පහසු ලෙස ඉඳගැනීම මගින් ආතතිය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මනස ව්‍යාකූලවූ අවස්ථාවලදි සංසුන්ව සිටීමට හොඳම ක්‍රමය නම් තමන් ඉඳගෙන සිටින ආකාරය වෙනස් කිරීම බව පර්යේෂකයන්ගේ අදහසයි.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මිනිසුන් බාහු කෙලින් තබා ගෙන කෙලින් ඉඳගෙන සිටින විට කුදුගසාගෙන සිටනවාට වඩා භාවාත්මක හැඟීම් ඉස්මතුවන බවයි.
ඉරියව්වක පිහිටා සිටින විට විවිධ මාංශපේශින්හි ස්වරෑපය හෝර්මෝන සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑම මීට හේතුවි ඇත.
වඩා නිවැරදි ඉරියව්වක පිහිටා සිටිම මගින් ආත්ම සංයමය, වඩා හොඳ මනොභාවයත් සහ සිතේ ඇතිවන බිය අඩුවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
එවැනි නිවැරදි ඉරියව්වක සිටීමේ දි වඩාත් ධනාත්මක වචන භාවිතයට පෙළඹෙන බවත් තමන්ගේ පලපුරුදු දේ ගැන විස්තර කිරීමේ දී නිශ්ඵල වචන ප්‍රකාශ කිරීම ඉතාමත් අඩුවෙන් සිදුකරන බවත් සොයාගෙන ඇත. මෙම අධ්‍යනය නවසීලන්තයේ ඔක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මෙතන හිතවතාට නම් කොන්දේ අමාරුව කොහොමත් තියෙනවා. කොන්ද කොහොමටත් කෙලින් තියාගෙන ඉන්න බැහැනේ. කොන්ද කොහොමටත් නැවිලාමයි තියෙන්නේ. එක හැන්දෑවට දෙකට නැවිලා කඩේම යනවා. (නදී)
අපේ ලංකාවෙත් හැමතැනම තියන කැරකෙන පුටු ටික සේරම අයින් කරලා දමන්න ඕනේ. සේරම මගඩි වැඩ කරන්නේ ඕවගේ ඉදගෙන. ඔළුගෙඩි වලට අසුචී පුරෝගෙන වැඩ කරන්නේ ඔය පුටුවල ඉගෙන දවස කාල දමන මිනිසුන් තමයි. අපි නැවත අර වේවැල් හන්සි පුටු වලට ගියොත් අපේ අතුරු දහන් උණු දනාත්මක සිතිවිලි ටිකත් නැවත අපි කරා ලංකර ගත හැකියි. කොන්ද කෙලින් වැඩ කරන මිනිසුන් ටිකක් බිහිවෙයි (නදී)
මොන දේ කෙලින් තබා ගත්තත් මොලේ මන්ඥ වුණ අයටසංකල්ප පහල වෙන්නේ නැහැ.(අ)
බුදු හාමුදරුවොත් කලින් දේශනා කරලා තියෙනවා මේවා (දිල්)
රූපවති මහත්මිය හොඳ සිහියෙන්ද කතා කරන්නේ? වේවැල් හන්සි පුටු වල කොන්ද කෙලින් තියාගන්න පුළුවන්ද? මමත් ඉගෙනගන්නේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ. මෙහේ අය දැන් ගොඩක් හිටගෙන උස මේස වල වැඩ කරන්න නැඹුරුවෙලා තියනවා. (නි)
රූපවති ඔය වේවැල් හාන්සි පුටු ටික යෝජනා කරන්නේ ආණ්ඩුවේ කන්තෝරු වලට වෙන්න ඇති. අනේ හොඳයි. ඒ මිනිස්සු කොයි වෙලේ බැලුවත් නිදි කිරණ අයනේ. (අ)
නිවැරැදි ඉරියව් නැත්තම් කොන්දේ අමාරුව එනවා.(හේ)
යහපත් ඉරියව් මොන දේටත් හොඳයි. (හේ)
මොන බොරුද ? කලින් හිටපු අපේ මැතිවරණ කොමසාරිස්තුමා මොන තරම් සැප පුටුවකද හිටියේ. එත් එයාට ආතතිය හැදිලා උහුලන්න බැරිව ගියේ.මං හිතන්නේ අපේ රටේ ඉහල පුටුවල ඉන්න අය කොයිතරම් සැප පහසු පුටුවල හිටියත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නම් බැහැම තමයි .
ලංකාවේ හුඟක් අයට කොඳු නැහැනේ. ඉතින් කොහොමද කෙලින් තියාගන්නේ. (නදී)
මගෙත් කොන්දේ අමාරුවක් තිබෙනවා (නි)