පුරස්ථි ග්‍රන්ථි පිළිකා සෛලවල ස්වරූපය මදක් වෙනස් කර රෝගියකුගේ සිරුරට ඇතුළු කර එමගින් පිළිකා සෛල විනාශ කළ හැකි බව ඇමෙරිකාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. මෙය නවතම ජාන තාක්ෂණික ප්‍රතිකාරයකි. මෙහි දී භාවිතා කරන ක්‍රමය වන්නේ හානිකර සෛල විසින් ම හානිකර සෛල විනාශ කිරීමයි. එබැවින් විද්‍යාඥයෝ මේ නව ක්‍රමයට ස්වයං ඝාතක ජාන ප්‍රතිකර්මයක් ලෙස හඳුන්වයි.
මේ ප්‍රතිකාර පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන්ට ලබාදුන් පසු සියයට 20ක් එහි සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව ද පර්යේෂකයෝ කියති. පිරිමි අය අතර ඇති සුලභම පිළිකා වර්ගය වන්නේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි.
ටෙක්සාස්හි හූස්ටන් මෙතෝදිස්ත රෝහලේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ නව ක්‍රමය සොයාගෙන ඇත. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ දැනට සිදුකරන විකිරණ ප්‍රතිකාර ක්‍රමය හා ඒකාබද්ධ කිරීමෙන් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඌරගේ මාලු ඌරගේම ඇඟේ තියලා කපනවා වගේ වැඩක් (නි)
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් අපි දන්නා කෙනෙකුත් මේ ළඟදී මියගියා. කවදා මේ ප්‍රතිකාර ක්රමයන් අපේ රටට හඳුන්වාදෙයිද දන්නේ නැහැ. (නි)
ඒ කියන්නේ මිනිසාට ඇති ලෙඩරෝග වලට මිනිසා විසින්ම ප්‍රතිකාර සොයාගන්න බවයි. (නි)
ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ සාම්ප්‍රදායික රටාවෙන් ඔබ්බට ලෝකය දකින්න උත්සාහ කිරීම තුළිනුයි. පිළිකා සෛල විනාශ කරන්න යොදාගන්නා විවිධ රසායන, විකිරණ ක්‍රමවේදයන් නිසා වන අතුරු විපාකත් බොහොමයි. නමුත් මෙම ක්‍රමය සාර්ථක වුවහොත් එය වෛද්‍ය ක්ෂේත්‍රෙය් නව සන්ධිස්ථානයක් වේවි. ජය වේවා! (නි)
ඌරගෙ මාළු මතක් වුනේ මොකද මේ වෙලාවේ. (කෞ)
ගොඩක් හොඳයි (නි)
ජයවේවා ජයවේවා මුළු ලෝකෙම ජයග්‍රණය කරන්න ආසිරි ආසිරි (කෞ)