කට ඇරගෙන නිදාගන්නා පුද්ගලයන්ගේ දත්වලට සිදුවන බලපෑම ශක්ති ජනක පානයන්ගෙන් දත්වලට ඇතිවන බලපෑමට සමාන බව පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය කියයි.
වාචික පුනරුත්ථාපනය සම්බන්ධ සඟරාවක පළවූ පර්යේෂණ ලිපියක සඳහන්ව ඇත්තේ කට ඇරගෙන නිදා ගන්නා පුද්ගලයන්ගේ දත් දිරාපත්වීමේ අවදානම නින්දේදී නාසයෙන් හුස්ම ගන්නා පුද්ගලයන්ට වඩා වැඩි බවයි.
එහි සඳහන්ව ඇත්තේ එමගින් ස්වභාවිකව මුඛයේ ඛේට පටලය නිපදවීම වැළකෙන බවයි.
දත් වසා බැක්ටීරියා ජෛවපටලයක් නිර්මාණය වී අම්ල නිකුත් කරන බවත් එමගින් දත් දිරාපත්වන බවත් ඔවුහු පෙන්වා දෙති. විදුරුමස් රෝගවලටද එය හේතුවිය හැකි බව කියති.
නමුත් කට ඇරගෙන නිදාගන්නා අය වියළි මුඛයක් සහිතව අවදිවන බවද ඊට හේතුව ඛේටය නිපදවීම අවම වීම බවද එහි සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් ඉතින් ලංකාවේ බස් වල වාඩිවෙලා යන ඔක්කොම ලෙඩ්ඩු. යන්තම් ඇහැ පියවුණත් කිඹුලා වගේ අක්කරයක් විතර කට නම් ඇරෙනවා අල්ලපු සීට් එකේ කෙනාගෙත් ඉඩ අරන්. (නි)
පිටිගල මිලානෝ , මාර කතා නේ කියන්නේ... (ර)
සමහරු අැස් අැරගෙන නිදාගන්නවා (බ)
ලෙස්ලි, ඇස් අරගෙන නිදාගත්තේ සුදු වෑන් වල ගිය අය. (බ)
ගලබඩට හොඳට පුරුදුයි වගේ සුදු වෑන් එලවලා. (නි)
හොඳ ලිපියක් (නි)
පිටිගල මිලානෝ, ඔයා ඔය තරමටම ලංකාවේ අයට අපහස කරන්නේ ඇයි? ඔයා ඇමරිකන්කාරයෙක්ද? ලෝකේ කොහේ ඉන්න අයගෙත් නින්ද ගියාම කට ඇරෙනවා. මේ බඩු මිල ඉහළ යන විදියට එහෙම නොවී තියෙයිද? (නි)
පිටිගල, අපේ රට දුප්පත් රටක් නිසයි මිනිසුන්ට පෝෂ්‍යදායී ආහාරයක් නැත්තේ (නි)
තිත්ත ඇත්ත කතා කරමින් වැරදි පෙන්වා දීමත් අපහාස කිරීමත් දෙකකි.(හේ)
මිලානෝ , ඔයාට මොකද්ද ඔච්චරටම තියෙන ප්රශ්නය? (නි)
ලෝකේ හැම මිනිසෙක්ම නින්දෙදී එක මකුළුවෙක් හරි කාලා තිබෙන බව දැනෙනවා (නි)