මෙතෙක් සොයා ගැණුනු ලෝකයේ විශාලතම ඩයිනෝසර් පා සළකුණ ගෝබි කාන්තාරයෙන් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගින් සෙන්ටිමීටර 106 ක් හා පළලින් සෙන්ටිමීටර 77ක් වන පා සළකුණ ටයිටැනසෝරස් වර්ගයේ සතෙකුට අයත් යැයි විශ්වාස කරන බව පර්යේෂකයෝ පවසති.
අදින් වසර මිලියන 70ත් 80ත් අතර යුගයේ පස් තට්ටුවක තිබී මෙම පා සළකුණ සොයාගෙන ඇති අතර වෙනත් ඩයිනෝසර විශේෂ වලට අයත් සතුන්ගේ පා සළකුණු තුනක්ද මෙම භූමියෙන් හමු වී ඇත. මොංගෝලියා විද්‍යා ආයතනයේ සහයෝගය ඇතිව ඔකයාමා සරසවියේ පාෂාණිභූත විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ශිනොබු ඉෂිගාකි ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදුකර ඇත.
ඩයිනොසරයන්ගේ සමාජ චර්යාවන් හා ඇවිදීමේ රටාවන් සම්බන්ධව අධ්‍යයනය කිරීමට මෙය බොහෝ සෙයින් වැදගත් වන බව මහාචාර්ය ශිනොබු පවසයි.



COMMENTS
අවසානයේ හැමදේකම තියන්නේ දේසපාලනය තමයි. පරිසරය විනාශ කිරිම හෝ සුරකාම විතරක් නෙවෙයි , හැම ප්‍රස්නේම එහෙම තමයි. බඩ ගින්න නිසා මැරෙන මිනිස්සු ඔය ලොකු දේවල් හොයාගන්න රටවලත් ඉන්නවා.ලොකු හෝ පොඩි රටක මිනිහෙක් බඩගින්නේ මැරෙනවනම් , අපි ඔය ලොකු දේවල් හොයාගන්නේ කාටද ??? මම මේ පුවත දැක්කේ, ඒ වගේ බඩගින්නේ පන අදින මිනිහෙක්ගේ ඇස් දෙකෙන් . (අ)
ෂුවර්. ඕකා ළඟ ළගම ඇති. (නි)
හොඳ සොයාගැනීමක්. සුබ පැතුම්! (නි)
චාමික, බඩගින්න නිසා මිනිසුන් මැරෙන රටවල් බොහොමයක්ම දේශපාලුවන් සූරා කාපුවා. එහෙම නැත්නම් මිනිසුන් විසින්ම පරිසරය විනාශ කරගත් රටවල්. අනිත් රටවල් බැඳිලා ඉන්නවද එහෙම රටවල බඩගින්නේ ඉන්න මිනිසුන්ට කන්න දෙන්න? (නි)
මේවා රට්ටු හිනස්සන වැඩ. (ර)
මට පෙනෙන විදියට ගල් වඩුවෙක් ලස්සනට වැඩේ කරලා... (ර)
වැදගත් ප්‍රවෘත්තියක් හාස්‍යයට ලක්කරමින් තමන්ගේ නූගත්කම පෙන්වීමට උත්සාහ කරන පිරිසක් සිටීම ගැන කණගාටු සිතෙනවා! (නි)
දෙවියනේ! මිනිසෙක් එක පාපහරින් පාගා දමන්න පුලුවන් (නි)
හොඳ ලිපියක් (නි)
මෙය විස්මිත සොයාගැනිමක් (නි)
දවසකට 25000 පමණ බඩගින්න නිසා මැරෙන මිනිස්සු ඉන්න ලෝකෙක , ඩොලර් ලක්ෂ ගණන් වියදන් කරලා අවරුදු මිලියන ගණනක් ඉස්සර මැරුණු ඩයනොසර් කකුල් සලකුණු හොයා ගත්ත එක කොච්චර සතුටක්ද අපිට.(හේ)