නලයක ක්‍රමයෙන් දරුවකු බිහිකිරිමේ නල දරු උපත් වෙනුවට ගැහැනියකගේ සිරුරේම ස්වභාවික තත්ත්වය යටතේ කෘතිම ගැබ් ගැන්නවීමක් කිරීමේ නව ක්‍රමයක් සාර්ථක වි ඇතැයි විද්‍යාඥයෝ කියති.
මේ නව ක්‍රමය බ්‍රිතාන්‍ය යුවලකට අත්හදා බලා එය සාර්ථක වූ බව ද ඔවුන් පවසයි. පිරිමියාගේ ශුක්‍රාණු හා ස්ත්‍රියගේ ඩිම්බ සම්මිශ්‍රණයක් ගර්භාෂයේ තැන්පත් කරනු ලබන්නේ ගිනිකූරකට වඩා ප්‍රමාණයෙන් කුඩා වූ විශේෂ උපකරණයක් උපයෝගී කර ගනිමිනි.
එලෙස තැන්පත් කර පැය විසි හතරකට පසු කෘතිම ගැබ් ගැන්නවීම සාර්ථක දැයි සොයා බලා එම උපකරණය ඉවත්කරනු ලබයි.
මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමය වූයේ රසායනාගාරයක දී සංසේචනය කර සෑදූ කළලයක් ගර්භාෂය වෙත මාරු කිරීමයි.
ස්ත්‍රී සාඵල්‍යතා විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ මේ නව ක්‍රමයෙන් ස්ත්රීන්ට කලින් ක්‍රමයට වඩා මානසික සුවයක් ලැබෙන බවයි.
බ්‍රිතාන්‍යයේ දකුණු ඇම්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්ය නිකොලොස් මැක්ලන් මෙසේ කියයි.
‘‘මේ නව ක්‍රමය ඉතා සාර්ථකයි. කළලය සෑදීම ආරම්භ වන්නේත් මවගේ ගර්භාෂය ඇතුලේම නිසා මව සැබෑ මවක් වනවා. ඒ වගේ ම මෙය පැරණි නල දරු උපත් ක්‍රමයට වඩා ලාභදායී බැවින් ඉතා ඉක්මණින් ජනප්‍රිය වේවි. “
කලින් පැවති නල දරු උපතක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 3800ක් පමණ වැය වූ බවත් මේ සඳහා වැය කරන්නට සිදුවන්නේ පවුම් සියයකට ආසන්න මුදලක් බවත් විද්‍යාඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ක්‍රමය ඉක්මනටම ලංකාවේත් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි (නි)
හොඳ ලිපියක් (නි)
ශාන් දන්නවද රසායනික පොහොර ගහල අපේ පරිසරයට වෙච්චදේ ? රජරට වැව් එකක්වත් පාවිච්චි කරන්න සුදුසු නැති තත්වෙට පත් වෙලා. හැබැයි ඒවා ඒකාලේ අදුන්වල දෙනකොට කිව්වේ කොච්චර සතුටක්ද ඉක්මනට අස්වැන්න ගන්න පුළුවන් කියල. එනිසා විද්‍යාව නමින් එන හැමදේටම රැවටෙන්න යන්න එපා, විශේෂයෙන් ඕක පිටිපස්සේ එන ව්‍යාපාරික මාෆියාවට සමාජය විනාස කරන්න ඉඩ දෙන්න එපා. (කෞ)
තුෂි ගිහි ගෙය ඇත හරිනවා කියන එක අපේ කට්ටිය ඒකාලේ ඉදල වැරදියට තේරුම් ගත්තේ. අපිටත් ඉස්සර ඕව කියන කොට හිතට ආවේ වන ගත වෙලා මදුරුවෝ කාගෙන දුක් විදින ක්‍රමයක්. එත් එක වැරදි අවබෝදයක්. ඇත අරින්න ඕන හිතේ ඇතිවෙන බැදීමයි, පටු ගතියයි. ඍන ආකල්පයි. එකට ඉන්න තැන වැදගත් නැහැ. එතකොට තමා නොබිදෙන නිදහසේ ප්‍රීතිය විදින්න පුළුවන්. (කෞ)
අපි සතුටුවෙන්න ඕනෑ මෙහෙම සාර්ථක විද්‍යාත්මක ක්‍රමයක් ලොවට හඳුන්වා දීම සම්බන්ධව. සුද්දා කළුද සුදුද කියලා නෙමෙයි හිතන්න ඕනෑ. ඕකට කියන්නේ කුහකත්වය. බබලා නැති අය කොයිතරම් ඉන්නවද? ඒ ගොල්ලන්ට කොයිතරම් සතුටක්ද මේ ආරංචිය? (නි)
ඉන්දික කියන්නේ දැන් හැමෝටම ගිහිගෙය අත්හරින්න කියලාද? එකපාරටම ඔහොම හිතන්න පුළුවන් නම් ලංකාවේ කී දෙනෙක් මාර්ගඵල ලබලාද? (නි)
රංග හරි නැති වුනත් එ්ක තමා ඇත්ත කතාව. තණ්හාව නිසයි බවයක් ඇතිවෙන්නෙත්. තමන්ගේ ළමයි අනුන්ගේ ළමයි කියල බෙදන්නේ ආත්මාර්ථය නිසා මිසක් වෙන මොකක්ද? ඕව අපි තුළ තියන බව පිළිගන්න කවුරුවත් කැමති නැහැ. (බ)
වින්සන්ට් , ආත්මාර්ථකාමීකම සහ තන්හාව කියලා එහෙම කියන එක හරි නැහැ නේද ? මොන කාන්තාවද දරුවන්ට අකමැති. දරුවන් කියන්නේ ඇඹුල් මිදී වගේ , නොලැබුනාම අපොයි නැති එකම හොඳයි කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. (බ)
වින්සන්ට් , අපිට හරි ලේසියි පැත්තක සිට දරුවන් නැති අයට උපදෙස් දෙන්න. ලංකාවේ ගතිකානුගතික සමාජයේ දරුවෙකු නැති ස්ත්‍රියකට ලැබෙන මානසික පිඩාව දන්නේ ඒ උදවියමතමයි. වෙන එකක් තියා මේ එක දරුවෙක් ඉන්න මගෙනුත් ගිය ගියතැන අහන්නේ ආ එක්කෙනාද බබාලා ඉන්නේ .. තව ළමයෙකුට කැමති නැද්ද කියලා (බ)
මැණික්, මම නම් සිතන්නේ දරුවන් නැති එක ගැන කණගාටු වෙන්නේ තණ්හාව සහ ආත්මාර්ථකාමීකම නිසා කියාය. සැබෑ දරු සෙනෙහසක් ඇති අයට ආදරය කිරීමට දරුවන් ලොව කොපමණ සිටිනවාද? දෙමව්පියන් නැති, කන්න අඳින්න නැති, ඉන්න හිටින්න නැති, අසරණ දරුවන්ට සෙනෙහසක් නැති අපි මෙවැනි දරුවන් පසුපස යාම තේරුම්ගත නොහැකි දරු සෙනෙහසකි. "හුණුවටයේ" කථාව මේ ගැන යම් අදහසක් අපට ලබාදෙනු ඇත. (නි)
මෙම ක්‍රමය ලංකාවට ඉක්මනින් හඳුන්වා දෙන්න. (නි)
ඇත්තටම හොඳ ක්‍රමයක් ලංකාවට ආවොත්. (ර)
මාගේ සුබ පැතුම්. (ර)
සුද්දෝ කියලා ඔවුන්ට අපහාස කරන්න එපා. ඔවුන් ඉතාමත් බුද්ධිමත් වගේම ඉතාමත් ශක්තිමත්. අපේ අය තමන්ට වඩා දක්ෂ අයගෙන් දෙයක් ඉගෙනගන්න කැමති නැති උද්දච්ච ජාතියක් (නි)
හොඳ සොයාගැනීමක් (නි)
මෙම ක්‍රමය ඉක්මනටම ලංකාවේත් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි (නි)
එහෙනම් සුද්දට කලින් ඉන්දිකට ඔය ක්‍රමය හොයාගන්න තිබුනනේ. (නි)
මම නම් පතන්නේ කාටවත් දරුවන් නැති දුක නම් ඇති වෙන්න එපා. තරුණියන් හැකිනම් වයස 30 වෙන්න කලින් විවාහ වී එක දරුවෙක් වත් හදා ගන්න. 35 පැන්නොත් තත්වය බරපතලයි. ගැහැණියකගේ සරු ඩිම්බයක් නිපදවීමේ හැකියාව සීග්‍රයෙන් පහල බහිනවා. මේ මොන ප්‍රතිකාර තිබුනත් අන්තිමේ ප්‍රතිපල 100% කියන්න බැහැ. නිසි කලට විවාහ වීම තරම් ප්‍රතිකර්මයක් තවත් නැහැ. මමත් මේ කියන්නේ අත්දැකීමෙන්. (ර)
සමහර අයට තමන් බිහි වෙච්ච හැටිත් මතක නැති වෙලාද කොහෙද, ජීව ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ බුද්දිමත් ක්‍රියාවලියක්. එ්කට සුද්දගේ දැනුම ඕන නැහැ. (ස)
ලංකාවේ හොර වෙද්දු මදසරු පවුල් ගසාගෙන කනවා. මම පෞද්ගලිකවම දන්නවා. (බ)
දැන් මෙය ගර්භාෂය තුළම තැන්පත් කිරීම මඟින් මවට කිසිදු සැකයකින් තොරව හා මානසික නිදහසකින් යුක්තව සිටින්න පුලුවන්. එම නිසායි මේ ක්‍රමයට සියලු දෙනාගේ උණුසුම් ප්‍රතිචාර හිමිවෙන්නේ (නි)
සෞම්යාලාට සුද්දාට වැඩිය කෙනෙක් නැහැ. කළු සුද්දන්ගේ හැටිමනේ. (නි)
සුද්දට සුද්දා කියන්නේ හම සුදු නිසාම නෙමෙයි. සුද්දගේ වැඩත් සුදුයි. සුද්දට බනින්නේ කුහකකමට (නි)
ඇත්තටම හොඳ අදහසක්. මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් හිටිය කට්ටිය ගොඩක් ඇති දරුවෝ නැති කට්ටිය/ සුබ අාරංචියක්. (ස)
හොඳ ලිපියක් (නි)
සෞම්යාලට සුද්දා නැතුවම බැරිද? (නි)
ඇත්තටම සතුටුයි හොඳ ක්‍රමයක්. (ස)
ගොඩක් හොඳයි .... එම ක්‍රමය ගොඩ දෙනෙකුට යහපතක් සැලසේවි. (ස)
කලින් මේ ක්‍රමය ආවා නම් කියලා හිතෙන අයත් ඇති නේද? උඩු හිතින් විතරයි සුද්දා හොඳ නැත්තේ. බනින්නෙත් අවංකවම නොවෙයි. යුරෝපයට විසා නැතුව, ගුවන් ගමන් ප්රවේශ් පත්‍රයත් ඉතාම අඩුවට දෙනවා කියන්න බලන්න. මුළු ලංකාවේම ඉන්න අය යන්න කැමති වෙන්නේ නැද්ද කියලා. (නි)
අපේ අය සුද්දාට බැන්නට සුද්දා නැතුව මොකුත්ම කරගන්න බැහැ නේද? (නි)