නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයා වෙත යැවූ ජූනෝ අභ්‍යවකාශ යානය මේ වන විට බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.
බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට මෙය අභ්‍යාවකාශගත කැරිණි.
සැතපුම් බිලියන 1.7ක් දුරින්වූ බ්‍රහස්පති වෙත වසර පහකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හිදී අභ්‍යවකාශගත කළ යානය සාර්ථකව බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවීම පිළිබඳව නාසා ආයතනය සිය සතුට පළ කරයි.
කැලිෆෝනියාවේ පාසාදිනාහී නාසා ගුවන් පාලක මැදිරියේ ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ සිට පාලනය වන අතරම දීර්ඝවූ රාත්‍රීන් මතින් ඔවුහු මෙම යානය පරීක්ෂණ ධාරාවන් යෝධ ගෑස් වස්තුව දෙසට ශබ්ද වේග 200 වාරයක් ඔස්සේ ළඟා කරයි. ජූනෝ යානය ඇමරිකා වේලාවෙන් පස්වරු 11.53ට බ්‍රහස්පතිගේ කක්ෂයට පිවිසියේය.
ජූනෝ නම රෝම ජන කතා ඇසුරින් යොදා ඇති අතර රෝම ජනකතා අනුව ජූනෝ යනු බ්‍රහස්පතිගේ බිරිඳයි. එය බ්‍රහස්පතිගේ කක්ෂය වටා 32 වාරයක් ගමන් කරනු ඇති බවත් බ්‍රහස්පතිගේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය අතර ගමන් කිරීමට වසරක් පමණ ගතවනු ඇතැයිද කියති. මෙම යානයේ උපකාරයෙන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳවත් නව තොරතුරු සොයා ගැනීමට හැකිවන බව නාසා විද්‍යාඥයෝ කියති.
ජූනෝ යානය බ්‍රහස්පති මත හරියටම ස්ථානගත වීමෙන් පසු අධික උණුසුමක් හෝ දැල්ලක් හටගන්නා බවත් නියමිත වේලාවට අනුව එහි එන්ජිම විනාඩි 35කදී ගිනි ගන්නා බවද එසේ වීමට හේතුව බ්‍රහස්පතිගේ ගුරුත්ව ශක්තිය බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ගුණේ, මම මේ අාදරේටමයි කියන්නේ. ඔයා නිහඬව ඉඳලා ඔයත් බුද්ධිමතෙක් කියලා ඔප්පු කරන්න. කට ඇරියොත් ලෝකෙට එළිවෙයි සැබෑ තතු. (නි)
ගුණේ හරි. ඕකත් සුදුවක් තමයි. මුලින් මේ ලෝකේ ගැන සොයාගන්න ඕනෑ. මිනිසුන්ගේ හිතේ හැසිරීම සොයාගන්න ඕනෑ. හිත කොහෙද තියෙන්නේ කියලා සොයාගන්න, සියලු ප්‍රශ්න ඉවරයි (නි)
ගුනේ ඔබ හරි. ලංකාවේ හතර කොන තිය ගෙදර වත්තේ මායිම දන්නේ නැති අය. ඇමරිකාවෙන් කියන හැම දේම ලොකුයි. (ර)
මේ අභ්‍යවකාශ යානයේ ගමන් යන එක හරි ලාබයි නේ? (බ)
අශික , ලෙඩ රෝගවලට බොහෝ බෙහෙත් හේත් නුතන විද්‍යාව කියන එකෙන් හොයාගෙන තියෙනවා තමයි, නමුත් ලෙඩ රෝග දුකට හේතුව නුතන විද්‍යාවෙන් සොයාගෙන නැහැ, ඒ නිසාම ඉදිරීයේදී මීට වඩා බොහෝ සංකීර්ණ බෙහෙත් හේත් සොයා ගනිවී, මොකද නුතන විද්‍යාවෙන් බෙහෙත් හේත් සොයා ගන්නවා කියන්නේ මිනිසුන්ගේ තියෙන සිල්වත් බවේ අඩුවීමක්, මිනිසුන්ගේ තියෙන තම තමන්ගේ හික්මීමේ අඩුවීමක්, ගුනේ හරියටම හරි, (බ)
බණ්ඩාර මම හරි කැමතියි මාව විවේචනය කරනවට , නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි යන මෙයින් ඔබ ජිවත් වී මැරෙන කාලය අතරතුර ඔබට සෘජු වම ලැබෙන එක ප්‍රයෝජනයක් මට කියන්න. (බ)
ක්‍රිස්, ලෝකයේ කරන පරීක්ෂණ දෙකොටසකට බෙදනවා ඒ ආර්යය පරීක්ෂණ සහ අනාර්යය පරීක්ෂණ කියලා ඔබ කැමති අනාර්යය පරීක්ෂණයන්ට කරයි කියලා මනුෂය වර්ගයාට සෘජුව කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ , ගුනේ කැමති ආර්යය පරීක්ෂණයට මනුෂය වර්ගයාට සෘජුවම දේවල් ලැබෙන ,මග සොයන්න එකට (බ)
යානය බ්‍රස්පති ගියාට වැඩි ප්‍රසිද්දියක් මේ ගුනේ ට ලැබිලානේ? ඔයා ඔය පොත පත කියෙව්වට අද අපි ගුවනින් යන්නෙත් ලෙඩ රෝග වලට බේත් ගන්නෙත් ගොඩක්ම නවීන විද්‍යාවේ දියුනුව නිසයි. ඒවාට හිස නමා ආචාර කිරීමට පුරුදුවන්න (බ)
අභ්‍යවකාශ ගවේෂණය නිසා බිහිවූ අලුත් නිමැයුම් සහ ඒවා අපේ ජීවිතයට කොපමණ බලපානවද කියල නාසා එකේ ස්පින් ඔෆ් වෙබ් අඩවියට ගොස් බලාගත හැකි. (බ)
සඳා, මේ සමස්ත ක්‍රියාවලිය දෙස අසුභවාදීව හිතන්න එපා. මේ බුදු දහමේ අතිසියුම් ගැඹුරු කාරනා මහා පණ්ඬිතයිනට බැරිවුණාට සෝපාක වැනි අය අවබෝධ කළා. ඒ ඇයි? මෙතන තියෙන්නේ පුද්ගලයින්ගේ ප්‍රශ්නයට වඩා, අපිට ඇසෙන දකින උගන්වන ක්‍රමවේදය වැරදියි. (නි)
ගුනේ කියපු හැම දෙයක්ම හරි. මිනිස්සු මේ බඹයක් වගේ ශරීරය ගැන සොයන්න වෙහෙසෙන්නේ නැතුව විශ්වය ගැන සෙවීම නිෂ්ඵල ක්‍රියාවක්. එත් ගුනෙට නොතේරුන එකම දේ තමයි ගැඹුරු දේ පිළිබඳව හැමෝම සමග තර්ක කිරීම සහ පහදා දීමට උත්සහ කිරීම අනුවන ක්‍රියාවක් බව. ගොඩක් අය නොදන්නා දෙයක් තමයි බටහිර විද්‍යාඥයන් භාවනාවෙන් හිත දියුණු කරන අය කියන එක. (ර)
මනුෂ්‍යයිනි, සතුටු වෙයල්ලා! ඔක්කොම හරි දැන්. ඉපදීම් මැරීම අවසන් වුණා. ලෙඩදුක් හැදීම අවසන් වුණා. බඩගින්න අවසන් වුණා. (නි)
ගුණේ වගේ අය ගොඩක් මේ රටේ ඉන්න හින්දා තමා ලංකාව තවමත් තුන්වන පන්තියේ රටක් විදියට තියෙන්නේ (නි)
ලංකාව තවමත් තුන්වන පන්තියේ රටක් නිසා තමයි මෙහෙම බේරිලා ඉන්නේ. පළවෙනි පන්තියේ ඉන්න රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ. අපිට බුද්ධ දර්ශනයෙන් ලැබිලා තියෙන වටිනාකම අගයන්න පුරුදු වෙන්න. සමහර අය සුද්දට කඩේ යනවා. උදාර, ගුණේ, ඔබ හරි. (නි)
ගුනසිරි ළඟ හොඳ අදහස් තියෙනවා. අවුසගත්තොත් තමයි අහගන්නට ලැබෙන්නේ. (ර)
පුෂ්පා ඔබ ආදරයටම කිවුවත් කියන්නේ වැරදි දෙයක් නම් එය පිළිගැනීමට සුදුසුද? පුෂ්පා දන්නවද මේ නාසා ආයතනය තමන් පයගහලා ඉන්න මහා පොළොවේ සැබෑ ස්වභාවයවත් හරියට දන්නේ නැහැ. ඒගොල්ලො යනවා බ්‍රස්පති ගවේෂණය කරන්න. (නි)
නාසා ආයතනයටත් වඩා ගුණේ දන්නවා වාගෙයි හැම දෙයක් ගැනම.මොකද නාසා ආයතනය ගැන ගුණේට තියෙන ඔය තරම් ගුණමකුකම...?මම හිතන විදිහට ගෙදර කරන්න දෙයක් නැතුව ඇති. (බ)
පුෂ්පා, ඔබතුමිය මේ තර්ක විතර්ක කරන්නේ මහා උගතෙක් සමඟ නෙමෙයිනේ. තර්ක කියන වචනය ගෙනහැර දක්වපු නිසා පෙන්වා දෙනවා. ඔබ මට කට අරින්න එපා කට වහගෙන ඉන්න කියලා ලිව්වාට, මම ඇත්තටම කට ඇරලා ශබ්දය පිට කරලා යමක් කිවුවේ නැහැනේ. මම කළේ මනසට එන සිතුවිලි වලට අනුව යතුරු පුවරුව හැසුරු එක පමණයි (නි)
ගුණේගේ මොළේ වයර් මාරුවෙලාද? (නි)
මේ අැමෙරිකානු ජාතික අභ්‍යවකාශ සහ ගගන පරිපාලන ඒජන්සියෙන් පිටත්කර යවන ලද තවම මඟ සිටිනවා කියන යානයක් ගැන සැබෑලෙසම උද්දාමයට පත් වී සිටින සියලු දෙනාගෙන්ම එක ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබේ රට ජාතිය ආගම කුමක්ද? (නි)
අනේ ගුණේ මම කිව්වනේ කට අරින්න එපා කියල. පස්සේ මට දොස් කියන්න එපා කිව්වේ නෑ කියල. (බ)
කොටි ගණන් නාසා වියදම් කරලා ඒ ලෝකෙත් මේලොකෙත් අතර මිතුදමක් ඇති වුනොත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මොකද මත්පැන් එහෙත් ඇති නමුත් කුඩු, උන් කුඩු ගහල උන්ගේ ලෝකේ ඇත හැරලා ගියොත් (බ)
ගුණේ කැමති නැහැ අලුත් සොයාගැනීම් වලට. එකකම එල්ලිලා ඉන්නයි කැමති. (නි)
මුළු ලොවම ඇමරිකාවට ස්තුතිවන්ත වෙන්න ඕන තමන්ගේ දානයෙන් මුළු ලෝකයටම වැදගත් වන විද්‍යාත්මක දේවල්වලට කැපවීම (හේ)
ඔන්න ඔහේ ගුණේට ගුණසිරි බුල්ටෝ ටිකක් අරන් දෙමු අනේ.එතකොට කට වහගෙන ඉඳීවී. (බ)
ගුණේ හරි. අභිධර්ම පිටකය නොකියවා ඇති මිනිසුන්ට නාසා එකෙන් කියන දේවල් ලොකු දේවල් වුණාට කියවා ඇති අයට මේවා ඒතරම් වැදගත් නැහැ. (නි)
අශිකා, මම පොත් ගුල්ලෙක් නෙමෙයි. එහෙත් ඔබතුමිය දන්නවද ඈත අතීතයේ මිනිස්සු ජීවත්වෙලා තියෙනවා අවුරුදු ලක්ෂයක්. ඒගොල්ලන්ට ලෙඩ දෙකයි තිබුනේ, බඩගින්න සහ මළපහ කිරිම. තැනකින් තැනකට ගියේ ඍධි බලයෙන්. ඔබේ නවීන විද්‍යාවට පුළුවන් ඔබ අගය කරන දේ අනිත් පැත්තට කරකවන්න. ගුවන්යානා කඩාවැටී මිනිස්සු මැරෙනවා. සමහර බෙහෙත් කාලයක් බිවුවම එතෙක් නොතිබූ ලෙඩ එනවා. හරි පුදුමයි! (නි)
රනුක , රටක් තුන්වෙනි පන්තියෙන් පලමුවෙනි පන්තියට අවරෝහණ ක්‍රමයට ආවත් පිළිවෙලට එන්න ඕනේ , (හේ)
යන්නේ කොහෙද මල්ලේ පොල් තර්ක තමයි මේවා. (නි)
පින්වත් හිතවතුනි, හිතවතියනි, මේ නිවැරදි මත සමාජගත කරන්න දරන ප්‍රයත්නයක්. මේ විශ්වය පිළිබඳව, අපේ ආගම, සිංහලයින්ගේ ආගම කිසිවක් නොසඟවා එළිපිට ඉදිරිපත් කළ තොරතුරු විස්මිතයි. (නි)
අතීතයේ සොයාගැනීම් වර්තමානයට, අද සොයාගැනීම් අනාගතයට (නි)
නෝනාවරුනි, ගැහැණුන්ගේ මොලය හැදිමිටේ දිගලු ,මම නෙමෙයි කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා . (බ)