මෙරට ජනගහණයෙන් සියයට 18ක් එනම් ඕනෑම පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයකින් පෙළෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සෞඛ්‍යය පිළිබඳ ජාතික සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද ආබාධ, ආඝාතය (අංශභාගය), පිළිකා, ඇදුම, මානසික රෝග, සන්ධි ඉදිමීම, අපස්මාරය වැනි දීර්ඝ කාලීන රෝගවලින් බහුතරයක් ජනතාව පීඩා විඳින අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 50ක්ම කිසියම් දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බව ද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට හතක් දියවැඩියාවෙන්ද සියයට නවයක් අධික රුධිර පීඩයෙන්ද පෙළෙන බව එහි දැක්වේ.
රැකියා අනුව රෝග ව්‍යාප්තිය ගත් විට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කළමනාකරුවන් ආදී වෘත්තීන්හි නිරත වන්නන්ගෙන් සියයට 13ක් දියවැඩියාවෙන්ද සියයට 8ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට ඉහළ අගයන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක වශයෙන් රෝග ව්‍යාප්තිය ගත් විට ඉහළම දියවැඩියා ව්‍යාප්තිය ලෙස සියයට 11ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
COMMENTS
ලලිත් , ඔයා හරි. ගණන් හදපු අය බයටම දියවන්නාව පැත්තට යන්ඩ නැතුව ඇති. (ර)
මේ වාර්තා එක්ක මම එකඟ වෙනවා... මනුස්සයන්ට යහතින් ඉන්න පරිසරයක් මේ ලෝකේ කොහෙවත් අද හොයාගන්න නෑ. මිනිසාම තමා වග කියන්න ඕන මේ හැම දෙයකටම...(බ)
හොදයි. හොඳ ප්‍රවනතාවක්. (ර)
මදි මදි, ජාත්‍යන්තර මට්ටමට තව හොඳටම මදි. (බ)
ඒකනේ ආණ්ඩුවට 6 න් 5 ක බලයක් තියෙන්නේ.(අ)
මේක මේ හැම රටකම වෙන දෙයක් නෙමෙයි. (හේ)
අර අහවල් දිහාවේ ඉන්න අයගෙන් නම් සෑහෙන ප්‍රතිශතයක් මානසික රෝගීන් කියන එක මේ පහුගිය දින කීපයේදී නැවතත් ඔප්පුවුණා (නි)
අපේ පංචේන්ද්‍රියන් ඔක්කොම දවසින් දවස ජරාවට පත්වෙනවා. ජීවිතයක් ඇති සතෙක් ඇද්ද ඒ ඔක්කොම මැරෙනතුරුම ලෙඩ්ඩු තමා. පංච උපාදානස්කන්ධයම දුකක්. (නි)
පාර්ලිමේන්තුවේ තමයි වැඩි හරියක් ඉන්නේ.(හේ)
ඕක නොතේරෙනවද ගමේ අපිටත්. මොන වරදකට හරි හිරේ යන්නෙත් සේරම ලෙඩ්ඩුනේ (නි)
ඕක පරීක්ෂණ වලින් සොයා ගන්න දෙයක් නෙමේ ලෝකයේම ස්වභාවික දෙයක් (බ)
එක්තරා මිනිසෙක් රෝහලකට ගිහිල්ලා සංගණනයක් කරන්න පසුව මාධ්‍ය අමතල කිව්වලු මේ රෝහලේ ඉන්න ලෙඩ්ඩු ඔක්කොම අසනීපෙන් වගේ කියල (බ)
ලංකාවේ වැඩිපුර පිස්සෝ ඉන්න එක නම් ඔන්න හරි (නි)
එතකොට දියවන්නා පැත්තේ ඉන්න කට්ටිය මොන ගණයටද වැටෙන්නේ? මට හිතෙන්නේ ජනතාව ලෙඩකරන පිරිසෙන් වැඩි හරියක් ඉන්නේ ඉන්නේ ඒ හරියේ කියල. (අ)