යුරෝපීය නිරීක්ෂණ යානයක් මගින් බදාදා(19) අඟහරු ග්‍රහයා වෙත ස්කැපරෙල්ලි නම් නැවතුම් දැරුමක් ගොඩ බැස්වීමට නියමිතව තිබූ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ දැයි යන්න සම්බන්ධව සැක පහළ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රතු ග්‍රහයාගේ පෘෂ්ඨය මත පතිත වීමට සුළු වේලාවකට පෙර නැවතුම් දැරුමේ රේඩියෝ සංඥා බිඳ වැටුණු බව වාර්තා වේ.
මෙම වසරේ මාර්තු මාසයේ අභ්‍යාවකාශ ගත කරන ලද යානයෙන් පසුගිය 16 වැනි දා මෙම නැවතුම් දැරුම වෙන්වී අඟහරු පෘෂ්ඨය වෙත ගමන් කර ඇත.
යුරෝපීය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පවසන්නේ අඟහරු පෘෂ්ඨය මත දැරුම ගැටීමේදී විනාශවී ගියේ දැයි යන්න ගැන සොයා බලන බවයි. අඟහරු ග්‍රහයා වටා ස්ථානගත කැර ඇති චන්ද්‍රිකා මගින් ස්කැපරෙල්ලි සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයන් ද නිශ්ඵල වී ඇත. අවසන් විනාඩියේදී සිදු වූ දේ හා ප්‍රමාද දෝශයක් සිදුවූයේ කෙසේද යන්න සම්බන්ධව පරීක්ෂණ දියත් කර ඇති බව ජර්මනියේ ඩ්රැම්ස්ටැඩ්හි ඊසා පාලක මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්යක්ෂ පෝලෝ ෆෙරී පවසයි. සිදුවීම සම්බන්ධව අදහසක් ප්‍රකාශ කිරීමට දින කිහිපයක් ගත වීමට ඉඩ ඇති බවද ඔහු පවසා ඇත.
2020දී අඟහරු මත සිදුකිරීමට නියමිත රෝවර් මෙහෙයුමට පෙර සූදානම් සකස් කිරීම සඳහා මෙම යානය අඟහරු වෙත යවා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලොත් එකට එක කරන්න යනවා. නාසා එක්ක එකතුවෙලා කරන්න බැරිවුණාද? (නි)
මේගොල්ලන්ට රොකට් යවන්න, අපේ කට්ටිය හාමතේ ඉන්න. මුළු ලෝකයේම සාරය උරාගෙන මේගොල්ලෝ හදන්නේ පැනලා යන්න වගේ. අපේ කට්ටියටත් විමසිල්ලෙන් ඉන්න වෙනවා. (නි)
චාමර, මෝඩ කතා කියන්න එපා
මෝඩ කතා නැතිව ගතියක් නැහැ. (අ)
හරිපුදුමයි පින්වතුනි ,ලෝකය පුරාම ක්‍රියාත්මක වෙන්නේ විශම ලෝභය , එ්කියන්නේ තමන්ට හිමි නැති සම්පත් කෙසේ හෝ ලඟාකර ගැනීමේ ආශාව ,මේ ඇසට නොපෙනෙන ධාතුමය ක්‍රියාකාරීත්වය මිනිස් චිත්ත සන්තානයේ ක්‍රියාත්මක වෙද්දී ලෝකයේ යහපැවැත්ම විකෘර්ති වෙනවා .(අ)
ඒලියන්ස්ලා අල්ලා ගත්තාද දන්නෑ (බ)
චාමර වගේ අය නිතරම තප්පුලනවා ..එතකොට කාටත් සතා අදුරගන්න පුළුවන් ...(බ)
මොන රටකින් අඟහරු මත පරීක්ෂණ කළත් මානවයාගේ යහපතට කරන දෙයක් (නි)
මෙතන විහිළු කරන අය ලංකාවේ නූගත්කම ලෝකෙට පෙන්නන්න එපා (නි)
එරන්ද කෙසේ සිතුවත්, යුරෝපිය විද්‍යාඥයන්ට ආවැඩුවත් මේ පරම ගාම්භිර පරීක්ෂණ වලින් සොයාගන්න කිසිම ප්‍රතිලාභයක් ඔබේ ජීවිත කාලය තුළ ඔබට නොලැබේ. (නි)
කොලොම්බස්ද ඇමරිකාව හොයාගත්තා කියන්නේ? අපේ අය තාමත් ඇමරිකාවට යන්න ලොතරැයි ඇදෙනකන් බලා ඉන්නවා. පරිසර විනාශය කරනවා කියලා සල්ලි ගෙවන නොගෙවන ක්‍රමයකුත් ඇවිල්ලලු. අපි කරගත් දෙයකුත් නැතුව අපිටත් පරිසරය විනාශ කරනවා කියලා ගෙවන්න වෙයි. බ්‍රිතාන්‍යයට කුණු යවන්න හදන්නේ, බලාගෙන ඕවට ගෙවන්න වෙයි. අපේ කුණුවත් හරියට කළමනාකරණය කරගන්න දන්නේ නැහැ. මනුසතාගෙන් නියම මානව යහපතක්. (නි)