මෙතෙක් ලොව හඳුනාගෙන ඇති කිසිදු හාක හෝ සත්ත්ව වංශයක් යටතේ වර්ගීකරණය කළ නොහැකි අමුතුම ජීවීන් විශේෂ දෙකක් ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇතැයි විද්‍යාඥයෝ කියති.
කොඳු ඇට පෙළක් ඇති හෝ නැති සත්ත්ව විශේෂ වලට හෝ මල් හටගන්නා හෝ මල් හටනොගන්නා ශාක විශේෂ වලට මේ සතුන් අත්වන්නේ නැත. හත්තක් වැනි ස්වරූපයක් ගන්නා මොවුන්ගේ සිරුර ඇතුලත ආමාශයක් දක්නට ලැබෙන බවත් එය වටා ජල්ලිමය ද්‍රාවණයක් ඇති බවත් පවසන විද්‍යාඥයන් මොවුන් ඩෙන්ඩ්රොග්රැම්මා ලෙස හඳුන්වා ඇත.
ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ අදින් වසර කෝටි 60ට පමණ පෙර පෘථිවියේ ජීවත්ව සිට සිය වරිගයා වඳවී යද්දී ආයාසයෙන් දිවි ගලවාගත් සුළු පිරිසකගෙන් පැවත එන්නන් විය හැකි බවයි. තවත් විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ බහු සෛලික ජීවීන් පරිනාමය වෙද්දී පරිනාමිකව අසාර්ථක වූ සත්ත්ව විශේෂ දෙකක් විය හැකි බවයි.
ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාවේ තස්මේනියාවත්, බාස් සමුද්‍ර සන්ධියත් අතර මුහුදේ අඩි 1,312ත් අඩි 3,280ක් පමණ ගැඹුරු මුහුදු පත්ල සූරා ලබාගත් රොන් මඩ අතර තිබී මේ සත්ත්ව විශේෂ දෙක සොයාගෙන ඇත.
මේ සත්ත්වයන් දෙදෙනා ඩෙන්ඩ්‍රොග්‍රැමා එනිග්මැටිකා හා ඩෙන්ඩ්‍රොග්‍රැමා ඩිස්කොයිඩ්ස් ලෙස නම්කැර ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වත් අපේ ආගමේ කියල තිබ්බා කියපල්ලා දරුවනේ (නදී)
සංක, ඔබේ ප්‍රතිචාරය අගනා එකක්. ඔබ සඳහන් කළ පොත් කියවා බලන්න මාත් පෙළඹුණා. ඔබට ස්තුතියි! (නි)
බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ අනන්තයි ! සාධු!!(අ)
සුපුන්, මදුරන්ග, මම ඔබත් සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි. මොකද බුදුදහම ගැන දන්නා කෙනෙකුට ලෝකය ගැන අමුතුවෙන් දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. ලෝකයේ පැවැත්ම සහ ලෝකයේ අවසානය තමයි කාටවත්ම හොයාගන්න බැරිවුණේ. (නි)
බුද්ධ ධර්මය හැමදා සත්‍ය වේ ! (නි)
එයාලා කියනවා අපි අහනවා.(හේ)
අප්පුහාමි අපි අන්ධ භක්තිකයෝ නෙවි. සියලු දේ නුවනින් දකින්න කියාදුන්න දහමක් අදහන අය (නදී)
පරිණාමයට එහා ගිය පිළිගත හැකි දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. විද්‍යාව පවසනවාට වඩා ජීවින් බිහිවන තවත් ක්‍රමයක් තමා 'ඕපපාතික' ක්‍රමය එය. බුදුහාමුදුරුවෝ තමා මුලින්ම දේශනා කළේ. විද්‍යාව ඉක්මවා ගිය බටහිර බුද්ධිමතුන් 'ඕපපාතික' ජීවින් බිහිවීම පිලිගන්නවා. මිනිසාගේත් අකණ්ඩ පරිණාමයක් හොයන්න බෑ විද්‍යාවට. මිනිසා ඕපපාතිකව බිහිවුන සත්වයෙක් කියල බුද්ධාගම පවසනවා. බටහිර විද්‍යාව එම මුලින්පිළිගත්තේ නෑ නමුත් දැන් එහි සත්‍යක් තියෙන බව විස්වාස කරනවා. එනිසා සමහර සත්ව විශේෂ ඒ විදියට බිහිවෙන්න පුළුවන්. (අ)
ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීමට අනුව 'වෛරසයද' ජීවියෙක් නොවේ. (නි)
පරිණාමවාදය ගැන දැනගන්න කුමාර් මහත්මය ඩෝකින්ස්ගෙ හෝ ජෙරී කොයිල්ගෙ පොත් කියවන්න. මේයර් කියන්නේ ජීව විද්‍යාව හදාරපු කෙනෙක් නෙමෙයි දර්ශනය හදාරපු කෙනෙක්. එ්ක හරියට දේශපාලනකරුවෙක් ගෙන් යුද්ද කරන හැටි ඉගෙන ගන්නවා වගේ. අනික වදුරගෙන් නෙමෙයි පැවත එන්නෙ වදුරාවගේ සතෙක්ගෙන්. වදුරටයි මිනිහටයි පොදු අාදිවාසියෙක් ඉන්නෙ. (නදී)
ස්තුතියි කුමාර්, මම එ්ක හොයාගෙන කියවන්නම් තේජාන්විතගේ ප්‍රශ්නෙට උත්තරේ උදේ කන්නාඩිය ලඟට ගියාම හම්බුවෙවී බලන්න (නදී)
ලෝකයම කණපිට හරවන්න වෙයිද මන්දා? දැන් යන තාලයට එහෙම වෙනවා නම් හොඳයි එක අතකට (නි)
රූප සටහනේ හැටියට දෙවර්ගයම ස්ත්‍රී ලිංගික හැඩයි. බෝවෙන්නේ සෛල විකාෂනයෙන්ද? (නදී)
ජීවින් ඇතිවන්නේ පරිණාමයෙන් නෙමෙයි නේද?කොටින්ම කිව්වොත් මිනිසා පැවතෙන්නෙත් වඳුරන්ගෙන්ලුනේ. එහෙනම් ඇයි වඳුරෝ තාම ඉන්නේ? (නි)
ජයාත්, ඔයා කියවලා බලන්න "ඩාවින්ගේ සැකය" කියන පොත. ඒකෙ කතෘ ස්ටෙෆාන් සී මෙයර්. (නි)
කුමාර්, පරිණාමවාදය ඔප්පු කරන්න බැරි නැහැ. නමුත් සමහර දේවල් තියනවා ඒකෙන් පැහැදිලි කරන්න බැරි. එහෙමයි කියලා මුළු වාදයටම ගරහන්න එපා (නි)
නොර්ටන් හරි. ඒ ගොල්ලොත් පරිනාමය වෙන්නේ නෑ. ගල් යුගේ වැද්දෝ. (නදී)
කොඳු ඇට පෙළක් ඇති හෝ නැති සත්ත්ව විශේෂ දෙකටම අත්වන්නේ නැති අය මෙහෙත් ඕනේ තරම් ඉන්නවා (නදී)
අවුරුදු 1400කට ඉස්සරත් ඔහොම වර්ගයක් බිහිවුනා තාම ඉන්නෙ ගල් යුගයේ. (නදී)
පරිණාමවාදය හැමදාම වාදයක් පමණක් වේද? (නි)
ඔප්පු කරන්න බැරි පරිනාම විද්‍යාවේ බංකොලොත් භාවය දැන් ලෝකයම වටහාගෙන අහවරයි (නදී)