පොල්තෙල් ශරීරයට අගුණ යැයි මිත්‍යා මතයක් සමාජයේ පැතිර පවතින බවත් එය ව්‍යාජ මතයක් බවත් වෛද්‍යවරු කියති. අප පුදුම කරවනසුලු ප්‍රතිඵල පොල්තෙල් භාවිතය තුළින් අත්විඳිය හැකි බව නවතම විද්‍යාත්මක තොරතුරු අනාවරණය කරයි.
පොල්තෙල් භාවිතය සෞඛ්‍ය සම්පන්න දිවියකට ආකාර 5කින් වැදගත්වන අයුරු විද්‍යාඥයින් පෙන්වාදෙයි.
එනම් කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාම නොහොත් අල්ෂයිමිර් රෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිවීමට පොල්තෙල් උපකාරී වේ. මොළයේ සෛලවලට ශක්තිය ලබාදීම එමගින් සිදුවේ.
තවද පොල්තෙල් රුධිරයේ කොලස්ටොරෝල් මට්ටම වැඩිදියුණු කරන අතරම හෘදයාබාධ අවදානම පහත හෙළීම සිදුකරයි. කොලොස්ටොරෝල් මගින් හෘදයාබාධ අවදානම වැඩිකළද එච්ඩීඑල් මට්ටම වැඩිවීමෙන් එම හානිය සිදුනොවන බව වෛද්‍යවරු කියති.
රුධිරය කැටිගැසීම වැළැක්වීමේ හැකියාවද පොල්තෙල් සතුය. පොල්තෙල් මගින් ස්වභාවික ලස්සන වැඩිකිරීමක්ද සිදුවේ. ශරීරයේ බාහිර පෙනුම අලංකාරය සඳහා සතියකට වරක් හෝ දෙවරක් බාහිර සමේ පොල්තෙල් ගා සම්බාහනය කිරීම කළ යුතු බව විද්‍යාත්මකව තහවුරු කැරගෙන ඇත. කොණ්ඩයේ බොකුටු ස්වභාවය අවම කර සිනිඳු කිරීමේ හැකියාවද පොල්තෙල් සතුය. පොල්තෙල් නිතිපතා භාවිතය නියපොතු මොළොක් කරවීමට හේතුවක් වන බවද සොයාගෙන ඇත.
ආහාරයක් වශයෙන් පොල්තෙල් ඉතා ගුණ බවද කියති. බටර් වෙනුවට පොල්තෙල් භාවිතය සෞඛ්‍ය සම්පන්න දිවියකට හේතුවන බවත් රසය වැඩිකිරීමට හේතුවන බවත් සොයාගෙන ඇත.
(එන්ඩීටීවී ඇසුරිණි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත චන්දන. පිටරට බහුජාතික සමාගම් වල අභිමතය පරිදි ව්‍යාපාරික ආයතන මඟින් මේවායේ දොස් පෙන්වමින් අපගේ වෙළඳාම් පරිහානියට ගෙනයාමේ ක්‍රමවේදයක් තමයි තිබුනේ. බයනැතුව පොල්තෙල් භාවිතයට ගන්න (නි)
දිල්ෂාන් සහ ඈන් කියන කතාව තමයි ඇත්ත.පොල් තෙල් අගුණයි කියල ජනතාව බිය කළේ බහුජාතික සමාගම් .එක්තරා රූපවාහිනී නාලිකාවක ඒ කාලේ නොබියව දොස්තර මහතෙක් මේ බව ප්‍රකාශ කළා .අවාසනාවට ඒ මතය සමාජ ගත වුනේ නැහැ (බ)
පොල්තෙල් එළවලු තෙල් වලට වඩා හිතකරයි කියලා බටහිර පර්යේෂකයන් කියන වීඩියෝව මේ සමඟ ඇත . අතීතයේ සිටම ලාංකිකයන් භාවිතා කළේ පිරිසිදු පොල්තෙල්. ඒ පුරුද්ද වෙනස් කළේ බටහිර එළවලු තෙල් සමාගම් වලින් කොමිස් මුදල් ලැබුණ අපේ ම සමහර වෙද්‍යවරුන් . නමුත් ඇත්තම තත්ත්වය හොඳම තත්ත්වයේ පොල්තෙල් යුරෝපයට යාමයි . https://m.facebook.com/story.php?story_fbid=10153764210729301 (බ)
දැන් ගන්න තියන පොල්තෙල් පාවිච්චියට ගතහොත් අගුණවෙයි.දැන් පොල්තෙල් හරි නෑ.(හේ)
මම ලංකාවේ නිෂ්පාදිත පිරිසිදු කොප්පරා පොල්තෙල් ගෙන්වා ගන්නේ ඇමසෝන් වෙබ් එක මාර්ගයෙන්. ගණන් වුණත් පිරිසිදු පොල්තෙල්. (නි)
ඔයාල හොඳයි කියපු නිසා ඔන්න මම අලිගේටපේර කන්නත් පොල්තෙල් පාවිච්චි කරන්නත් පටන් ගත්තා. (නි)
හොඳ ලිපියක් මේක (නි)
ඈන්,දිල්ෂාන්, සත්‍යා රන්ජිත්, ආර්නෝල්ඩ්, ඔබගේ අදහස් හරි. පොල්තෙල්, පොල් වතුර ආදිය ගුණදායකයි. පිටරට බහුජාතික සමාගම් වල අභිමතය පරිදි ව්‍යාපාරික ආයතන මඟින් මේවායේ දොස් පෙන්වමින් අපගේ වෙළඳාම් පරිහානියට ගෙනයාමේ ක්‍රමවේදයක් තමයි තිබුනේ. බයනැතුව පොල්තෙල් භාවිතයට ගන්න. (නි)
බුද්දි, ඔයාගේ කතාව ඇත්ත. පොල් සම්බෝල් සමඟ කැකුළු බත්, කරවල කැල්ලක් එක්ක තමයි රස (ම)
පොල්තෙල් දැන් ඕස්ට්‍රේලියාවේ බොහොම ජනප්‍රියයි (නි)
සමන් නම් හරිම මෝඩයි කියලා හිතෙනවා (නි)
පොල්තෙල් හොඳ බව අපේ පැරැන්නෝ හොඳින්ම දන්නවා. හොඳ පොල්තෙල් හොයාගන්න විදියක් නැත්නම් නර්ඩ් ආයතනයෙන් පුංචි උපකරණයක් හඳුන්වා දී තියෙනවා තමන්ටම ලෙහෙසියෙන් තෙල් හිඳගන්න. පොල් හිරමණයෙන් හීනියට ගාගෙන අව්වේ පැයක් විතර තියලා පොල් ටිකක් ඇඟිලි තුඩු දෙකට අරගෙන තද කරලා තෙල් එන පදම බලලා උපකරණයට දමලා හිඳගන්න පුලුවන් (නි)
සමන් මහත්තයාගේ අදහස හරියටම හරි. මේවා විද්‍යාත්මකව ඔප්පු කරන්න ඕනෑ. (නි)
පසුගිය කාලේ බහුජාතික සමාගම් වලින් ගත් මුදලින අපේ වෛද්‍යවරුත් පොල්තෙල් ශරීරයට අගුණයි කියලා ලිපි ලියලා තිබුණා. මේවා අපේ රටේ මුතුන්මිත්තෝ එදා ඉඳලා අනුභව කළ දේවල්. (නි)
සමන් , එතකොට ඕස්ට්‍රේලියාවේ හැම සුපර් මාර්කට් එකකම පොල්තෙල් විකුනන්නේ ඇයි? සංතෘප්ත මේද කතාව බොරුවක් බව ඔප්පු වෙලා ඉවරයි. සමන් අවුරුදු 10 කට කලින් තිබුන මතය බදාගෙන තාමත්. (බ)
අපේ මුතුන් මිත්තෝ තම තමන්ගේ ක්‍රියාකාරකම් වලදී භාවිතා කර ඇති ක්‍රමවේදයන් හරියට නිරීක්ෂණය කර බැලුවහම පේනවා ඒවා තුළ යම් විද්‍යාත්මක පදනමක් තිබෙනවා කියලා. අවුරුදු 2500 ක් පුරාවට පැවත ආ ඒ හර පද්ධති තවමත් ඈත පිටිසර ගම්වල නොබිඳී, නොකැඩී පවතිනවා. ගැමියෝ ඒවා බොහොම සද්භාවයෙන් ආරක්ෂා කරගෙන එන්නේ එහි පවතින විද්‍යාත්මක හරය නිසයි. නැත්නම් ඒවා ක්‍රමයෙන් අභාවයට යනවා. ගස් වර්ග බොහොමයක් තිබෙනවා පුර පෝයට කැපුවොත් ඒ ලී ගුල්ලන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා වෙන බව කියන. ඒක ප්‍රායෝගික සත්‍යයක්. මේ එක් සරල උදාහරණයක් පමණයි. (නි)
පොල්තෙල්වල තියෙන්නේ සන්තෘප්ත මේදය නේ.හොඳට අතපය හොලවලා වැඩ කරන උදවියට ඉහෙන් බහින රෝගයක් නැහැ කියලා කියන්නේ.(ම)
මා බොහෝවිට පාවිච්චි කරන්නේ පිටි කළ පොල්කිරියි. විවිධ වෙළඳ නාමයන්ගෙන් වෙළඳ පොළේ විකිණීමට ඇති මෙම පොල්කිරි පාවිච්චිය නුසුදුසු බවයි බොහෝදෙනාගේ මතය. කරුණාකර පිළිතුරක් බලාපොරොත්තු වෙමි (නි)
මේක හරිම සංකීර්ණ ප්‍රශ්නයක් හැමදාම. රසායන විද්‍යාඥයන් සහ හෘදරෝග විශේෂඥයන් අතර මේ ගැන තියෙන්නේ මතගැටුමක්. දෙගොල්ලම කියන දේවල් වල ඇත්තක් තියනවා. නමුත් මම දන්නා තරමට තම මෙහි අවසාන නිගමනයකට පැමිණ නැහැ (නි)
මාලා, ස්වභාව ධර්මයා විසින් මානව වර්ගයාට දායාද කර ඇති සම්පත් යොදා ගෙන පිළියෙළ කර ගනු ලබන්නාවූ ආහාර වර්ග 99.99% ක්ම මිනිස් සිරුරට හිතකර බව ආයුර්වේද පෝෂණ වේදීන් විසින් පෙන්වා දී ඇත. (බ)
මොනවාහරි කුණු ගොඩක් විකුණාගන්න ඕනේ වුනාම ආයෙත් පොල්තෙල් වලට විරුද්ධව පහර ගහයි. (ර)
නාලිකා - සමන් ඔයාලගේ කතාව හරි පොල්තෙල් වල තියෙන්නේ සංතෘප්ත මේද අම්ල තමයි නමුත් ඔතන "දාම " පිලිබඳ දෙයක් තියනවා පොල්තෙල්වල තියන කෙටි දාම මේද අම්ල සංතෘප්ත උනත් අහිතකර නැහැ කියල සමහර විද්‍යාඥයින් ඔප්පු කරලා තියනවා .(රේ)
විද්‍යාත්මක සාක්ෂි තිබේ නම් පිළිගනිමි (නි)
තමාගේ කොලෙස්ටෙරෝල් හොඳ නම් තරමක් පොල් අගුණ නැතිවෙන්න පුළුවන්. නමුත් වඩා සුදුසු සන්ෆ්ලවර් වගේ තෙල්. මට මෝඩයා කියපු අයට බොහොම ස්තුතියි (නි)
සමන්, ඕවා ගණන් ගන්න එපා. පොල්තෙලෙන්, කිරෙන් කාලා වැඩිවුණාම කාපු ඒවා වමාරන්නයි වෙන්නේ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ. ඇඟපත හොඳින් වෙහෙසන අයට නම් කම් නැත (නි)
සමන්, ඔයා මෝඩයි තමයි (නි)
අනේ අපට ඔය මොන ප්‍රශ්නයක්වත් නැහැ. අපි දැන් බොහෝ කලක සිට පාවිච්චි කරන්නේ පිරිසිදු වර්ජින් ඔලිව් තෙල්. මොනවටද එක එක්කෙනාට අපහාස කරන්නේ. ඒක එක එක අයගේ තනි කැමැත්තනේ. (නි)
මීට අවුරුදු සිය ගණනක ඉදල පොල්තෙල් අගුණ නැතිබව අපි දැනගෙන හිටිය (බ)
පොල්තෙල් ගුණ බව සම්පූර්ණ සත්‍යකි. ප්රශ්නය පිරිසිදු පොල්තෙල් වෙළඳපොලේ නැතිවීමයි. පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කිරීම සුලබ දෙයක්. (ම)
අල්ෂයිමිර් රෝගයෙන් පීඩා විඳින අයට සුබ ආරංචියක්...!පොල් තෙල් විතරක් නොවෙයි පොල් සම්බලයක් වත් තලාගෙන කන්න බයයි මේ ගැන තියෙන මිත්‍යා මතවල හැටියට. (ස)
ඔය දේ කරන්න ඇත්තේ මේවගේ මිල ඉහල දමන්නයි. (ර)
මේ වගේ කතා අපි හැමදාම අහනවනේ. කවුද මේ පර්යේෂණය කරලා තියෙන්නේ? කවදද? කොහෙද? ඒ පරීක්ෂණ ප්‍රත්පලය මොන වගේ ආයතන හරහා ද නිරීක්ෂණය කරලා තියෙන්නේ? කියන කාරනා හරිම වැදගත්. ඒවා නොදැන අනුමාන වශයෙන් විද්‍යාත්මක තොරතුරු දීම මිනිසුන්ට කරන විශාල හානියක්. අපි දන්නා හැටියට නම් එහෙම පර්යේෂණ ලෝකයේ කරලා තියෙන්නේ ඉතාම ස්වල්පයක් විතරයි. ඒ හැම එකක්ම මේ අදහසට පටහැනි දේවල්. (ර)
මෙහෙ ඇමෙරිකාවේ දොස්තරලා දැන් පොල්තෙල් හොඳයි කියලා ඇමෙරිකානුවෝ පොල්තෙල් නිකන් බොනවා. පොල් වතුර තායිලන්තෙන් එන්නේ කෑන් පිටින්. අනික් බීම වලට හරි පාඩුයි. එක කාලෙකට නරක දේ එක තව කාලෙකට හොඳ වුණාම පුදුම වැඩ තමයි වෙන්නේ. (නි)
පොල්ගසේ නිෂ්පාදන වල ගුණ ගැන නිසි අවබෝධයක් ඇත්තේ බටහිර දේශවල සිටින අයටය. පොල්ගසෙන් කෙරෙන විවිධ නිෂ්පාදන ජනප්‍රිය වී ඇත්තේ පොල්රුකේ නිෂ්පාදනවල ගුණය දන්නා බැවිනි (නි)
එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල ව්‍යාපාරික මාෆියාව පතුරවපු ඒවා තමයි. එලවළු තෙල්, පාම් තෙල් විකුණාගන්න, කහ දොඩම්, ඇපල් විකුණාගන්න සැළසුම්සහිතව ප්‍රචාරය කරපුවා. අපේ පෙයාස් වගාව, දොඩම් වගාව සම්පූර්ණයෙන්ම විනාශ කළා. (නි)
සමන් මහතා, ඔබේ කතාව හරි (නි)
හොඳ ලිපියක් (නි)
අමෙරිකාවෙ මිනිස්සූ ශීතල කාලෙට පොල්තෙල් බොන්න අරගෙන තියෙන්නේ ගුණ නිසානෙ. ඒවාට කියන්නේ වර්ජින් ඔයිල් කියලා. පහුගිය කාලේ ඒගොල්ලන්ගේ සූරියකාන්ත තෙල් විකුණාගන්න බහුජාතික සමාගම් බොරු ප්‍රචාර යැව්වා. අපේ රටේ මිනිස්සු අවුරුදු එකසිය ගණන් ජීවත්වුණේ පොල්තෙල් පාවිච්චි කරලා තමයි. (නි)
මොනවා උනත් ඕනවට වැඩියෙන් හොද නැහැ .(ම)
පොල්තෙල් අගුණ වුනේ කවද්ද? පොල්තෙල් වල ගුණ දන්නෝ දනිති.. (බ)
අපි පාසැල් යනකාලේ කොච්චර පොල්තෙල් පාවිච්චි කළාද? කිසිම ලෙඩක් තිබුණේ නෑ . ඒකට අද කාලේ ළමයින් එහෙම වාසනාවක් නෑ (ම)
හොද ලිපියක් බව තේරෙනවා (බ)
එතකොට කිවේ බොරුද.? (ර)
මේ ලිපියෙන් පොල්තෙල් හොද බව තේරෙනවා එත් අපි වෙළද පොලේ හොද පොල්තෙල් හොයා ගන්නේ කොහොමද...? (ම)
පිරිසිදු පොල් තෙල් නැතත් පොල් ගෙඩි අරන් ගාල ගන්න කිරෙන් හදා ගන්න කෑම ගුණ දායකයි (ම)
ඕස්ට්‍රේලියාවේ පොල්තෙල් ප්‍රවර්ධනය කරනවා. (ර)
පොල් තෙල් සමහර රෝග වලට ගුණදායක බව බටහිර පර්යේෂකයෝ දැන් හොයාගෙන තියෙනවා. ප්‍රංශයේ කාන්තාවන් දැන් පොල්තෙල් ගන්නවා ගිනි ගණනට. ඔන්න ලංකාවට කරනවා නම් වෙළදාමක්. (ර)
අපරාදේ! අපේ නෝනා මට කොලෙස්ටරෝල් කියලා පොල්තෙල් වලින් කිසිම කෑමක් දෙන්නේ නැහැ (නි)
පොල්තෙල් අගුණයි කියා බටහිර සමාගම් බොරුවක් ගෙනගියා. ඒ ඔවුන්ගේ මාජරින්, එළවලු තෙල් ආදිය විකුණාගන්න. (නි)
අපේ ආච්චි අපි කුඩා කාලේ ගෙදර පොල් තෙල් හින්දා, ඊට පස්සේ කිරි කැඳ හදලා දෙනවා ඒකට බඩ සුද්ද වෙනවා හරිම හොඳ පාරම්පරික දේවල්. අනාදිමත් කාලයක ඉඳලා භාවිත කල පොල් තෙල් අගුණ නැහැ නමුත් අපේ ජීවන රටාව වෙනස් කරගත යුතු වෙනවා තෙල් හොඳට කාලා නිකම් හිටියොත් ලෙඩ. වැඩ කරන්න. (ර)
මම නම් පොල් සම්බෝල එක්ක කෑකුළු බත් කරවල බැදුමත් හැමදාම කනවා . මොන ලෙඩක්ද (බ)
බොරු ආරංචි ලොව වටාම යවල පොල්තෙල් වලට මාරක බියක් ඇතිකළා මිනින්සුන්ගේ හදවත් තුල එකෙක කොම්පැනි කාරයෝ පොල්වතු පිටින් ගලවල පළාතම විනාශ වෙන කටුපොල් හිටෙව්වා මිනිස්සු ෆාම් ඔයිල් හොඳයි කියපු නිසා.....එත් දැන්?...හොඳ තේ වලට කසල තේ මුසු කරලා අපේ තේ වල වටිනාකම විනාස කරනවා වගේම පොල්තෙල්වලට අනිකුත් තෙල් වර්ග මුසුකරලා විකුණන එකට වැට බැන්ද නම් පොල් තෙල් වල නියම වටිනාකමත් එහි ඇති නියම ගුණයත් ලබාගන්න තවමත් ප්‍රමාද නැහැ. (රේ)
හොඳ ලිපියක් (නි)
ඔය හොඳයි කියන අය, පොල්තෙල් කන්න, බොන්න. ඒත් මම දන්නා විදියට පොල්තෙල් සංතෘප්ත මේදයක්. ඒවා මස් වල තිබෙන තෙල් තරම් නරක නැති නමුත් හොඳ දෙයක් නොවෙයි. (නි)
ලෝකයේ රටකජු තෙල් විකුණගන්න බැරිවුණාම පොල්තෙල් අගුණයි කියලා ප්‍රචාරය කරනවා. එතකොට උගත් නුගත් හැමකෙනාම ඒක ඉස්මුදුනින් පිළිගෙන අපේ පොල්තෙල් ටිකට ගරහනවා. පොල් කෑවත්, පොල්තෙල් කෑවත් ගුණ එකමයි. ඕනෑ විසක් කැවුනොත් පොල් ටිකක් ,පොල් කිරි ටිකක් හෝ පොල් තෙල් ටිකක් පරිභෝජනය කරන්න, විස මැකෙනවා එතකොට (නි)