දිරාපත් වන ජීව කොටස් ජීවි සෛල තීන්ත ලෙස යොදාගෙන සෛල, පටක සහ අවයව මුද්‍රණය කළ හැකි නව ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් සාදා ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කරයි.
එම යන්ත්‍රය මගින් කනෙහි සම්පුර්ණ ව්‍යුහය නිර්මාණය කර තිබෙන බව ද එහි සදහන්ය.
විද්‍යාගාරයේ නිම වන කෘත්‍රිම අංග රොබෝ කෙනෙකු මගින් බද්ධ කිරීම හැකියාව මෙමගින් ගෙනෙයි.
සායනික බද්ධ කිරීම් සදහා පටක ක්‍රමවේදය සොයා ගත්තේ මින් 20 වසරකට පෙරය.
මෙම යන්ත්‍රය මගින් අවශ්‍ය ආකාරයට අවශ්‍ය ප්‍රමාණයෙන් හා වර්ණයෙන් අවයව නිර්මාණය කර ගත හැකි අතර එය ජිවියකුට බද්ධ කල පසු රුධිර සංසරණය සහ ස්නායු සම්බන්ධ කර එම කොටස සාමාන්‍ය ලෙස වර්ධනය වීමට හා ක්‍රියා කිරීමට ඉඩ හැරීමට ද හැකියාව ඇති බව වාර්තා වේ.
මෙම මුද්‍රිත අවයව දැනට සත්තුන්ට පමණක් බද්ධ කරමින් පරීක්ෂණ පවත්වන පවත්වයි. එමෙන්ම මෙම මුද්‍රණ යන්ත්‍රය වැඩි දියුණු කොට වෛද්‍ය ශේෂ්ත්‍රය නව මගකට ගෙන යාමේ හැකියාව ඇතැයි විද්‍යාඥයො කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ කෝප වෙන වැඩද සන්තෝෂ වෙන වැඩද මේවා? (බ)
පරීක්ෂණ මට්ටමින් අහාරයට ගන්නා මස් වර්ගද දැනට (ත්‍රී ඩී) මුද්‍රණය කෙරේ. තව ටික කලකින් නොමැරු සතුන්ගේ මස් සැහැල්ලු සහ දිව පිනවන ලෙසට අහාරයට ගැනීමට පුළුවන. (බ)
දැන් ගොඩක් අවයව මේ තාක්ෂණයෙන් නිපදවනවාලු. (නි)
දියවන්නාවෙ ඉන්න කට්ටියගෙ මොලේ වෙනස් කරන්න මෙි වැඩෙ නියමයි. (ර)
දෙයියෝ කෝප වෙනවනම් ස්වාභාවික දේ වෙනස් කළා කියලා.මේ හැදෙන ලෙඩ ගොන්නට බෙහෙත් හොයන්නේ නැතුව හිටියොත් මානව වර්ගයා අවසන්වී බොහෝකල්.(හේ)
ඔය යන්තරෙන් වෙනත් වෙනත් අංගෝපාංග නිපදලා තිරිහන් කරන්න පටන්ගත්තොත් නම් මේ වයසක අපිත් ගොඩ තමයි. (ර)
මේක හොඳයි ලංකාවේ සමහර මොළ නැවත නිර්මාණය කරගන්න (නි)
ලලිත්, හැට පැන්නා නම් බණක් භාවනාවක් කරගෙන ඉන්න බැලුවනම් අපරාධ වලට හිත නොයවා. (නි)