ලෝකයේ විශාලම සාමුද්‍රික ආරක්ෂණ කලාපය ලෙස ඇන්ටාක්ටිකාවේ රොස් මුහුද නම් කිරීමට යුරෝපීය සංන්ධානය සහ තවත් රටවල් 24ක් එකඟ වී ඇත. මේ එකඟතාවයෙන් පසු දක්ෂිණ සාගරයේ වර්ග කිලෝමීටර දශලක්ෂ 1.57ක ප්‍රදේශයක මසුන් ඇල්ලීම තහනම් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාරතා කරයි. මෙම යෝජනාව ඉදිරිපත් කල නවසීලන්තය සහ ඇමරිකාව පවසන්නේ තහනම ඉදිරි වසර 35ක් සඳහා බලපැවැත්වෙන බවයි.
පෙන්ගුවින්, කුඩා මුහුදු පක්ෂීන්, තල්මසුන් සහ තවත් බොහෝ දුර්ලභ ජීවී විශේෂ රාශියක් රොස් මුහුදේ ජීවත් වේ. තල්මසුන්ගේ සහ සීල් මත්සයින්ගේ ප්‍රධාන ආහාරයක් වන ක්රිල් මත්ස්‍යයින් ද වීශාල වශයෙන් රොස් මුහුද සිය වාසස්ථානය කරගෙන සිටියි.
නොකිලිටි සාමුද්‍රික පාරිසරික පද්ධතියක් පවතින රොස් මුහුද “කිසිවක් ගෙන යා නොහැකි කලාපයක්“ ලෙස නම් කිරීම සම්බන්ධව පරිසර විද්‍යාඥයන් සිය සතුට පල කර ඇත. ඔවුන් විශ්වාස කරන්නේ ජාත්‍යන්තර මුහුදේ පවතින මෙවැනි බොහෝ කලාප අතරින් රොස් මුහුද මුල්තැන ගන්නා බවයි. වසර ගණනාවක දැඩි කැපකිරීම් මැද ලබාගත් මෙම ජයග්‍රහණය ඉදිරි පරම්පරාවට පරිසරය රැකදීමේ යෝධ පිමිමක් වනු ඇති බව පරිසරවේදීන් පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට ප්‍රයෝජනයක් නැති සාගර ප්‍රදේශයක් මෙලෙස නම් කරන්න ඇති. මීට වඩා කොච්චර ජෛව විවිධත්වයෙන් අනූන නිවර්තන සාගර ප්‍රදේශ විනාශ කරනවද? (හේ)
ක්රිල් කියන්නේ පුංචි ඉස්සන් වර්ගයක්. මෙම සතුන් බහුල සාගරය තුළ මත්ස්‍ය සම්පතද බහුලයි. (නි)
මේ වගේ දේවල් ඉදිරියටම කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
ඉතාමත් වටිනා තීරණයක්. මිනිසුන් මසුන් මරන්නේ මිනිසුන් විසින් මසුන් ඇතිකරලා වගේ. ජෛව පාලනයක් කියන්නේ මොකද්ද කියලා මහාචාර්යවරුන්ට විතරක් නොවෙයි සාමාන්‍ය ජනතාවටත් කියලා දෙන්න ඕනෑ (නි)