IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පැරණි මාළුවා යළි මතුවෙයි

අදින් වසර ලක්ෂ 2420ට පෙර මිහිමත ජීවත්වූ මාළු විශේෂ දෙකක් සොයාගත් බව පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් මේ ෆොසිල සොයාගෙන ඇත්තේ ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත රාජ්‍යයක් වූ ටිචිනෝහි ශාන්ත ජෝරිජියෝ ප්‍රදේශයෙනි.

අතීතයේ දී ලොවපුරා මුහුදේ හා මිරිදියේ පැතිර සිටින්නට ඇතැයි විශ්වාස කරණ මේ මසුන් අතිශය කලහකාරී බව පර්යේෂකයන්ගේ මතයයි. ඔවුන්ගේ හැඩය හා දත්වල ස්වභාවය අනුව විවිධ වාසස්ථාන හා විවිධ ආහාර ක්‍රම වලට හුරුවී සිටින්නට ඇතැයි ද පර්යේෂකයෝ කියති.

පර්යේෂණය සිදුකළ සූරිච් විශ්වවිද්‍යාලයේ ජර්මන් හා චීන පර්යේෂකයන් පවසන්නේ ඔවුන්ට හමුවූ මසුන් විශේෂ දෙකම අතීතයේ මිහිමත වාසය කළ බව සැළකෙන සවුරිච්ති ඝනයට අයත් බවයි. ඉන් වඩාත් දිගැති මාළුවා සවුරිච්ති බ්‍රෙවිඇබ්ඩොමිනලිස් ලෙස විද්‍යාත්මකව නම්කැර ඇත. ඔවුන් වඩාත් දිගැති මාළු විශේෂයකි.

ගවේෂකයන් කණ්ඩායම විසින් සොයාගත් අනෙක් මත්ස්‍ය විශේෂය නම්කැර ඇත්තේ  සවුරිච්ති රීප්පෙලි යනුවෙනි. සූරිච් විශ්වවිද්‍යාලයේ ෆොසිල විද්‍යාව සම්බන්ධ විශේෂඥයකු වූ ස්විස් ජාතික ඔලිවර් රීප්පෙලි මහතාට ගෞරව පිණිස බව ද විද්‍යාඥයෝ කියති. මේ විශේෂය අනෙක් විශේෂයට වඩා සාපේක්ෂව කොට සිරුරකින් සමන්විතය.

පර්යේෂණයේ ප්‍රධානී සූරිච් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හයින්ස් ෆුරර් මහතා පවසන්නේ වඩාත් දිග විශේෂය සෙන්ටි මීටර 60ක් දක්වා වැඩෙන බවයි. අනෙක් විශේෂයේ උපරිම දිග සෙන්ටිමීටර 40ක් පමණ වේ. එකිනෙක වෙනස් වූ වාසස්ථාන වල විවිධ ආකරයේ ආහාරවලින් යැපීමේ හැකියාව තිබූ මේ මාළු පරිනාමීය සාර්ථකත්වයක් පෙන්වන්නට ඇතැයි ද ඔහුගේ මතයයි. අලුතින් සොයාගත් මේ මසුන් විශේෂ දෙක එකිනෙකට වෙනස් වන්නේ ඔවුන් ජීවත් වූ පරිසරය හා ආහාර රටාව අනුව පෙන්වන පරිනාමීය ලක්ෂණ වලින් බව ද මහාචාර්ය වරයා වැඩිදුරටත් කියා සිටී.

150331073934-large



අදහස් (0)

පැරණි මාළුවා යළි මතුවෙයි

පාලිත ජයමාන්න Thursday, 16 April 2015 06:46 AM

මේක මහ පුදුම සොයාගැනීමක් (බ)

:       0       0

තරිඳු Wednesday, 29 April 2015 03:39 AM

මෙහෙමත් දේවල් තියෙනවානේ (බ)

:       0       0

කළුෑ Wednesday, 01 April 2015 04:48 PM

ෆොලේල්ලි නෙමේ නේද? (ස)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 04:03 AM

පරිනාමයේ නිහඩ රහසක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site