කරදරකාරී ලෙස වැඩිවන සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක් ලෙස සාවුන් වැඩිවන්නට පටන්ගෙන ඇති අතර "රැබිට් හිම්මරොජික් ඩිසීස් වෛරස්" ලෙස නම්කර ඇති මෙම වෛරසය මාර්තු මාසයේ එම ප්‍රදේශ වලට නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති.
කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් මෙම ක්‍රියාව අගය කලද බොහෝදෙනකු මේ සම්බන්දව විරුද්ධත්වය පල කර ඇත්තේ සුරතල් සතකු වන සාවාට මෙයින් උපද්‍රවයක් ඇතිවෙයැයි සැක පල කරමිනි.
1930 වර්ෂයේ නවසීලන්තයට මෙම සාවුන් හඳුන්වා දී ඇති අතර තෘණ භූමි උලා කෑමෙන් හා වගා බිම්වල බෙන හෑරීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කරදරකාරී සතකු බවට පත්වී ඇත. මේ හේතුවෙන් වාර්ෂිකව බොහෝ පාඩු සිදුවන අතර මොවුන් මර්දනය කිරීම සඳහා ද රජයට විශාල මුදලක් දැරීමට සිදුවී ඇත.
වෙඩි තැබීම, වස දැමීම, වැටවල් ගැසීම වැනි ක්‍රම සාවුන් මර්දනය කිරීමට යොදා ගත්තද වැඩිවන ගහනය හමුවේ ඒවා නිශ්පල ක්‍රියාවන් බවට පත්වී ඇතැයි රජය පවසයි.
අනෙක් සතුන්ට මෙම වෛරසයේ බලපෑමක් නැති අතර මෙය ශරීර ගතවී දින කිහිපයකින් සාවුන් මරණයට පත්වන බව සඳහන් වේ.
(බීබිසි ඇසුරිණි - 085)
COMMENTS
ඔය වෛරස් එක හාවුන් තුල වර්ධනය වෙලා මිනිස්සු සහ අනෙක් සතුන්ටත් බලපාන ලෙස අනුවර්ථනය වෙනවාමයි. එතකොට සොරිම තමා. මේවා මෝඩ තීරණ.
ඔය ක්‍රමය මිට කලින් ඕස්ට්‍රේලියාවේ කලා, ඒගොල්ල සාර්ථක ප්‍රතිපල ලබාගෙන තියෙනවා
ඒ කියන්නේ ලඟදීම අපේ සුපිරි වෙළද සැලවල්වල ප්‍රොමෝෂන් හා මස් බලාපොරොත්තු වන්න.
මේක නම් මහා පහත් වැඩක්...
මේ රට ගවයින්, බැටළුවන් පාලනයට ප්‍රසිද්‍ධයි. මේ රටේ සත්ත්ව පාලනයට එකතු වූ තවත් එක් මානව බලපෑමක් පමණයි මේ විස්තර කරන්නේ.
නවසීලන්තයේ කෘෂිකර්මාන්තය ඔවුන් පණ වගේ ආරක්ෂා කරන දෙයක්. ඒකත් එක්ක ඔවුන් අනික් දේවල් පටලවාගන්නේ නැහැ. අපි නම් අයාලේ යන අය නිසා මැරෙන දරුවන් ගැන හිතනවට වඩා අයාලේ යන සුනඛයින් ගැන හිතනවනේ.
ඒකට මෙහෙ රිලව් ඌරෝ සේරම වගා විනාශ කරනවා, ගොවියා රජ වෙලාලු ඉන්නේ ....?
අපේ පැත්තේ රිලව් බෝවෙලා හරිම වදේ. ගහක ගෙඩියක් තියාගන්න නෑ. ඔක්කොම විනාස කරලා අන්තිමේට ගෙවල් වලට පනින තත්වෙටත් ඇවිල්ල. පොල් ගස් තියෙන අපි දැන් පොල් ගන්නෙත් කඩෙන්. කාට පැමිණිලි කලත් වැඩක් උනේ නෑ. මහජන මුදල් වලින් යැපෙන නිලධාරීන්ගේ අලස බව හරිම පිළිකුල් සහගතයි.
අපි ඔය වගේ දෙයක් කරා නම් සත්ව අයිතීන් කඩවෙනවා කියලා කෑගහයි. ඒ ගොල්ලන්ට තමයි හොද මානව හිමිකමුයි, සත්ව අයිතීනුයි කඩන්න.