ඇන්ටනොව් 225 ම්රියා නම් ලොව විශාලතම ගුවන් යානය ඩුබායි හරහා ඉතාලිය බලා ගමන් ආරම්භ කර තිබේ.

එය ඉරිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන්තොටුපලට ළගා වූ අතර එය දැක බලාගැනීමට විසි දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.  

දිගින් මීටර 84ක් වූ එම යානය යුක්රේනයේ නිෂ්පාදිත ගුවන් යානයකි.

ම්රියා යනු යුක්රේනියා  භාෂාවෙන් සිහිනය යන තේරුම දෙයි. එන්ජින් 06කින් සමන්විත එම යානයට ටොන් 640ක් දරාගෙන ගුවන්ගත විය හැක.