ශුක්‍රාණුවල සෞඛ්‍ය සම්පන්න වර්ධනයට හොඳ ආහාර වේලක් අවශ්‍ය බව පෝෂණවේදීනි ඉසබෙලා ඕබර්ට් පවසන්නීය.
පුරුෂයන් පස් දෙනෙකුගෙන් එක් කෙනෙකුගේ ශූක්‍ර තරළය තුල අවශ්‍ය තරම් ශුක්‍රාණු ප්‍රමාණයක් නොමැති බව වෛද්‍යවරු පවසති. සාමාන්‍යයෙන් ශුක්‍ර තරළය මිලිලීටර් එකක ශ්‍රක්‍රාණු මිලියන 15ක් තිබිය යුතු වුව ද එවැනි ප්‍රමාණයක් නැති සංඛ්‍යාව සියයට 20කි.
විවාහපත් ජෝඩු හයකින් එක් ජෝඩුවකට දරු සම්පත් නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ ද පිරිමින්ගේ ශුක්‍ර තරලයේ අඩු ශුක්‍රාණු ප්‍රමාණයක් තිබීම හෝ දුර්වල මට්ටමේ ශුකාණු තිබීමයි.
කෙසේ වෙතත් ඕබර්ට් මහත්මිය පර්යේෂණයක් මගින් පෙන්වා දි ඇත්තේ පුරුෂයන්ගේ ශුක්‍රාණුවල තත්වය එහි ප්‍රමාණයට වඩා වැදගත් බවයි.
මේ දුර්වලතාවට ප්‍රධාන හේතුව වන්නේ දුර්වල පෝෂණය, දුම්බීම සහ පරිසර දූෂණය, සහ ශරීරය තුල ඇති දුර්වල විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.
කරල් බෝග ධාන්‍ය වල සිට කළු චොකලට් දක්වා පුරුෂ සඵලත්වයට හොඳම ආහාර ලෙස පර්යේෂණ මගින් තහවුරුකර තිබේ.
තක්කාලිවල අඩංග ලයිකොපේන් මගින් ශුක්‍රාණුවල පිහිනීමට ඇති හැකියාව වඩාත් ශක්තිමත් කරයි.
වෝල්නට් ඔමෙගා තුන මේද අම්ලයෙන් පොහොසත්ය. ඉන් ශුක්‍රාණුවල පිහිනිමට ඇති හැකියාව, එහි ප්‍රමාණය සහ හැඩය සුරැකිව තබා ගැනීමට උපකාරිවේ. මේවා රුධිරයේ සීනි මට්ටම පාලනයටද උපකාරිවේ.
වට්ටක්කා ඇට සින්ක් නැමැති ලෝහයෙන් අනුනය. එමගින් ශුක්‍රාණු වර්ධනය සහ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනයට මහඟු දායකත්වයක් ලබාදේ.
මයිසුර් පරිප්පුවල ෆෝලේට් නැමැති සංයෝගය අඩංගුය. එනම් ස්වාභාවික ෆෝලික් ඇසිඩ්ය. මෙය පුරුෂයන්ගේ මෙන්ම ස්ත්රීන්ගේ දා සරුබව වැඩිකිරීමට උපකාරීවන්නකි.
මෙම ආහාරයේ ප්‍රෝටීන් සහ කෙඳිති වලින් පරිපුර්ණය වේ.
නිල් පැහැති බෙරිවල අඩංගු රසායනිකයක් ශුක්‍රාණුවල පිහිනීමේ හැකියාව සහ එහි තත්වය වර්ධනය කරණ බව පෙන්වාදි තිබේ.
ඇති තරම් පිරිසිදු ජලය පානය මගින් ශුක්‍රාණු ගණනය වැඩි කල හැකි සරළම ක්‍රමයයි.
දෙළුම් කෑමෙන් ශුක්‍රාණුවල තත්ත්වය වඩාත් ගුණාත්මක කරයි.
කළු පැහැති චොක්ලට්වල අඩංගු ඇමයිනෝ අම්ල වලින් ශුක්‍රාණුවල විසර්ජන ධාරිතාව, ඒවායේ ගණනය සහ පිහිනීමට ඇති හැකියාව ඉහළ දමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැණික්, ඕක සුලු දෙයක්නේ! (නි)
ගාමිණී, මම හිතන විදියට, දෙවියන්ට සම්බන්ද ආගම්වලට අනුව මේ ආත්මයෙන් පස්සේ, අපි කළ දේවල් අනුව එක්කෝ දිව්‍යලෝකේ යනවා නැත්නම් අපායේ යනවා. බුදුදහමින් අපිට කියන්නෙත් අපි කළ දේවල් අනුව අපේ ලබන ආත්මය තීන්දු වෙනවා කියලයි. සරලව ගත්තොත් අපිට පේනවා ආගම වලින් අපිට කියන්නේ මේ ජීවිතය හොඳින් ගත කළොත් මරණින් පසු හොඳක් වේවි කියල (මේ ජීවිතය හොඳින් ගත කල යුතුයි කියල කියන්න ආගමක් අවශ්‍ය නෑ, හොඳ නරක ගැන අපිට ස්වාභාවිකවම හැඟීමක් තියෙනවා). ලබන ආත්මය එහෙම නැත්නම් මරණින් පසු "ජීවිතය" ගැන අපි හරියටම දන්නේ නෑ. ඒ ඒ ආගම අනුව තියෙන විශ්වාස පමණයි අපිට තියෙන්නේ (මේ ගැන විවිධ පර්යේෂණය විවිධාකාරයෙන් කෙරෙන බව අසා කියව තිබෙනවා. පෙර ආත්ම ගැන වරින් වර විවිධ පුවත් මතු වෙනවා). විද්‍යාවට අනුව සියලුම ජීවින් උත්සහ කරන්නේ සදාකාලිකව ජිවත් වීමටයි. නමුත් ඒක කරන්න බැරි නිසා තමයි අපි ඊළඟ පරපුරට ජිවය දෙන්නේ. අපි එසේ කරන්නේ, පුද්ගලයෙක් විදියට තමන්ට සදාකාලිකව ජිවත් වෙන්න බැරි වුනත් අඩු ගණනේ තමන්ගේ වර්ගයා ඉදිරියටත් ජිවත් විය යුතුයි කියලයි. ඒක නිසා තමයි අපි දරුවෝ හදල අපේ ජිවය එයාලට පාස් කරන්නේ. මේ ස්වභාවික නීතියට අපි හැමෝම යටත්. ආගම ස්ථාපිත වෙලා තියෙන්නේ මේ ස්වබාවික නීතියට එරෙහිවයි. ආගම සහ විද්‍යාව අතර ඇති එක ගැටුමක් තමයි ඒක. නාසා ආයතනය පරීක්ෂණ පවත්වන්නේ බුදුදහම ගැන විතරක් නෙමෙයි. ඒක එයාලගේ ලයිස්තුවේ ඒක අංගයක් පමණයි. (බ)
පින් පව් සම්බන්ධ කරුණු කියන්නේ බුදුදහමින් කොටසක් විතරයි.තව කොච්චර කරුණු තියෙනවාද බුදුදහමේ අධ්‍යනය කරන්න.(ම)
මටිපහනගේ ප්රශ්නය බොහොම කලොචිතයි. අද ගොඩක් මිනිස්සු විද්‍යාව කියල හිතන් ඉන්නේ අවිද්‍යාවට. පොඩ්ඩක් හිතන්න පුළුවන් නම්, මීට ගොඩක් කලින් යුග වල මිනිස්සුන්ට මේ වගේ ප්‍රශ්න තිබුනේ නැහැනේ. ඔය කියන සංයෝග එකක් ගැනවත් දන්නේ නැතුව උනත්,, නිරෝගී ළමයි ලැබුනා. අපි අහල තියන හැටියට මීට වඩා ගොඩක් කල් නිරෝගීව ජීවත් උනා. අද විද්‍යාව දියුනුයි කියලා සම්මත කරගෙන ඉන්න සමාජයේ මිනිස්සුන්ට නිරෝගී කමත් නැහැ, හිතේ කිසිම සතුටක් නැහැ, බෞථික දේවල් පස්සේ දුවල හති වැටෙනවා විතරයි. (ර)
ඉන්දික හරි. විද්‍යාව කියන්නෙම අවිද්‍යාව. ඇයි අපි ස්වභාව ධර්මය විසින් මවලා තිබෙන දේවල් දිගහරින්න හදන්නේ. ස්වභාවික දේ වෙනස් කළාම දකින්න ලැබෙන ප්‍රතිඵලයට වඩා නොදකින අතුරු ප්‍රතිඵල ඉතා විශාලයි. මේ හැම විනාශයකටම මුල විද්‍යාව කියන මුලාව. (නි)
ආගම පටවා ගන්න දෙයක් මේ ප්‍රවෘත්තියේ නැහැ. මම දන්නා හුගාක් භෞතික වාදියෝ බොහොමයක් දේවාලය දේවාලයක් ගානේ දුවනවා තමන්ට ප්‍රස්නයක් වුනාම. අනික හොඳ නරක ගැන අපිට ඉපදෙනකොටම අදහසක් නැහැ එ්ක අපිට ලැබෙන්නේ අප ඉගනගන්න ආගම තුලින් උදාහරණයක් හැටිය ගත්තොත් ගෙදර ඇතිකරන සත්තුන්ට සමහර පොඩි ලමයි හිරිහැර කරනවා නමුත් දෙමාපියෝ එ්ක හොද නැහැ කියලා ඉගැන්නුවාම සමහර ළම්යි එ්ක නවත්තනවා. තවත් නවත්තන්නේ නැහැ එහෙම ළමයන්ට දෙමව්පියෝ කියනවා ඔයාට අපායට යන්න වෙයි කියල එහෙම වුනාම බොහොමයක් ළමයි එ්ක අත් හරිනවා. (නදී)
මටත් මේ ප්රශ්නය තිබුණා. ලංකාවේ මේවාටම විශේෂී වූ රෝහල් ගානේ අවුරුදු 12ක් පමණ ගිය අතර රුපියල් ලක්ෂ 80 කට වඩා වියදම් වුණා. වැඩක් වුනේ නැහැ. මම ඉන්පස්සේ ඉන්දියාවේ ප්‍රශාන්ත් රෝහලට ගීයා. එක පාරෙන් වැඩේ හරි. ලංකාවේ සල්ලි වියදම් කරන්න එපා. බොරුව කරන්නේ. තාක්ෂනය අතින් අපි හරිම දුප්පත්.(නදී)
මේ ලෝකයේ අනන්තවත් උදවියට සමහරවිට වෛද්‍ය ප්‍රතිකාර කරලත් දරුවෝ නැහැ. අපිටත් ඒ වගේ තමයි. ඊයේ පෙරේදාත් පත්තරේ තිබුනා දිගන ප්‍රදේශයේ ගෙයක් පිටුපස අලුත ඉපදුන ළමයෙක් මිදුලට විසිකරලා ගිහින් කියලා. මම මුළු දවසෙම ඒක දැකලා හැඬුවා. දරුවන් නැති දුක මදිවාට අනුන් ළමයින් විසිකරන හැටි බලලා දුක් විඳින්නත් වෙලා. (නි)
මැටිපහන,බුදුදහමේ විතරයි සත්වයින් උපදින ක්‍රම සතර දක්වලා තියෙන්නේ. අන්ඩජ ,ජලාබුජ, සන්සේචජ,ඕපපාතික වශයෙන්. (නි)
මේ ඔක්කොටම මුල අද අප රටේ තරුණයන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසයි. අධික දුම්පානය අපේ රටට භයානක ප්‍රතිඵල ගෙන දේවි යැයි මගේ විශ්වාසයක් පවතී.රජය මීට වඩා කල්පනා කළොත් හොඳයි. (නි)
සමන්ති, බුදු දහම සහ අනිකුත් සියලු ආගම යම් යම් ආකාරයෙන් ලෝකය තේරුම් ගන්න උත්සහ කරලා තියෙනවා. සමහර සංකල්ප යම් තැනකදී නැවතිලා; පැහැදිලි කිරීමක් නෑ ඉන් එහාට. කර්මය කියන සංකල්පය මගින් උත්සහ කරලා තියෙනවා ඇතිවීම සහ නැතිවීම වටහාගන්න. උපදින ක්‍රම සතර පදනම් වෙන්නේ කර්මය මත. කර්මය පදනම් වෙන්නේ අප කල කී දෑ මත. ඒ කියන්නේ කල කී දෑ නිසා දුක ඇතිවෙනවා. දුක ඇතිවෙන්නේ උපදින නිසා. එසේනම් කල යුත්තේ උපදින එක නැති කරගන්න එකයි. ඔන්න ඔතනටයි අවසානයේදී එන්නේ. විද්‍යාවෙන් කර්මය කියන දේ පිළිගන්නේ නෑ. විද්‍යාවෙන් උත්සහ කරන්නේ ඇයි එහෙම වෙන්නේ කියල තේරුම් ගන්න. (ර)
මැටිපහන සහ චතුර යන දෙදෙනා ආගම සහ විද්‍යාව අතර තියෙන සම්බන්ධය හරිහැටියට අධ්‍යයනය කරලා නැහැ වගෙයි මට නම් හිතෙන්නේ.මා දන්නා තරමට බුදුදහම සහ විද්‍යාව අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් තියෙනවා.හොඳ විද්වත් හාමුදුරු නමකගෙන් හරි විද්වත් මහත්මයෙකුගෙන් හරි අහලා බලන්න.මම අහලා තියෙන විදියට නාසා ආයතනය පවා දැනට බුදු දහම ගැන පර්යේෂණ කරනවා. (නි)
බුදුහාමුදුරුවන්ටත් වඩා බුද්දාගම ගැන දන්නා පණ්ඩිතයෝ රොත්තක් ඉන්නවා. හැබැයි වෛද්‍ය විද්‍යාව සොයාගත් එන්නත් නොතිබෙන්න මෙලහට පරලොව (නදී)
සිරා, මම වචන දාහකින් කියන දේ ඔයා වචන කීපයකින් කියලා තියෙනවා. ස්තුතියි. (නි)
ම්ම්ම් ඔය කාගේ කගේත් කිල්ලෝට වල හුණු ටිකටික තියන වග අමතක කරන්ඩ එපා. (නදී)
මැටිපහන මහත්මයාගේ අදහස් දිහා බලනකොට තේරෙන්නේ එතුමා ආගමික ක්‍රමයවත් විද්‍යාත්මක ක්‍රමයවත් නොදන්නා පුහු භෞතිකවාදියක් කියන එක විතරයි. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ පරීක්ෂණ, උපකල්පන නිගමන තුළින් සත්‍ය සහ මිනිසාගේ එදිනදා ඇතිවන ප්‍රශ්නවලට උත්තර සෙවීම. ආගම් වලදී සිද්ධවෙන්නේ ආගමික කතෘවරුන් ලෝකය ගැන තේරුම්ගත් විදිය අනුගාමිකයින්ට දේශනා කිරීම. විද්‍යාව සහ ආගම අතර ගැටීමක් ඇතිවෙන්න හේතුව වුණේ දේවවාදී ආගම් වල ලෝකය දෙවියන්ගේ නිර්මාණයක් කියලා දේශනා කිරීම නිසයි. (නි)
සිරා,ඔයාගේ ඔය මහලොකු එන්නත් හොයාගන්න වුනේ බුදු දහමට පිටින් මිනිස්සු ගිහින් ඇති කර ගත්ත රෝග කාරක නිසා හොඳේ (බ)
සිරා, ඔයා හිතන්නේ ඔය එන්නත් හොයාගන්න කලින් මිනිස්සු ජීවත් වුණේ නැහැ කියලද? නුතන සම්මත විද්‍යාව අනුගමනය කරන ක්‍රම වේදයෙන් හැම දෙයම ප්රත්යක්ෂ කරන්න බැහැ. උදාහරණයක් ලෙස Quantum Physics ගන්න. ගොඩක් අය හිතනවා අපි නැත්නම් මේ ලෝකේ ඉවරයි කියල. එත් මේ ලෝකේ පවතින්න ඕව අවශ්‍ය නැහැ. එක මිනිස්සුන්ගේ මමත්වය නිසා ඇති කරගෙන ඉන්න පුහු සිතුවිල්ලක් විතරයි. (අ)
බුදුදහමේ ඔයාල හිතන් ඉන්නවට වඩා ගැඹුරු දේවල් තියනවා. ඒවා තේරුම්ගන්න හොඳටම පණ්ඩිත උනාට බෑ. නිදහස් මනසකින්.බලන්න ඕනි එතකොට තේරෙනවා අපි හිතන් ඉන්නවට වඩා ඒ දේවල් කොච්චර සංකීර්ණද කියලා (නදී)
ඔබට ගොඩාක් ස්තූතියි මෙි වගේ අදහසක් ඉදිරිපත් කිරීම සමිබන්ධව මම හිතනවා මෙි සේරටම විසදුම රටෙි දුමිපානය නතර කරන්න පුලුවන් වුනොත් අපි හැමෝම අසිරිමත් විය හැකියි. (ර)
හොඳ ලිපියක් (නි)
සුද්දන්ගේ රටවල වැඩිපුර සිගරැට් බොන්නේ කාන්තාවන්.පිරිමි යට ඇඳුම් හිරට ඇඳීමත් හොඳ නැහැ (නි)
තරඟකාරිත්වය නිසා ඇති මානසික පිඩනය නිසා දරුවෙක් හදන එකවත් එක සිතින් කරන්න බැහැ. (නි)
මේක කොහොමටවත් පිළිගන්න බෑනේ. දෙවියෝ හරියට පිරිමියා මැවුවේ නෑ කියලද කියන්නේ එතකොට? (ර)
පැදුර පෑගුවත් ඇති කියල තමයි අපේ උන්දැ නම් කියන්නේ... (ර)
පහන්, ඔය පිරිත්වල නැද්ද ඕකට බෙහෙතක්? සමහරු නම් මේකට කියන්නේ කරුමේ කියල. (නදී)
මැටි කතා නොලියා හරවත් යමක් ලියනවානම් කොතරම් අගේද මැටිපහන! (බ)
මැටි පහන වගේ මැට්ටන් මැවුනේ අසවල් කරුමෙටද මන්දා! (බ)
පරිසර උෂ්ණත්වයේ ඉහළයාමද ගැටලුවකි (නි)
හු හූ හූ.... (නි)
අන්තිමට එතකොට වැරැද්ද අපේද? (නි)
මෙයට පිළිතුරක් විද්‍යාත්මකව දියයුතු බැවින් කිසිවක් නොලියා සිටීම වැදගත්යැයි සිතමි. (නි)
මැටි මහන මට මතකයි කලිනුත් මැටි කමෙන්ට් දාල තිබුන වෙන ලිපියකටත් (ම)
පිරිමි දරුවන්ට කම්මුල් ගාය හැදුනාමත් වැඩිහිටි වුනාට පසු මද සරු භාවය ඇති වෙන්න පුළුවන් ලු. (නදී)
උෂ්ණත්වය අධික යන්ත්‍ර අසල වේද කරන පිරිමින්ට මේ ප්රශ්නය තියෙනවා බෝඉලර් ඔපරටෝර් වගේ ය විශේෂයෙන්ම (ම)
දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා දරු ඵල නැති ප්‍රශ්නයට පිළියම් තිබෙනවා. ඔක්කොටම වැඩිය වැදගත් වෙන්නේ තමන් මානසිකව වැටි ඔය ප්රශ්නය ගැන හිතමින් ආතතියට පත් නොවීමයි. එවිට ශරීරයේ හෝමෝන පවා වෙනස් වී නැති ප්‍රශ්න ඇති වෙනවාලු. (නදී)
තරංග හිතාගෙන ඉන්නේ හු කිව්වාම හරි කියල වෙන්න ඇති. මතක තියාගන්න අපිට ඔයාල නැතිව දරුවෝ හදන්න පුළුවන් කියලා. (නදී)
ආගම් විවේචනය කලොත් මම මැටි වෙනවා. ආගම් හරි කිව්වොත් මම රත්තරන් වෙනවා. විද්‍යාවට වඩා ආගම් මිනිසුන් අතර මුල් බැහැගෙන ඉන්න නිසා තමයි එහෙම වෙන්නේ. ආගම් අවුරුදු දහස් ගණනක් පරණයි, ඉතින් මිනිසුන් ඒ විදියට හිතන මතන එක එක පාරට වෙනස් කරන්න විද්‍යාවට බැහැ. මොකද විද්‍යාවට එච්චර වයසක් නෑ, ඒක දැවැන්ත ලෙස එලි පහලියට බහින්න ගත්තේ පසුගිය අවුරුදු 100-150 අතර. ඒක මිනිස්සු අතර දර්ශනයක් විදියට තවම කා වැදිලා නෑ. හැබැයි එකක් කියන්න ඕනා. ටික කලක් යනකොට සියලුම ආගම් අතහැර විද්‍යාව කරා මිනිසුන් ලංවීම වලකන්න බැහැ. බොහෝවිට අපේ ඊළඟ පරම්පරාව ඒක කරාවි කියල මට හිතෙනවා. (නදී)
මැටිපහන, ගොඩක් හේතුවාදී කතාවක් කිව්වේ, මමත් පිලිගන්නවා 100% ක්ම එ්ක ඇත්ත කියලා. ආගම් වලින් මිනිස්සුන්ට අයහපතක් මිස යහපතක් වෙන්නේ නැහැ බොහෝ දුරට. දෙවියන්ට කරන්න පුළුවන් මොනාද? හේතුවාදී ආකල්ප පුළුවන් තරම් වපුරන්න ඕනි (නදී)
යන්නේ කොහෙද ... මල්ලේ පොල් (බ)
මේවා කලින් කියලා තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැනේ (නි)