව, දකුණු ඇමරිකාව නිජබිම වු මෙම ශාකය සමකය ආසන්න කලාපයේ වැඩේ. ශාඛ පත්‍රයේ ඉයුජිනෝල් (eugenol) 65 %ක් අන්තර්ගත වන අතර ඉවත දමන දඩුවමට වුවද නැවත පණක් ලැබෙන සිරිලක් පොළවේ දී එය 85 % ක් පමණ අන්තර්ගත වෙනවා.
මෙම ශාකය පිළිකාවලටත් කොලෙස්ටරෝල්වලටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා. ඖෂධීය ගුණයෙන් හා සුවිශේෂි ආහාර රස කාරකයක් වශයෙන් යොදා ගත හැකි මෙම ශාකය නුදුරු අනාගතයේදී ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වගාවක් ලෙසද ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට හැකිවන බව මගේ විශ්වාසයයි.
දැනට ශ්‍රී ලංකාවේ ඖෂධීය පැළ විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කර ඇති අතර ඒ සියලූම අධ්‍යයන කටයුතු වලට ඖෂධ පැළෑටි යොදාගෙන තිබෙනවා. Allspice ශාකය පිළිබඳ කරන ලද පර්යේෂණයේ වාර්තාව ඇමරිකාවේ Universal Journal of Agriculture Research සඟරාවේ පළකර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක් (නි)
ඉක්මණටම දන් ගස්වල අයිතිය අපිට ලබා ගන්න වෙයි නැත්නම් ඇමෙරිකාව හෝ ඉන්දියාව ඒකට අයිතිවාසිකම් කියාවි (ම)
මෙච්චර දැනුමක් ඇති මහත්වරු ඉඳලත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ ඇයි? (නි)
අපේ ගේ ඉස්සරහා වැටේ නම් පඳුරු හත අටක්ම තිබෙනවා. කැමති කෙනෙක් ඇවිල්ලා ගළවාගෙන යන්න. මම ඉන්නේ දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝ වල. (නි)
ඉතාම හොඳ දැනුවත්කිරීමක් (නි)
අතු කෙබෙල්ලක් හරි ඇට කිහිපයක් හරි ගන්න ක්‍රමයක් නැද්ද...දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න 0712781787 (ම)
මේ දැනුවත් කිරීමට ස්තූතියි! (නි)
මහජනයා මේ ගස ගැන දැනුවත් කර එය වගාකිරීමට උනන්ද කිරීමට සළස්වා මෙම අගනා ශාඛය යොදා දහසක් දෙනා දුක්විඳින පිළිකා රෝගය සුවකිරීමට ඖෂධයක් නිෂ්පාදන කළහොත් මහා පුණ්‍යකර්මයකි (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
ලොව පුරා දුප්පත් පොහොසත් වැසියන් ගොදුරුවන මෙම මාරාන්තික පිළිකා උවදුරෙන් මිදෙන්න ඖෂධයක් නිෂ්පාදනය කිරීමට හැකි වටිනා ඖෂධයක් වන අප රටේ සරක්කු පිළිබඳ දැනුවත් කිරීම ගැන ඔබට ප්‍රණාමය පිදිය යුතුය (නි)
බොහොම හොඳ සොයාගැනීමක් (නි)
අරක්කුත් හොදයි පිළිකා වලට. පිළිකාව පොලව යටටම යවන්ට පුළුවන්. (ම)
එතකොට අරක්කු? (ම)
හොඳ පුවතක්. මේ කෙසේවෙතත් කොළඹ ගරාජ් තිබෙන තැන් වලට ගියොත් බලාගන්න පුළුවන් ,පිළිකාකාරක තෙල් වර්ග කාණු වලට නිදහසේ දමන හැටි. ඒ ඔක්කොම යන්නේ පරිසරයට, අපිට වතුර ලැබෙන ගංගා වගේ තැන් වලට (නි)
මේක අපේ රටේ අනාගතය ගැන සුභවාදීව හිතන්න පොළඹවන ධනාත්මක ප්‍රවෘත්තියක්. රථවාහන, වාහන කොටස්, යකඩ සුන්බුන් වලින් නුදුරු අනාගතයේ ලක් භුමිය වැසීයන අවදානම අවම කර ඉතා සශ්‍රීක ලක්පොළව එළවලු හා පළතුරු වගාවෙන් පෝෂණයකර නිරෝගීමත් ජනතාවක් සඳහා ලොවටම බෙදාදෙන්න හැකිවන අන්දමේ බෙහෙත් පැළෑටි වගාකිරීම තුළින් ශ්‍රී ලංකාවට කොතරම් දියුණු රටක් වෙන්න පුලුවන්ද? ඔබ සැමගේ පර්යේෂණ කටයුතු සාර්ථක වේවා! (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
මේ දම් පඳුරු නේද? (නි)
මහා පරිමාණ වගාවේදී යොදන රසායනික පොහොර නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවයි මගේ නම් අදහස. (නි)
ධර්මදාස මහතා පර්යේෂණ වලට බොහොම දක්ෂයෙක් (නි)