අදින් වසර ලක්ෂ 116ට පෙර මිහිමත විසූ වානර විශේෂයක ෆොසිල සොයාගත් බව විද්‍යාඥයෝ කියයි. මේ පර්යේෂණය සිදුකර ඇත්තේ ස්පාඤ්ඤයේ කටර්ලන් ෆොසිල ආයතනය මගිනි.
ඊසාන දිග ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශයෙන් මේ ෆොසිල හමුවී ඇත. එම ෆොසිලය වැඩිහිටි ගැහැනු වානරයකුගේ බව පර්යේෂකයන්ගේ මතයයි. කිලෝ ග්‍රෑම් හතරක් හෝ පහක් පමණ බරකින් යුතුව සිටින්නට ඇතැයි සිතිය හැකි මේ වානරයන් වනාන්තරයේ තුරු මත ඒ මේ අත පනිමින් ගමන්කරන්නට ඇතැයි ද පර්යේෂකයෝ කියති.
පැරණි වානරයන් කුඩා ශරීර සහිතව සහ විශාල ශරීර සහිතව සිටියේය.
මොවුන් වැඩි දෙනකු වලිගය නොමැතිව හෝ ක්ෂීණ වී ගිය සතුන් වූ අතර සෘජු කඳක් තිබීම ද විශේෂත්වයකි. ඔවුන්ගේ හිස් කබල ද එකිනෙක හා සමාන වීම විශේෂත්වයකි
ඔවුන් එකිනෙක වෙනස්ව පරිනාමය වන්නට ඇත්තේ වසර ලක්ෂ 150 ට හෝ 200ට පමණ පෙර බව ද විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් දැන් සොයාගෙන ඇති වානර විශේෂය මෙතෙක් සොයාගෙන නොතිබූ නව සත්ත්ව විශේෂයකි. 2011 දී සොයාගත් ෆොසිල කොටස් 70ක් අතර තිබී මේ හිස්කබල හඳුනාගෙන ඇත. මේවා අතර උරහිස් හා මැණික් කටු සන්ධි කිහිපයක කොටස් ඇතුළු හිස් කබල හා වම් අතේ කොටසක් හමුවී තිබිණි.
මේ වානරයා ඔරං ඔටං හා සමාන වූ කුඩා ප්‍රමාණයේ මානව විශේෂයකි.
පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානියා වූ ඩේවිඩ් එම්. අල්බා මහතා පවසන්නේ මෙය ලොව වානර විශේෂ අතර ඉතා වැදගත් සොයා ගැනීමක් බවයි. එමගින් මෙතෙක් වානරයා පරිනාමය වූ අකාරය පිළිබඳ තිබූ ගැටළු තැන් කිහිපයක් පැහැදිලි කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාල්ස් ඩාර්වින් ගේ පරිණාමවාදය දවසින් දවස තහවුරු වෙනවා.(රේ)
මැවුම්වාදය වලපල්ලටම යන බව පැහැදිලිවම පෙනේ.(ම)
ඊළඟ ආත්ම, අකුසල්, පව්, පින් ගැලවීම ආදී හැමදේම පරිණාම වාදය පිළිගන්නේ නෑ!(හේ)
එකපාරටම කොහොමද වානරයෙක් මිනිසෙක් වෙන්නේ ඔලු කට්ටක් හොයාගෙන කොහොමද මේක ඔප්පු කරන්නේ ? (ර)
මේ වගේ වානරයෝ වර්ග 100 කට වඩා ලෝකේ තාම වෙනස් නොවී ඉන්නවා, එයාලගේ පරිනාමය ඇන හිටලාද?, මිනිහා මිනිහාමයි වඳුරා වන්දුරාමයි. (ම)
අපිට වෙන මොකුත් විසඳන්න ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද? (නි)
ලොව සියලු දෙයම අස්ථිර නම් පරිණාමවාදයද එසේම වේවි නේද? (නි)
පරිණාමය කියන්නේ අපේ ජීවිත කාලය තුළ අත්දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එය වසර බිලියන ගණනක් තුළ සිදුවෙන ක්‍රියාවලියකි. පොසිල සාධක වලින් ඔප්පුවෙන්නේ එම වෙනස්වීමයි. පරිණාමය ඔප්පුවෙන ප්‍රධාන තර්කය වෙන්නේ ජාන තාක්ෂණය තුළ සිදුකළ හැකි වෙනස්කම්ය. ස්වභාවික වරණය, උචිතෝන්නතිය සහ විකෘති පරිණාමයේ මුලික හේතු වේ. (නි)
මම නම් පරිණාමය කියලා දෙයක් පිළිගන්නේ නැහැ (නි)
පරිණාමවාදය සොයා මහන්සි වෙන්නේ නැතුව බුදුදහම ගැන ලියල තියෙන පොත පත කියවල බලන්ඩ එතකොට පිළිතුරු සොයා ගන්න පුළුවන් .මහන්සි වෙන්ඩ එපා .තෙරුවන් සරණයි (ම)