කර්මාන්ත ශාලා සඳහා භාවිත කෙරන ඕනෑම රොබෝ යන්ත්‍රයක් සඳහා රොබෝවා ඇතුළු පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ අවසන් වසර සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
සාමාන්‍ය වශයෙන් ගත් කළ රොබෝවා සමඟ පාලකය සහ පාලන මෘදුකාංගයක් මිලදී ගැනීමට ලංකාව වැනි රටකට විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. ඊට විසඳුමක් ලෙස අඩු වියදමකින් ඕනෑම කර්මාන්ත ශාලා රොබෝවකු සඳහා පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිර්මාණය කරදීමට හැකි බව මෙම සිසුහු පවසති.
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉඳුනිල් වීරසිංහ, කසුන් වික්‍රමසිංහ සහ ඉරේෂා අමරසේකර යන උපධි අපේක්ෂක කණ්ඩායම විසින් මෙය නිපදවා තිබේ. ඒ සඳහා ආචාර්ය ලිලන්ත සමරනායක සහ ආචාර්ය පරාක්‍රම ඒකනායක යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
‘ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් කර්මාන්ත ශාලා සඳහා රොබෝ යන්ත්‍ර විශාල වශයෙන් භාවිත කරනවා. එම රොබෝ යන්ත්‍රවලට පාලකයක් සහ පාලන මෘදුකාංගත් ඔවුන් සතුව තියෙනවා. එහෙත් අපේ රටේ කර්මාන්ත ශාලාවලට එවැනි රොබෝ යන්ත්‍ර පද්ධති ලබාගන්න විශාල මුදලක් දරන්න සිද්ධවෙනවා. ඒ නිසා අපේ රටේ කර්මාන්තශාලාවල රොබෝ පද්ධති අවමයි. පාලකය සහ මෘදුකාංග නොමැතිව රොබෝවා සඳහා පමණක් වැයවන්නේ මුළු රොබෝ පද්ධතිය සඳහා යන මුදලින් 10 න් එකක් පමණයි. ඊට හේතුව දෙවැනි වර විකුණන රොබෝ යන්ත්රද ඊට සුදුසු වන නිසා‘
‘එම නිසා අපි හිතුවා ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕනෑ කියලා. ඒ අනුව රොබෝවා සමඟ පාලකයක් ඇතුළු මෘදුකාංගයක්ද නිර්මාණය කිරීමට අපට හැකිවුණා. ඕනෑම කර්මාන්ත ශාලාවක රොබෝවකු අපට නිර්මාණය කරන්න පුළුවන්. එම රොබෝවාට පාලකයක් සහ මෘදුකාංගයකුත් ලබාදීමට අපට පුළුවන්. විශේෂත්වය වන්නේ එම කර්මාන්ත ශාලා රොබෝවාගේ නිෂ්පාදකයාගේ දත්ත අපට අවශ්‍ය නොවීමයි‘
‘මුලින්ම අපි සිදු කරන්නේ දෙන ලද ඕනෑම කර්මාන්ත ශාලා රොබෝ යන්ත්‍රයක් ත්‍රිමාණ මෘදුකාංග තාක්ෂණය භාවිතා කර ප්‍රතිනිර්මාණය කිරීමයි. එමගින් ගණනය කිරීම්වලට අවශ්‍ය අනෙකුත් දත්ත අපි ව්‍යුත්පන්න කරනවා. ඉන්පසුව පිහිටීම් සහ චලනවලට අදාළ භෞතික විද්‍යාත්මක මූලධර්ම භාවිත කර රොබෝ පාලකය නිර්මාණය කරනවා. රොබෝ යන්ත්‍රය ගමන් කළයුතු මාර්ග සහ ඇත්තෙන්ම ගමන් ගන්නා මඟ අතර වෙනස අවම කිරීමට අපි පාලකය නිර්මාණය කරනවා. මගින් ඉතා නිවැරැුදි චලන ලබාගත හැකි වෙනවා‘
‘ඉතා සියුම් කාර්යයන් සඳහා වුවද මෙම රොබෝ යන්ත්‍රය සහ පාලකය නිර්දේශ කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ද අපි නිපදවූවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ ආයෝජකයන්ට දැරිය හැකි මිලකට මෙම රොබෝ පද්ධති නිමකල හැකි නිසා නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී මෙම ක්‍රමවේදය ආකර්ශනීය නිර්මාණයක් වනවාට කිසිදු සැකයක් නැහැ‘ යැයි ආචාර්ය ලිලන්ත සමරනායක මහතා පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට හැම විශ්වවිද්‍යාලයකින්ම ලෝකෙට අළුත් දේවල් නිර්මාණය වෙනවානම් ඇත්තටම රටට වාසනාවක්.විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පර්යේෂණ දීමනාව කියලා දුන්නට කීයෙන් කී දෙනාද ඒකට වටිනාකමක් දෙන්නේ.ඒ අතින් පේරාදෙණිය, මොරටුව වගේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට සහ සිසුවන්ට අපේ ගෞරවය.(හේ)
අගේ ඇති වැඩක්.(හේ)
නව නිපැයුම් නොකර ජාතිය නොනැගිටියි.(හේ)
ඉස්සර සරසවිවලින් අැසුනේ මේ වගේ ප්රවෘත්ති ගහමරා ගැනීම් විරෝධතා නිතර ඇසෙන මේකාලයේ මෙවන් පුවත් කියවන්න ලැබීමත් සතුටක් ඔබලාට සුබපැතුම් (හේ)
ආචාර්ය ලිලන්ත සමරනායක කියන්නේ අති දක්ෂයෙක්. සුභපැතුම්.! (ර)
හොඳ වැඩක්. අපි උත්සාහ කරන්න ඕනෑ මේකට වටිනාකමක් දෙන්න. අවශ්‍ය ඕනෑම උපදේශයකට අමතන්න. මෙහි තව වෙනස්කම් හා වැඩ කළයුතුයි (නි)
නියම වැඩක්! සුභපැතුම්.! (ම)
අයියෝ මොකද්ද අනේ ඔය හදනවයි කියන එකක්වත් වැඩක් කරනවා දැකල නැහැනේ ? ඔය කියන හයි කොලිටි එකෙක් දමන්නකෝ අර පාස්පෝර්ට් කන්තෝරුව දිහාට ..පෙන්වන්නකෝ වැඩ ටිකක් ..? (බ)
ඔයා නම් ගොඩක් දුරට හරි රූපවතී අක්කේ , නංගියේ........කොහොම උනත් මොරටු අපේ ළමයින්ට සුබ පැතුම්......(රේ).
මගෙන් සුභපැතුම්.! (ර)
නියමයි. ජය වේවා! (නි)
ඔබලාගේ මෘදුකාංග දැනුමට ලංකාවේ පසුවට විශාල ඉල්ලුමක් ලැබෙන බව ස්ථිරයි. මගේ සුභ පැතුම්! (නි)
හොඳ වැඩක්. ගොඩක් අලුත් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා! (නි)
රූපවතී නිකන් හැමදේම විවේචනය කර කර ඉන්නේ නැතුව මේ වගේ දෙයක්වත් අගයන්න උත්සාහ කරන්න. (නි)
අනේ ඉන්දුමතියේ ..ඔය රොබෝලා ගේ වටිනාකම දන්නා නිසාමයි එහෙම ලීවේ .. ? මොකද ? මගේ පාස්පෝර්ට් එක ..තානාපති කාර්යාලේ මගින් ..ලංකාවට එවල දැනට අවුරුද්දයි මාස දෙකාක් වෙනවා ..? තාමත් නැහැ ..කෝල් කළාම කියන්නේ .,තාමත් ලිපි වල වැඩ ඉවර නැහැලු ..? ඉතින් ..ඔය රොබෝවෙක් වත් දමල මගේ පාස්පෝට් එක ඉක්මනටම හදලා දෙනවානම් නේද හොද ..? (බ)