ජලයේ හටගත් ඇල්ගී පරිනාමය වී භෞමික ශාක ඇතිවූ බවට වසර සිය ගණනක් තිබූ මතය අභියෝගයට ලක්කිරීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ සියලු ශාක බිහිවූයේ ජලජ ඇල්ගීවලින් නොවන බවයි.
පැරණි මතයට අභියෝග කරන පර්යේෂකයන් සියලු ශාක ජලජ ඇල්ගීවලින් පැවත එන්නේ නැතැයි පෙන්වාදෙයි. ඇතැම් ශාක ජලජ ඇල්ගී පරිනාමය වී හටගෙන ඇති බවත් තවත් ශාක විශේෂ හටගෙන ඇත්තේ පොළොව මත තිබූ මළ ද්‍රව්‍ය මත භෞමික ඇල්ගී වර්ධනයෙන් බවත් ඔවුහු කියති.
මේ මතය ඉදිරිපත් වී දැනට වසර 30ට වැඩි කාලයක් ගත වී ඇත. කාර්ල්ස්බර්ග් පර්යේෂණාගාරයේ ජෙස්පර් හාර්හොල්ට් සහ කෝපන්හේගන් හි ජිවින්ඩ් මොයිස්ට්ර හා පීටර් උවුල්ස්කෝව් මේ මතය තහවුරු කිරීමට සාක්ෂි සපයයි. ඔවුන් ශාක සෛල බිත්තිය පරිනාමය වූ ආකාරයත් ගුරුත්වය හා සමග ශාකයේ පැවැත්ම සිදුවන ආකාරයත් අධ්‍යයනය කරයි.
භෞමික ශාක ඔවුන්ගේ මේ අදහස තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් ජලජ ඇල්ගීවලින් ශාක පරිනාමය වූයේ යැයි තිබූ මතය බිද වැටෙන බවත් පර්යේෂකයන්ගේ මතයයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක්. (ර)
ශාක පරිණාමය ගැන ලියවුණ අගනා ලිපියක්. මෙවන් අගනා ලිපි පළකරන ලංකාදීපයට ස්තුතියි. (නි)
මෙවන් අගනා ලිපි පළකරන ලංකාදීපයට ස්තුතියි! (නි)
ගස් ගැන ඔහොම හොයාගෙන ගිහින් අන්තිමට මොනා කියයිද. (ර)
වටිනා පුවතක් (නි)
මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)
හොඳයි වැඩක් (ම)
ශාක පරිනාමය උනාද? මැව්වද? (අ)
වැඩේ හොඳයි (බ)
මේ වගේ ලිපි තව තවත් පළකරන්න (නි)
මෙම තොරතුරු බුදුන් වදාල අග්ගඤ්ඤ සූත්‍රය හා නොගැලපේ. එම නිසා පිළිගත නොහැක. බුදුන් වහන්සේ අභිබවා කිසිදාක කිසිදු විද්‍යාඥයෙකුට කටයුතු කිරීමට හෝ කිසිවක් සොයා ගැනිමට නොහැක. (ර)
සත්ත්ව සම්භවය ගැන අලුත් මතයක් එයිද? (නි)
බුදුන් වදාළ අග්ගන්න සුත්‍රය හරියටම තේරුම්ගත් අය සිටීද? (නි)
බුදුන් වහන්සේ මේ සියලු දේවල් සඳහන් කර ඇත. (නි)
භෞමික ශාක ඔවුන්ගේ මේ අදහස තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි "ලබා දී ඇති බවත් ජලජ ඇල්ගීවලින් ශාක පරිනාමය වූයේ යැයි තිබූ මතය බිද වැටෙන බවත් පර්යේෂකයන්ගේ මතයයි." තව ඉදිරියට කියයි පරිණාමය උන වාණරයාද මතයක්ම පමණක් බව. මේ සියල්ලම මත පමණකි. (ර)