ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙන ‘අට්ටයා‘ නොහොත් මුහුදු කූඩැල්ලන්ගේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයෙන් සිදුකෙරෙමින් පවතී.
තම්බා වියළාගත් මුහුදු කූඩැල්ලන් දීර්ඝ කාලය සිට අපනයනය කරන අතර කූඩැල්ලන් විශේෂ 16 ක් පමණ දැනට අපනයනය කෙරේ. 2015 වර්ෂයේදී වියළා ගත් මුහුදු කූඩැල්ලන් මෙටි්රක් ටොන් 260 ක් පමණ අපනයනය කර ඇමෙරිකානු ඩොලර් මිලියන10.4 ක පමණ විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවී තිබේ.
සත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චාමරී දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරෙන අතර වයඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මේ සඳහා සහාය ලබාදෙයි. ජාතික පර්යේෂණ සභාව මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය සපයයි.
‘තම්බා වියළා ගත් මුහුදු කූඩැල්ලන්ගේ විශාලත්වය සහ ගුණාත්මකභාවය මත විදේශ වෙළෙඳපොළ ඉල්ලූම රඳා පවතිනවා. මුහුදු කූඩැල්ලන්ගේ ගුණාත්මකභාවය රඳා පවතින්නේ ඔවුන් පිළියෙළ කර ගැනීමට අප විසින් භාවිත කරනු ලබන ක්‍රමවේදය අනුවයි. දැනට අප විසින් භාවිත කරනු ලබන්නේ මීට ශත වර්ෂ ගණනකට පෙර චීනය විසින් අප රටට හඳුන්වාදුන් සාම්ප්‍රදායක ක්‍රමවේදයි. මේ නිසා අපේ නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොළෙහි ලැබෙන ලංසුව සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. පසු අස්වනු හානිය මෙන්ම පෝෂණ පදාර්ථ හානිවීමට මෙම සාම්ප්‍රදායක ක්‍රම හේතු වන බවට අපට අනාවරණය වුණා. මෙම දුර්වලතා මඟ හැර ගැනීම සඳහා අපි මෙම පර්යේෂණය ඇරැඹුවා‘
‘මෙම පර්යේෂණ ව්‍යාපෘතියෙන් අපට නිරීක්ෂණය වූයේ අපනයන වෙළෙඳපොළෙහි අධික ඉල්ලූමක් ඇති මෙම මුහුදු කූඩැල්ලන් නීතිමය නොවන මාර්ගවලින් ලංකාවට ගෙන්වීම සහ බැහැර කිරීම ඉතා සුලභ සංසිද්ධියක් ලෙස අපි හඳුනාගත්තා. තම්බා වියළා ගත් මුහුදු කූඩැල්ලන් වර්ග වෙන් වෙන්ව හඳුනාගැනීම ඉතා අපහසු බැවින් මේ ආශ්‍රිතව රාජකාරියේ යෙදෙන නිලධාරීන් මෙවැනි අවස්ථාවලදී ඉතා අපහසුතාවට පත්වෙනවා. ඒ වගේම තක්සේරු වටිනාකම නිර්ණය කිරීමේ ගැටලූද පැන නඟින අවස්ථාද අපි දැක තියෙනවා‘
‘එමෙන්ම මෙම සතුන්ගේ සංරක්ෂණයෙහි නීති ක්‍රියාත්මක කිරීමෙහි අපහසුතාද ඉස්මතු වෙනවා. මෙම ගැටලූ යම්තාක් දුරට මඟහරවා ගැනීමට ඉදිරියේදී මුහුදු කූඩැල්ලන් වර්ග නිවැරැුදිව හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව ක්ෂේත්රයේ නිලධාරීන් උදෙසා ප්‍රායෝගික වැඩමුළුවක්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා’යැයි දිසානායක මහත්මිය පැවැසුවාය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හැමෝම පින්වන්තයෝ නෙමෙයි. පවු කාරයෝ සත්තු මරයි. මිනිස්සු කාල බිල ඉන්න එපැයි මොනා කරන්නත්. (බ)
මුහුදු කූඩැල්ලා ඉහල ආර්ථික වටිනාකමක් තියෙන මුහුදු ජීවියෙක්. අපි කැමට නොගන්න අතර චීනය සිංගප්පුරුව හොන්කොන්ග් වැනි රට වලට කිලෝව රුපියල 35000 වැනි ඉහල මිල ගණන් යටතේ අපනයනය කරනවා. ඔවුන් ඉහල ප්‍රෝටීන් අඩු මේදය සහිත සුඛෝපභෝගී ආහාරයක් ලෙස ජනප්‍රියයි. ආතරයිටිස් , රුමටික් උන, සන්ධි ප්‍රධාහ වලට ගුණදායක පාරම්පරික ඖශධයක් ලෙස ආසියාතිකයන් අතර ප්‍රචලිතයි. (ර)
මම ක්‍රිස්තියනි. මම අදහන හැටියට නම් හරකා හෝ කූඩැල්ලා කියන්නෙ දෙකම ජිවිත. අපි මරාගෙන කනවා නම් එ් පව දෙකටම එකයි.
මුහුදු කුඩැල්ල ගොලුබෙලි ජාතියක් උන් කොහමත් මැරිලා වගේ තමයි ඉන්නේ ඒවා කෑවට අඩු පවක් සිදු වෙයි නමුත් හරකා කිරිබී වැඩන සතෙක් හරක් මැරුවොත් මිනීමැරුමකට සමානය් (බ)
කිලෝ එකක් රුපියල් 6000 විතර වෙනවද? (බ)
ඔව් හරකා ගැන විතරයි කතා කරන්නේ.අනික් මස් කුකුල් මස් මාළු ගහල අරිනවා.මේ ලෝකේ ආණ්ඩුවකින් මිස කිසි කලෙක මස් කන එක නතර කරන්න බැ කරන්නෙත් නැ මිනිස්සු.ධීවර ගොවි පොළවල් කියන්නේ මනුස්සයන්ගේ රැකියා (අ)
ඔය විදිහේ පටු අදහස් තියාගෙන ඉන්න නිසා තමයි මේ රටට මේ වින්නැහිය වෙලා තියෙන්නේ. ලෝකෙත් එක්ක සමාන්තරව යන්න ඕනෑ නම් අපි මීටවඩා අදහස් වලින් පොහොසත් වියයුතුයි. (නි)
බෞද්ධ වීම යනු මස්,මාළු අනුභවයෙන් වැළකී සිටීම කියායි සමහරු හිතාගෙන ඉන්නේ (නි)
මෙතන සමහරු පමණට වැඩියෙන් බෞද්ධ වෙන්න යනවා (නි)
මේක බෞද්ධ රටක්ද? (ම)
මේ කූඩැල්ලන් මිල අදික වටිනා වාජීකරණ බෙහෙතක් අමතක කරන්ඩ එපා (ම)
නිරු පව්කාරයින්ට බණ කියල වැඩක් නෑ බුදුරජානන්වහන්සෙත් ජේතවනාරාමය පිටිපස්සෙ ඌරො මැරූ එකාට බණ කියන්න ගියේ නෑ (බ)
නිරු, අහන්නෙ නැති අයට බණ කියලා වැඩක් නැහැ.
මේකේ කොමෙන්ට්ස් දාන ගොඩක් කට්ටිය වෙජිටේරියන් ලා ද? (බ)
ලක්විදු, කරවල කන අයට එ්ව හදන්නෙ මාලුන්ගෙන් කියලා කනකොට මතක්වෙන්නෙ නැහැ. (නි)
අපේ රටේ ගොඩක් අයට බණ කියන්න නම් හොඳට පුළුවන්. ජීවිතේට මස්, මාළු, කරවල මොකුත් කාලා නැහැ වගේ කතාව.... (නි)
තිරු ඔව් ඉතින් මොකක්ද ප්‍රශ්නේ මේක කරවල හදනවා වගේ වැඩක් (බ)