සතුන්ගේ ලිංගිකත්වය තීරණය වීම හා ලිංගික අවයව සෑදෙන ආකාරය පුදුම සහගත බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගේන්ද්‍ර දෙක බැගින් පිහිටා ඇතත් පක්ෂීන්ගේ සහ මානවයන්ගේ ඇත්තේ එක් ලිංගික අවයවයක් පමණි.
පර්යේෂකයන් පවසන්නේ සත්ත්වයන්ගේ සිරුරේ ඇති සෛල මගින් නිකුත් කරන සංඥා හේතුවෙන් ලිංගික අවයව පිහිටි ස්ථානය තීරණය කෙරෙන බවයි.
සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගික අවයව විකසනය වන්නේ පසුපස පාදවල ඇති සෛල වලිනි. කිරිබී වැඩෙන මිනිසා ඇතුළු සතුන්ගේ ලිංගේන්ද්‍රය ආරම්භ වන්නේ ශරීරයේ බඳ පත්ලේ ඇති වලිග ගොබයෙනි.
කලලයේ පිහිටන බහිස්රාවීය මාර්ග සෛල වලින් ලිංගේන්ද්‍රිය සෑදීමේ සංඥා නිකුත්වීම සිදුවේ. ගුද මාර්ගයේ පිහිටීම පවා තීරණය වන්නේ මේ සංඥා ලැබෙන ආකාරය අනුව බව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන ඇත.
හාර්වඩ් විශ්වවිද්‍යාලයෙ ප්රවේණි විද්‍යා මහාචාර්ය ක්ලිෆර්ඩ් ටැබින් පවසන්නේ කළලයේ එක්තරා කොටසක් ලිංගේන්ද්‍රියේ පිහිටීම සම්බන්ධයෙන් වගකීම දරන බව තමා සොයාගත් බවයි.
ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය මගින් කරණ ලද තවත් අධ්‍යනයක දී ප්‍රතිදීප්ත සලකුණු කරණයක් මගින් කලලයේ සෛල සළකුනු කැර ඇත. ඉන් පසුව එම සෛල වර්ධනය වන්නේ කෙසේ ද යන්න හඳුනාගෙන තිබේ. ඒවා අධ්‍යයනය කරමින් මේ පර්යේෂණ සිදුකැර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන් මම ඔබ සමඟ එකඟයි . බුදු සරණයි. (නදී)
මම රුවන්ගේ කියමනට එකඟයි.(හේ)
මේ ලිපියත් හුගක් වැදගත්,ලැබිලා තියෙන අදහසුත් බොහොම වැදගත්. ආගම හා විද්‍යාව ගැන මිනිස්සු දරන මතයන් ඒවායින් පේනවා. මෙතැනදී සෑහෙන බුද්ධිමත් ලෙසින් අදහස් දක්වා තිබෙන නුවන් සමග මාත් එකඟයි. ඒ වගේම තවමත් බුදු දහමේ අගය වැටහිලා නැති අය ගැන බොහොම කනගාටුයි. (නදී)
අපි මේ ලොව ජීවත්වන ටික කාලයේදී අපිට සියළුම දේ ඉගෙනගත නොහැක (නි)
අපි හැමෝම උඩුගම්බලා පිහිනීම හා යටිගම්බලා පිහිනීම පටලවාගෙන බව කොමෙන්ට්ස් බලද්දී පේනවා. බුදුහාමුදුරුවන් දේශනා කර ඇත්තේ රාග ද්වේශ මොහයන්ගෙන් මිදී නිවන් බලා යාමයි. නමුත් බටහිර ක්‍රමවල පදනම රාග, ද්වේශ, මෝහ, වල බැඳී ඒවා පසු පසම යාමයි. (ර)
නවීන විද්‍යව මගින් ඔබට අවශ්‍ය දරුවා ගැහැණු හෝ පිරිමි දරුවෙක් ලබාගැනීමේ හැකියාව දැනටමත් මුදල් ගෙවා ලබා ගන්න පුළුවන්. එය තීරණය වන්නේ දෙමව්පියන්ගේ අවශ්‍යතාව මත. (බ)
පමා වෙලා මේ ලිපිය කියෙව්වේ. ඇත්තටම සතුටු හිතුන යථාර්තය තේරුම් ගත්ත කීපදෙනෙක් බොහොම අපුරුවට බුද්ද දේශනාව නවීන විද්‍යාවත් එක්ක යන්නේ කොහොමද කියල , අපේ සමහර ඇත්තෝ නොදන්නවා උනාට බටහිර මහා ලොකු ඇදුරන් බුද්ද දර්මය පරතෙරට අද්‍යනය කරලා තමයි මේ නව සොයා ගැනීම් කරන්නේ , විශ්වය ගැන උනත් වෙනත් කිසිම දහමක නැති සත්ත්‍ය බුද්ද දේශනාවේදී අපිට හමුවෙනවා (නදී)
මට පුදුමාකාර සතුටක් දැනුන ධර්මය හරියට ගත්තු කිහිප දෙනෙක් ඉන්න එකට.සහෝදර වරුනි අනිත් මුනින් නාවපු මැටි භාජන වලට අනුකම්පා කරන්න.ඔබහැමටම ධර්මාවබෝධය තවදුරටත් ඇතිවේවා. (දී)
යමෙකුගේ උගත්කම හා බුද්ධිය තීරණය වන්නේ තමන් දන්නා දේ මගින් නොව තමන් නොදන්නා බව හා නොදන්නේ මොනවාද යන්න දැනගැනීම තුලයි. ... හිතා බලන්න. (අ)
පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වා ඇති දෙගොල්ලන්ටම ස්තුතියි.අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක් සංවරව තම මත ගැටෙන්නට සැළැස්වීම මඟින් අපේ දැනුමට යමක් එකතුවුණා. (නි)
බුදු දහමට අනුව වැදගත් වන්නේ සසරේ අග මුල සෙවීම නොව ඉන් මිදීමයි. මේ ප්රශ්නය කෙළවරක් නැත (බ)
විද්‍යාව හොඳදේට යොදා ගත්තොත් හොඳයි. ධර්මයත් වැරදි තැනින් අල්ලාගත්තොත් සර්පයෙක් වගේ තමයි. (නි)
මේ ලෝකෙ මවපු එකක්. මිනිස්සුත් මවලා කියලා හිතන මෝඩ මිනිස්සු මිලියන ගානක් තවම මේ ලෝකේ ඉන්නව විද්‍යාව කොච්චර දියුණු උනත් (නදී)
බුදුදහම තමා සත්‍යය මේ ලෝකේ (නි)
"විද්‍යාවෙන් තොර ආගම අන්ධයි, ආගමෙන් තොර විද්‍යාව බිහිසුණුයි"කියලා කියමනක් තිබෙනවා. (නි)
ගොඩක් හොඳ අාර්ටිකල් එකක් මමත් බුදු දහම ගොඩක් විශ්වාස කරන කෙනෙක් විද්‍යාවෙන් මේ දේවල් සොයාගන්න කලින් බුදුහාමුදුරුවෝ මේ දේවල් කියල තියනවා. (අ)
නුවන් මම ඔබ සමඟ එකඟයි . බුදු සරණයි. (අ)
මම නුවන් සමඟ එකඟයි (නි)
අද දේශපාලකයෝ රඟන්නේත් මිනිසුන් වැඩි දෙනා මතුපිට අර්ථය විතරක් සලකා තීන්දු තීරණ ගන්න නිසයි. කියන ඕනෑම දෙයක් 'හා හොඳයි , එක එහෙම නම් එහෙමම තමයි" කියා පිළිගෙන ඉන්නවා. එ්ක ගැඹුරින් විශ්ලේෂණය කරලා බලන්නේ නෑ. (නදී)
නුවන්, ඔයා හොඳ අවබෝධයකින් ඉන්න බව පෙනෙනවා. ධර්මාවබෝධය හැමෝටම ලබන්න බැහැ (නි)
නුවන්, පින් http://www.ogatharana.org/ ගැන කිවුවට. ගොඩක් වටිනා පොත් තියෙනවා. (නි)
මේක අලුතෙන් හොයාගත්ත දෙයක් නෙවෙයි නේද ?(දිල්)
අමිල, අපි මුල ඉඳලම සාකච්චා කළේ පිළිසිඳගැනීමකදී ගැහැණු පිරිමි බව තීරණය වන්නේ කොහොමද කියන එක ගැන තමයි. භෞතික වෛද්‍ය විද්‍යාත්මකව කරන ලද මේ පරීක්ෂණයේ නිගමනය ගැහැණු පිරිමි බව තීරණය වන්නේ භෞතිකමය වශයෙන් සෛලයේ ඇති ගුණයකින් කියාය. නමුත් සත්‍යය නම් එය තීරණය වන්නේ විඥානයාගේ කර්ම ශක්තිය අනුවය. එය ස්ථිර වශයෙන්ම සිදුවන ආකාරය ප්‍රකාශ කළ හැක්කේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුවරයෙකුට පමණි. (නි)
නුවන්, මා මෙහි සඳහන් කළේ පිළිසිඳ ගැනීම ගැන නොවේ.කළලයේ ගැහැණු පිරිමිබව තීරණය කිරීම සම්බන්ධවයි. ඔබ කියන දේ මා පිළිගන්නවා. විද්‍යාව මගින් සිදුකරන්නේ සංසේචිත කළලයක් ගර්භය තුළ තැන්පත් කිරීම පමණක් වුවත් එම ක්‍රියාවලිය තුළින් දරුවන් නොමැති බොහෝ දෙනෙක් ප්‍රතිඵල ලබා ගන්නවා. (නි)
නියමයි අපේ අයගේ අදහස් (නි)
ගොඩක් හොඳයි. එහෙත් බුදුන්වහන්සේ ලොව සිදුකළ දේ සැවොම තෙරුම් ගන්න.සැම දෙනාම ධර්මයෙහි හැසිරෙන්න.එවිට සැමදේම සිදු වේ.පටු අදහස් වල සිටින්නට එපා.බුදුසරණයි. (නි)
අමිල, විද්‍යාව නිසා අන්ධ වී ඇති බොහෝ දෙනා ඔබේ අදහස දරනවා. ඔබ පවසන තාක්ෂණය හරහා සිදු කළහැක්කේ සංසේචිත කළලයක් ගර්භය තුළ තැන්පත් කිරීම පමණකි. පිළිසිඳ ගැනීමක් සිදුවීමට විඥානයක් ඒ කළල රූපයට බැසගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය. ඒ දෙමාපියන් දරුවන් ලැබීමට අවශ්‍ය පින් කර නොමැති නම් හෝ සුදුසු විඥානයෙකු නැත්නම් ඒ පිළිසිඳ ගැනීම සිදු නොවේ. වෛද්‍යවරුන් පවා පවසන්නේ "අප අපේ කාර්යය සිදු කළා, දැන් ඔබ යාඥා කරන්න" යනුවෙනුයි. (නි)
බුදුන් වහන්සේ සොයාගත්තේ සත්වයා විඳින දුකින් මිදීමේ ක්‍රමයක්. එහෙම නැතුව සත්වයාගේ පරිණාමයවත් ලෝකයේ හටගැන්මවත් ලෝකයාට පැහැදිලි කිරීම උන් වහන්සේ අරමුණ වුණේ නැහැ. වරක් අඹ වනයකට වැඩි උන් වහන්සේ අඹ කොළ ටිකක් අතට ගෙන පැවසූයේ තමන් වහන්සේ දේශනා කළ දේ මේ අතට ගත් අඹ කොල හා සමානවන බවයි. දේශනා නොකළ දේ අඹ වනය තරම් වේ යනුවෙනි. (නි)
මේ ලිපිය තුළින් විස්තර වන්නේ මිනිස් කළලයක ගැහැණු පිරිමි බව තීරණය වන ව්‍යුහාත්මක ක්‍රියාවලියයි. මා කලින් පැවසු පරිදි දෙමාපියන්ගෙ කැමත්ත මත එය වෙනස් කරගත හැකි පහසුකම මේ වනවිටත් මුදල් ගෙවා ලබාගන්න පුලුවන්. (නි)
දිලීප, ඔයා ඇත්තටම දුක්වෙන්න ඕනෑ ඔයා ගැනමයි. දෙයක වචන අර්ථය (මතුපිට) , යථා අර්ථය (ගැඹුරු) කියලා දෙයක් තියෙනවා. මේ මාතෘකාව අවස්ථාවක් කරගෙන කරනලද යථා අර්ථ සාකච්ඡාවට ගරහන ඔයා ගැන දුකයි (නි)
කරුණාකරලා මෙතනට ආගම ගාවාගන්න එපා (නි)
හොද ලිපියක්. දැනුමට වටිනවා.මානවය මොන තරම් විශ්මයක්ද? (දිල්)
මේ බව මීට වසර 2500 කට පෙර අභිධර්මයේ දෙශනා කර තිබෙනවා. (ර)
ආගම ඉන්ද්රිය ප්රත්යක්ෂ නොවන දේ ගැන කතා කරනවා විද්‍යාව ඉඳුරන්ට හසුවන දේ ගැන කතා කරනවා. නිවන් අවබෝද කරගන්නා තුරු ජීවත් විය යුතු නිසා විද්‍යාවට අවමන් නොකරමු (නදී)
බුදුදහම සහ විද්‍යාව කියන්නේ දෙකක් කියල තේරුම් ගන්න එතකොට මේ වගේ බොරු තර්ක එන්නේ නැහැ. (ම)
මේනකගෙ නූගත්කම ප්‍රදර්ශනය වෙනවා (නි)
බුද්ධිමත් විග්‍රහයක් නුවන්ගෙන් තියනවා. හරිම වටිනවා. (නදී)
ලෞකික විද්‍යාවන්ගෙන් පාර ලෞකික විද්‍යාවක් වන බුද්ධ ධර්මය වටහා ගන්න අමාරුයි. මේ දෙක පටලවා ගැනීම නොකළ යුතු දෙයක්. නවීන විද්‍යාව දියුණුව වුවත් මිනිසාගේ යහපත උදෙසා පමණක් විය යුතුය. (නදී)
ශෂික: විද්‍යාවෙන් නිවන් දකින හැටි උගන්න බැහැ කවදාකවත්ම. නිවන් දැකීමත් සමගම සකල විශ්ව විද්‍යාවම, සකල විශ්ව ආලෝකයම, ඔහුට හෝ ඇයට පහළවන්නේ 'විද්‍යාඥයින්' තවමත් පර්යේෂණ කරමින් අඳුරේ යමක් සොයමින් ඉන්නා අතරෙයි. 'විද්‍යා උදපාධි - ආලෝකෝ උදපාධි' යනුවෙන් බුදු මුවින් පිටවුණේ එකී සත්‍යයි. (බ)
මිනිස්සුන්ට දෙක දෙක පිහිටුවේ නැති එක හොඳා.එකක් පිහිටලා තියෙන බර ලෝකයම උඩු යටිකුරු කරන්න හදනවා.(අ)
නිරෝෂ් සුරංග, ඔබ හරි, විශ්වයේ බොහෝ දේවල් තියෙනවා තවම ඔප්පු කරගන්න බැරිවෙච්ච. ඒවා හොයාගත්ත දේවල් වලට වඩා අතිශයෙන්ම විශාලයි. හැබැයි ඔය සොයනොගත් හැම එකක්ම එකින් එක විද්‍යානුකුලව හොයාගන්නවා කියල මට සැකයක් නෑ. මේ ලිපියෙන්ම පේනවා ඒ දේවල් වෙනවා කියල. ඔය කියන සංඥාව පාලනය කරන්න අපට පුලුවන්නම්, හිතන්න අපිට ලැබෙන ප්‍රයෝජන. දුවලා නැති දෙමාපියන්ට පුළුවන් දුවෙක් ගැන ස්තිරෙටම බලාපොරොත්තු තියාගන්න (පුතාල ගැනත් ඒ වගේම තමයි)... මේක එක උදාහරණයක් විතරයි. දැන් ඉතින් දෙවියෝ ගැන විශ්වාස කරන අය කියාවි දෙවියන්ගේ කැමැත්තට විරුද්දව කතා කරනවා කියලා.(අ)
කමල් පාසල් නොගියේ කවුද කියා ඔබේ අපහාසාත්මක පතිචාර වලින් දැනගත හැකිය. මෙවැනි වදන් නොලියා ඔබගේ අදහස ලියන්න. (නදී)
මේනක නමින් මම මෙතන ලියන්නේ අවරුදු 3ක සිට වෙන අතර ඉහත මේනක වෙනත් කෙනෙක් බව දන්වමි. ඔහුගේ අදහස් වලට වඩා මගේ අදහස් පුවතට අනුව හාත්පසින් වෙනස් නිසා මෙය ලිවීමට සිදු විය. (නදී)
මැටිපහන මහත්තයෝ, බුද්ධ දර්ශනය ආගමක් විදිහට අපි හදාගත්තට විද්‍යාත්මක දර්ශනයක් තියෙන්නේ කියලා ඔලුවට ගන්න. ලෝකවිදු බුදුරජුන් හැම දෙයක්ම විද්‍යාත්මකව ඔප්පු කරලා සරලව පෙන්නලා දීලා තිබෙනවා .ඔබතුමා පර්යේෂණාගාරයකින් සහතිකයක් දෙනතුරු විශ්වාස කරන්නේ නැහැනේ. වීදුරු නලයකට දාලා ඔප්පු කරන්න බැරි ගොඩක් දේවල් මේ විශ්වයේ තිබෙනවා (නි)
මැටිපහන හරි. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් දියුණු විද්‍යාවක් තිබුනා. හැබැයි කවුරුවත් ඒකට අගෞරව කළේ නැහැ. රජවරු විද්‍යාවෙන් ප්‍රයෝජන ගත්තා හොඳ වැඩ වලට (නි)
සංඥාව, බන්දුල පෙරේරා ගේ කළලය ඇතිවෙන වෙලාවේ ලැබිල නැහැ. එ්ක තමයි මිනිහා මේ විදිහේ දෙපැත්තට නැති අදහස් ප්‍රකාශ කරන්නේ.(නදී)
මෙම ලිපිය බලන සියලුදෙනා "ලුසී" විත්‍රපටිය බලන්න. යමක් සංසන්දනය කර තේරුම් ගන්න පුළුවන් වේවි (නි)
ආගම් සහ විද්‍යාව එකට ගාවන්න එපා. හැම ආගමකින්ම අවසානයේ කියල තියෙන්නේ මේ ජිවිතේ එහෙම නැත්නම් නැවත ඉපදීම ඉවර කරගන්න හැටියි. ස්වර්ගය, නිර්වාණය වගේ දේවල්. විද්‍යාවෙන් කරන්නේ අපි ඒ තැනට යනකන් අපව බලාගන්න එකයි. කොහොමටත් ඇහැට පෙන දේවල් සහ විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල් (විද්‍යාත්මක ක්‍රමයට) මම අගය කරනවා. නොපෙනෙන දේවල් ගැන කිසිම විස්වාසයක් නෑ. මේනක සමග එකඟ වෙනවා. (ර)
ලිපියකින් ඒගැන ගන්න තියන දේ දැන ගත්තනම් හොදටම ඇති බොරුවට මරා ගන්නේ නැතිව. (අ)
විද්‍යාඥයිනුත් තම ක්ෂේත්රයන් අත්හරිමින් බුදු දහමේ පවතින විශ්ව සාදනීය සත්‍යය මෙන්න මුළු දිවියම සිසිල් කරන සුවය සොයා යන මෙවන් කලෙක බුද්ධ දර්ශනය පසෙකලා දිනපතා වෙනස් අර්ථ කථන ඉදිරිපත් වෙන විද්‍යාවේ සරණ සොයා යන්නටයි කීම අප, අප විසින්ම දෙවරක් අසා බැලිය යුතු කරුණකැයි මට හැඟේ. (ර)
මේනක: බටහිර විද්‍යාවෙන් සොයාගන්නා දෙවල් තිබෙන්නේ දුක සඟවා තැබීමටයි රාග ද්වේශ මෝහ වර්ධනයටයි. දුක අවබොධකරගෙන දුකින් නිදහස් වීම සඳහා නොවේ. විද්‍යාවෙන් සොයගත්ත දේවල් නිසා පහසුකම් ඇතිවී තිබෙනවා වගේම මිනිසුන්ට (මාත් ඇතුළුව) සත්‍ය තෙරුම් ගැනීමේ අවස්ථාව නැතිවෙලා තියෙනවා. වයසට යාමටත් මරණයටත් විසඳුමක් නැතිවම මිනිසුන්ට හිස් අතින් මැරෙන්න සිද්ධවෙනවා. සත්වයා උපදින්නේ භවය නිසා කියන එක ආගමක් නොවේ, ඒක ලෝක/ඇත්ත ස්වභාවයයි. බුද්ධ දේශනා කියෙව්වොත් මේ විද්‍යාඥයින්ටත් මේ ඇත්ත තේරුම්ගන්න පුලුවන් වේවි. (බ)
එක විද්‍යාව නෙවෙයි අවිද්‍යාව .මම දිල් ගේ අදහසට එකගයි.මොකද එයා කියපුවා හරි .විද්‍යාවෙන් නිවන් දකින හැටි උගන්වයි තව කාලෙකින් හැබැයි බුදුන්වහන්සේ මේවා දේශනා කළේ මිට අවරුදු 2600කට කළින් හොදේ (දිල්)
ඇයි ඔයා මේ අසරණ මිනිස්සු හදපු හිස් අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ? ලිපියේ තියෙන දේවත් හරියට කියවන්නේ නැතුව කිසි සම්බන්දයක් නැති විකාර දොඩවනවා.(දිල්)
මේනක ඔයා වැස්සකට වත් ඉස්කෝලේ ගියේ නැතිද ? නොදන්නවා උනාට ඒ බව කියන එපා. (නදී)
විද්‍යාවෙන් නිවන ලැබෙනවද? (ර)
හැමදේටම ආගම. අප අද බුක්තිවිදින කිසිවක් ආගමකින් සොයාදුන් ඒවා නොවේ නව සොයාගැනීම් සහ විද්‍යාව ගැන සිත යොමුකරන්න දීපාල්. (ර)
වැදගත් ලිපියක්.(හේ)
සර්වඥතා ඥානයෙන් නිවන් මඟ, අතැඹුලක් සේ පැහැදිලිව කියා දී ඇති කලෙක සමහර පුද්ගලයන් නිවන් මඟ විද්‍යාවෙන් ඔප්පු කරනතුරු සිටිනවා. (නි)
අපේ ලංකාවේ මිනිස්සු ගැන හරිම දුකයි. හේතුව හරකෙක් ගැන කථා කරොත් අන්තිමට කියන්නේ මැකකෙක් ගැන. බලන්න උඩ තියෙන කමෙන්ට්ස් දිහා. අදාල දේ ගැන නෙමෙයි කථා කරලා තියෙන්නේ. අපේ රටට වෙලා තියෙන්නේ ඕකයි. දේශපාලකයෝ රගන්නේ ඹය හේතුව නිසයි. (නදී)
අවයව එක්ක සෙල්ලම් කරන්න ගියොත් අපිට නැතිවෙන්න බොහොම දේවල් තියෙනවා (නි)
බුදු දහමයි විද්‍යාවයි ගලපන්න හදන්න එපා. ඒක අලියයි කුහුම්බියයි ගලපන්න හදනවටත් වඩා විහිළුවක්.(හේ)
මට නම් මේ දේවල් ටිකක් බරපතළ වැඩියි (නි)
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැනුමට නිග්‍රහ කළේ නැහැ. මංගල සුත්‍රයේදී 'බාහු සච්චංච සිප්පංච" යනුවෙන් වදාළේ බොහෝ ශිල්ප දැන ඇති බව උතුම් මංගල කරුණක් බවයි. නමුත් ඒ තම තමාගේ මෙලොව දියුණුව සඳහා සහ අඹු දරුවන් නඩත්තු කිරීම සඳහායි. ඉංජිනේරු, වෛද්‍ය ඇතුළත් බොහෝ විද්‍යාවන් තිරශ්චීන (හීන) විද්‍යාවන් ලෙස බුදුරදුන් එදා හැඳින්වූවේ ඒවායින් නිවන් මඟට කිසිදු උපකාරයක් නොවන බැවිනි. අද බොහෝ දෙනෙක් මෙය පටළවාගෙන ඇතිසෙයක් පෙනේ. (නි)
බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඔවගේ සත්‍ය අසත්‍යභාවය සොයාගත්තා. ඔය විද්‍යාව බොරුවක්. අද එකක් හෙට තව එකක්. හැමවෙලේම වෙනස් වෙනවා. අනිත්‍යයි කියන්නේ එ්කනේ. ඒත් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරම සත්‍ය ඔය වගේ වෙනස් වෙන්නේ නැ. හැමදාම එකම සත්‍යයක්. (ර)
දැනුම සැසඳිය යුත්තේ වෙරළේ බෙලිකටු අහුලන කුඩා දරුවන් ලෙස ඉන් අප ලබන වින්දනය මත නොවේ. වින්දනය සඳහා විද්‍යාත්මක දැනුම සෙවීමට වඩා හින්දි නළු නිළියන්ගේ ඕපාදූප කියවීම වෙහෙසකර බවින් අඩුය. කාය වර්ධකයන් කිසිදු අරමුණකින් තොරව මස්පිඩු විශාලනය කරන්නාක් මෙන් දැනුම වඩා ගැනීම මනසෙන් වෙනත් දෙයක් නොකරන සමහරෙකුට හොඳය. එහෙත් කිසියම් ප්‍රායෝගික අපේක්ෂාවකින් දැනුම සොයන්නන් තමන් ලබා ගන්නා දැනුමෙන් මනසෙහි හිස්තැනක් පිරෙනවාට වඩා දෙයක් සිදු වෙනවාදැයි විමසිය යුතුය. (ර)
ඉතා වැදගත් ලිපියක් (නි)
වසර 2001දි එක්තරා විද්‍යාඥයෙක් හොයාගත්තා පරමාණුව මිනිත්තුවක් ඇතුළත 1ට බින්දු 22ක් එකතුවන සංඛ්‍යාවක් තරම් වේගයෙන් වෙනස්වෙන බව.බුදු හිමියන්ද මෙයම තමන්ගේ ශරීරය තුළ භාවනාවෙන් අත්දුටුවා. ඒ විද්‍යාඥයා මේ බුබ්බුලාකාර යන්ත්‍රය සොයාගැනීමට නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. එහෙත් එයාගේ සාමාන්‍ය දිවිය ඉතාම අසාර්ථකයි. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ ඉහළම සැනසීම අත්දුටුවා (නි)
ඉපදීම ගැන සත්‍ය දෙශනා කළේ බුදු රජාණන් වහන්සේ. සත්වයා ඉපදෙන්නේ භවය "ඉපදීම පිණිස කර්ම සකස්වීම" නිසා. ඉපදීම ගැන විස්තර වෙනවා ඤාන වත්තු සූත්‍රයේ. තවත් සූත්‍ර දේශනා තියෙනවා. මේ අසරණ මිනිස්සු හිස් දෙවල් සොයා ගන්නවා. (දිල්)
බුදු දහම සත්‍යයි (බ)
මොරිස්, පදාර්ථය නැති වෙන්නේ නැති නම්, පරමාණු බෝම්බය හැදුවේ කොහොමද, පරමාණුවේ භෞතික ස්වභාවය බිඳෙමින් ශක්තිය බවට ශීග්‍ර (fusion ) පරිවර්තනය එහි මූලධර්මයයි. තවද අයින්ස්ටයින් ගේ E = mc2 යන සුත්රයෙනුත් පදාර්ථය හා ශක්තිය අතර හුවමාරුව කියවෙනවා. සත්‍යය කියා දෙකක් නැත. තිබිය හැක්කේ එක සත්‍යයක් පමණි. ඔබ කියන එක දෙයකට මම එකඟ වෙමි. සත්‍ය වශයෙන්ම මම අදහමි. ඔබද අදහන්නේය. නමුත් ඔබත් මාත් අතර ඇති වෙනස නම් එදා සර්වඥතා ඥානයෙන් භාග්‍යවතුන වහන්සේ බෝමැඩ මුලදී පරිපූර්ණ වශයෙන් අවසන් කල ආර්ය පර්යේෂණයේ නිගමන මම "සත්‍යය" ලෙස අදහන අතර, සිත දියුණු නොකළ මිනිසුන් සිදුකරන ලද, අනුමාන වශයෙන්, සසම්භාවී වශයෙන්, මත වශයෙන් පල කරන ලද, තවමත් කර අවසන් කර නොමැති ලෞකික පරියේෂණ වල කල නිගමන (ද?) ඔබ "සත්‍යය" ලෙස අදහන්නේය. (අ)
ඉතා වැදගත් ලිපියක්.(හේ)
මේ ගැන දැන ගන්න ලැබුන එකත් සතුටුයි.(හේ)
මිනිසා තම කුතුහලය නැතිකර ගැනීමට දැනුම පසුපස ලුහුබැඳ යනවා.එමඟින් නව සොයාගැනීම් ලැබෙනවා. බුදුහාමුදුරුවොත් කළේ මේදේම තමයි. භාවනාව එතුමා සිත දියුණු කරගැනීමට භාවිතා කළා. මිනිසා පුවත්පත් බලන්නේ, අන්තර්ජාලයට යන්නේ,රූපවාහිනිය හෝ ගුවන්විදුලියට සවන් දෙන්නේ තමන්ගේ කුතුහලය නිසා. එම නිසා ආගම සහ විද්‍යාව පටළවාගන්න එපා (නි)
නුවන්, පදාර්ථය කවදාවත් නැතිවෙන්නේ නැහැ. තාක්ෂණයේ දියුණුවත් සමඟ එය අප දැනසිටි සීමාවෙන් ඔබ්බට ගොස් තව තවත් කුඩා කොටස් වලට බෙදෙන බව සොයාගත්තා පමණයි. අණුක න්‍යෂ්ටික විද්‍යාව ගැන කියවා බලන්න. කළු කුහර ගැන කියවා බලන්න. තව සොයාගන්න බොහෝ දේ තිබෙනවා.විද්‍යාව යනු සත්‍යය පදනම් කරගත් දෙයක් මිස විශ්වාසය, භක්තිය පදනම් කරගත් ඇදහීමක් නොවේ. (නි)
http://www.ogatharana.org/ වෙබ් අඩවියෙන් පිටරටවල ඉන්න අයට අභිධර්මයේ මූලික කරුණු සහ අභිධර්ම මාර්ගය ඇතුළු තවත් පොත් විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. (නි)
මමත් විද්‍යාව විශ්වාස කරන්නේ නැහැ. නමුත් මම විද්‍යාව සැළකියයුතු දුරකට හදාරලා ඉංජිනේරුවෙක් විදියට ඉන්න කෙනෙක්. අපි පොඩි කාලේ අපිට ඉගැන්වුවා පරමාණුව තමයි පදාර්ථය බෙදෙන කුඩාම අණුව කියලා. ටික දවසකින් කිවුවා ඒකෙත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන කියලා ජාති දෙකක් තියෙනවා කියලා. විශ්ව විද්‍යාල යන කාලයේ කිවුවා තවත් කොටස් වලට කැඩෙනවා කියලා. දැන් කියනවා පදාර්ථය කියලා එකක් නැහැ ඔක්කොම ශක්ති විශේෂන කියලා. මේ එක උදාහරණයක් විතරයි. බුදුන් වහන්සේ වසර 2600 කට පෙර දේශනා කළා 'පරමාර්ථ ධර්ම' ශක්ති විශේෂයක් පමණයි කියලා. රූප පරමාර්ථ වල එක කොටසක් තමයි 'ස්ත්‍රී ඉන්ද්රිය පුරුෂ ඉන්ද්රිය' කියලා කියන්නේ. ඒක හැදෙන හැටි ඉගෙනගන්න කැමති අය, අතිශය ගෞරවාර්ථ රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු පොතයි, අභිධර්ම මාර්ගය පොතයි කියවන්න. අනික කරුණාවෙන් කියන්නේ විද්‍යාව අදහන අය තමන්ගේ පාඩුවේ විද්‍යාව අදහාගන්න. නමුත් ධර්ම රත්නයට අපහාස කරලා ආර්ය උපවාදයට අසුවෙලා නිකන් අපායේ යන්න එපා. තෙරුවන් සරණයි!!! (නි)