අලිගැටපේර දිනපතා ආහාරයට ගැනීම හදවතට ඉතාමත් ගුණදායක බව වෛද්‍යවරු කියති. හෘදයාබාධ වැළඳීමේ අවදානම පහත හෙළීමේ ගුණය අලිගැටපේරවල ඇති බව පරීක්ෂණවලින් සනාථ කරගෙන ඇත.
එසේම ශරීරයේ බර අඩුකරගැනීමේ සාධකයක් ලෙසද අලිගැටපේර ආහාරය සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම පිළිකා නාශකයක් ලෙසද එය ක්‍රියාකරන බව සොයාගෙන ඇති අතර මුඛ පිළිකා අවදානම පහත හෙළීමේ ගුණය එහි ඇති ග්ලූටැතොයින් හා සැන්තොපයිලුතීන් නම් සංයෝගවල අන්තර්ගත බව වෛද්‍යවරු පෙන්වා දෙති.
එමෙන්ම සමේ පැහැය ඔපවත් කරගැනීමට හා ඇස්වල නීරෝගී බව හා ලස්සන වර්ධනය කිරීමේ ගුණය අලිපේරවල ඇතැයි පරීක්ෂණවලින් සොයාගෙන ඇතැයි වාර්තාවේ. අලිපේරවලින් ශරීරය සිසිල් කිරීමේ හැකියාවද ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍යමත් ජීවිතයකට බොහොම වටිනා ලිපියක් (නි)
ශරීරයට හිතකර සහ අහිතකර යනුවෙන් කොලොස්ටරෝල් වර්ග දෙකක් තිබෙනවානේ.අලිපේරවල තිබෙන්නේ හිතකර කොලොස්ටරෝල් වර්ගය කියලා කියන්නේ. මොනවා වුණත් දවසකට ගෙඩි බාගයක් වැඩිහිටියකුට ප්‍රමාණවත් කියලා කියන්නේ.(ම)
කොහොමත් අපේ අයට අපේ රටේ දේවල් අගය නැහැ. ඒ ගැන තේරෙන්නේ මේ වගේ රටවලට ආවිටයි. සිරිලක දේ සිරි සැප දේ! (නි)
අලිගැටපේරවල කොලෙස්ටරෝල් තිබෙනවා කියන්නෙත් දොස්තරලාමයි. කොලෙස්ටරෝල් නැහැ කියන්නෙත් දොස්තරලාමයි. මේ නිසා බොහෝ දෙනෙක් කන්න බයේ ඉන්නේ. (නි)
සුනිල්, ඔබ සමඟ මමද එකඟවෙමි. බටහිර රටවල සිටින අපිට මෙම පළතුර මිලදීගන්නට වී තිබෙන්නේ අධික මිලක් දීලයි. අමු අලිගැටපේර නිවසට ගෙනවිත් ඉදවා බැලූවිට ගෙඩියේ මුල සිට නැට්ට ගාවින් කලුපාට වී තිබෙන අයුරු දැක ගතහැකියි. ඉවත දමනවා හැර වෙන කරන්නට දෙයක් නොමැත. අපේ රටේ ගස් යට කුණුවී, අපතේයන මේ වටිනා පළතුර පිටරටවලට යවන ක්‍රමවේදයක් සකසන්නේ නම් ලංකාවාසීන්ට මෙන්ම අපටද මහත් ප්‍රයෝජනයක් වෙන බව කියන්නට කැමැත්තෙමි. (නි)
වටිනා ලිපියක්. බොහොම ස්තුති මේ ලිපිය ලියපු අයට. නමුත් ප්‍රශ්නෙකට තියෙන්නේ හොඳ අලි ගැට පෙර වෙළඳ පොලේ හොයාගන්න බැරි එක. බොහෝ විට ලැබෙන්නේ හරියට නොපැසුණු ගෙඩි. මේවා ටික දවසකින් කුණු වෙලා යනවා. (බ)
අලිගැටපේර වල කොලොස්ටරෝල් තියෙනවා. (ම)
ගුණාත් වැඩියි, ගණනත් වැඩියි. (නි)
ඉතා වටිනා ලිපියක් (නි)
මේ පලතුරු ගොඩක ඉන්න මම ඔච්චර දෙයක් දැනගෙන හිටියේ නැහැ. අද ඉඳලා අලිපේර කනවා. ස්තුතියි ලංකාදීපයට! (නි)
විශාරද අදහස් නියමයි! ලංකාවේ අගුණ පළතුරු ජාතිත් තියෙනවද? තියෙන සියලුම පළතුරු වලට කෘෂිරසායනික යහමින් තවරලා.අපේ ගොවින් සැමදා දුකේ ඉන්නෙ ඇයි? (ස)
රජය හෝ පිළිගත් හැකි වෙළඳ සමාගම් ඉදිරිපත්වී මෙම පලතුරු එකතුකර ඒවා යුෂ කර හෝ ක්‍රීම් ලෙස සාදා වෙළඳපොළට යැවීම කරන්න . අපතේ නොයවා . (ස)
කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා කෑවම පොත්ත අවට තියන විටමින් විශේෂ අපිට ලබා ගන්න බැහැ. අපිනම් කරන්නේ දෙකට කපලා හොඳට හුරලා මැද කොටස අරගන්නේ. අපි නම් සීනි පොඩ්ඩක් දානවා . කිරි පිටි හෝ දියර කිරි පොඩ්ඩක් දාල හොඳට කවලම්කළාම ගොඩක් රසයි. හැබයි සීනි හා පිටි අගුණ අයට නම් සීනි හෝ පිටි මිශ්‍ර නොකළ යුතුයි. (ස)
මේ නිසා තමයි ලංකාදීප හැමදාම ලංකාවේ ජනප්‍රියම පුවත්පත වන්නේ. ස්තූතියි ලංකාදීප (නි)
වටිනාකම කියා නිමකළ නොහැකි ලිපියක් (නි)
නොදන්නා කරුණු රැසක් දැනගත්තා (නි)
අපේ රටේ අලි ගැට පේර වාරයට ගස් යට කුණු වෙලා යන මේ අගනා පලතුරේ වටිනාකම ගැන මා බොහෝ කරුණු දැන ගත්තේ මේ රටට පැමිණියාට පසුවයි. අලිගේටෙර් පෙයාර්,බටර් ෆ්රුට් යන නම් වලිනුත් හදුන්වන මෙහි අන්තර්ගත විටමින් ප්‍රමාණය විස්මිතයි. අයන්,කොපර්,පොටෙසියම්,මැග්නීසියම්,විටමින් ඒ,ඊ,කේ ඇතුළු තව කොපමණද....?මුලදී මෙම පළතුර ගැන වැරදි වැටහීමක් තිබුනත් පසුව දැනගත්තේ වැඩි කොලොස්ටරෝල් අඩු කිරීමට සහ අධික රුධිර පීඩනයටත් මෙය මහඟු පිටිවහලක් වෙන බවයි.මෙම පලතුර ගැන අපට තියන වැරදි වැටහීම දුරු කර ගැනීමට මෙම ලිපිය බොහෝ සේ උදව් වේ යයි සිතමි.මෙවන් අගනා ලිපි පළ කල ලංකාදීපයට ස්තුතියි. (ස)
අලිගැටපේර ස්වභාවිකවම රසවත්. ඒත් හුඟදෙනෙක් අමුතුවෙන් සීනිත් එකතුකරනවා. එතනයි වැරැද්ද. ගෙඩිය තීරු හයකට විතර කපලා කෙසෙල් ගෙඩියක් ලෙලි ගහන විදියට පොත්ත ඉවත් කරලා කෑවහම හරි. (නි)
මමත් මේ පළතුර කන එක නතර කළා,කොලෙස්ටරෝල් වලට බයේ. ස්තුතියි අදහස් දුන් සැමට සහ ලංකාදිපයට. (නි)
අලිගැටපේර ලෝකයේ හොඳම පෝෂණ ආහාර 10න් එකක්. (නි)
බිස්කට් වර්ගයක් සමග අලිගැටපේර තලපයක් වගේ සැකසු එකක් හරිම රසයි. මේ අලිගැටපේර ඩිප් මා සිටින රටේ ජනප්‍රිය කෑමක්. පොඩි ළමයින්ට දෙනවා නං චීස් ස්වල්පයක් එකතු කරලා දෙන්න පුළුවන්. මදක් ඉදුණු අලිගැට පෙර ගෙඩියක මදය කුඩා කෑලි වලට කපන්න . ඔලිව් තෙල් බින්දුවක් දෙකක් ඉහලා සැල්දිරි දඬු කෑලි කුඩාවට කපලා සලාද කොළ සහ ලුණු ගම්මිරිස් එක කරලා සලාදයක් ලෙස කෑමට ගන්න. (ර)
අතුරුපස විතරක්ම නෙවෙයි පාන් වලට ගාලා හරි සැලඩ්ස් වලට එකතු කරන්නත් පුළුවන්. බටර් වෙන්නුවට අලිගැටපෙර පාවිච්චි කරන්න හරිම රසයි. (ර)
ඇත්ත වශයෙන්ම සියලුම එළවලු පලතුරු ලෝකයට දායාද කරලා තියෙන්නේ බඩගිනි නිවාගන්න පමණක් නොවේ . සියලුම පෝෂ්‍ය පදාර්ථ වගේම රෝග වැලැක්වීම සදහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යත් එතුල අඩංගු වෙනවා. අපේ මුතුන් මිත්තන් ආරක්ෂා වුණේ රසායනික ද්‍රව්‍ය රහිත එළවලු පලතුරු අනුබවයෙන්. දැන් ඒ බව ඔප්පු වෙමින් පවතිනවා. (ම)
වටිනා හොඳ ලිපියක්. මගේ ආසම පලතුර අලිගැටපේර. කොලොස්ටරෝල් තියෙනවා කියන වැරදි මතය නිසා මම කන්නේ අඩුවෙන්. නමුත් මම දැන් දන්නවා එහි ඇති ගුණය.ලංකාදීපයට ස්තුතියි! (නි)
ඉහත දක්වා ඇති පරිදී බටර් පෘට් නමින් බටහිර රටවල ප්‍රචලිත අලිගැටපේර වල ඖෂධාත්මක ගුණය බටහිර රටවල වැසියන් හොඳින් දන්නා බැවින් අපේ රට වැනි ඝර්ම කලාපික රටවලින් ගෙන්වා අලෙවි කරනවා. එහෙත් මෙම වටිනා පලතුර සුලබව ඇති සමයේ ගස් යට කුණුවී යනවා. මෙම පලතුරු ගසේ ඇටද, දළුද ආහාරයට ගන්නා බව දැනගත්තේ මනොජ්ගේ ඉහත දක්වා ඇති අදහසිනි. (නි)
අලි ගැට පේර වල වටිනා විටමින් පදාර්ථ අඩංගුයි.හොඳ කොලොස්ටරෝල් වර්ධනය කරන අතර,නරක කොලොස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක්ද සතුයි. මෙම රටේ,ඇමෙරිකාවේ නිව් ජර්සි වල අලිගැට පේර ගෙඩියක මිල (ලංකා මුදලින්) රු. 300= 350= අතර වේ.මෙම පලතුරේ විස්මිත ගුණය වටහා ගෙන ආහාරයට ගැනීමෙන් හොඳ ප්‍රතිපල ලබාගන්න.(රේ)
ඉතාමත් වටිනා ලිපියක්.ලංකාදීපයට ස්තුතියි. (නි)
හොඳ ලිපියක්. (නි)
අලිගැටපේර දළු සම්බෝලය මැල්ලුමට හා කැඳ වලටත් ගන්නවා. (නි)
අලිගැටපේර ඇට කැබලි කරලා වේළලා කුඩු කරලා පිටිත් එක්ක මිශ්‍රකරලා රොටි, වඩේ එක්ක කෑමටත් පුළුවන්. අපේ අය දැන් මේවාට අලසයි. සුපර් මාර්කට් දුවන්නමයි හිත. (නි)
ඔව් තිලක්,මට දැන් මතක්වෙනවා. මීටපෙරත් මේ පළතුර ගැන ලංකාදීපයේ ඉතා අගනා ලිපියක් පළව තිබුනා. අනිත් එක අපේ අය අතර වැරදි ආකල්පයක් තිබෙනවා මේවා කෑවොත් කොලෙස්ටරෝල් වැඩිවෙන බව. දැන්නම් බය නැතුව කන්න පුළුවන්. (නි)
ඉනෝකා-එංගලන්තය. මිට කලිනුත් ලංකාදීපය විසින් මෙම පලතුර ගැන විස්තරාත්මක ලිපියක් පල කරලා තිබුණ.අලි ගැට පේර වල අප ශරීරයට ගෙනෙන ඖෂදිය ගුණය/වටිනාකම තවමත් අපේ රටේ ජනතාව නොදන්නවා වෙන්න පුළුවන්. මෙම පලතුරු අපේ රටේ ඕනෑම ප්රදෙසයක ඉතාම සස්රීකව වැවෙනවා.බද්ද කිරීමෙන්/ බද්ද පල සිටවීමෙන් කුඩා කලදීම අලිගැට පේර ලබා ගන්නත් පුළුවන්. (අ)