IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


දිගු අභ්‍යාවකාශ චාරිකා මොළයට අගුණයි

මිනිසුන් සහිත යානයක් අඟහරු ග්‍රහලොව වෙත යැවීමේදී ගමනට ගතවන දීර්ඝ කාලය තුළ මොළයේ සෛල වලට හානි සිදුවීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙති. එසේම ග්‍රහලෝක වලින් නිකුත් වන කිරණ වලට නිරාවරණය වීම නිසා සහ අභ්‍යවකාශ යානය තුළ ඇති විවිධ උපකරණ වලින් නිකුත් වන විකිරණ නිසා  ඩිමෙන්ෂියා වැනි තත්වයන්ද ඇති විය හැකි බව ඔවුන්ගේ මතයයි.

මේ පිළිබඳ සොයාගෙන ඇත්තේ නිව්යෝර්ක් හි නාසා අභ්‍යාවකාශ විකිරණ පර්යේෂණාගාරය තුළ කැලිෆෝනියා  පර්යේෂකයන් පිරිසක් විසින් මීයන් යොදාගෙන සිදු කළ පර්යේෂණයකිනි. අනතුරක් සිදුවීම හෝ මරණයට පත්වීම ගැන ඇතිවන බය සමඟ වර්ධනය වන පීඩාකාරී වාතාවරණයද මෙයට හේතුවක් බව ඔවුන් පවසයි.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විකිරණ විද්‍යා මහාචාර්ය චාල්ස් ලිමොලි පවසන්නේ අවුරුදු දෙක තුනක දීර්ඝ චාරිකාවකට බලාපොරොත්තු තබා සිටින අජටාකාශගාමීන්ට මෙය සුභදායක ආරංචියක් නොවනු ඇති බවයි. 

mars-isolation-experiment_650x400_81472451564 download-(4)-(1) images-(1)-(1)



අදහස් (0)

දිගු අභ්‍යාවකාශ චාරිකා මොළයට අගුණයි

වෙදගේ Sunday, 16 October 2016 03:51 PM

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුටම මේ ගමන් සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ. මැදපෙරදිග ගිහින් මැරෙන ලාංකිකයන්ගෙන් පාඩම් ඉගනගත්තා ඇති. (නි)

:       0       0

නිරු Friday, 21 October 2016 02:47 PM

ඒකනෙ මම ඕවයෙ යන්නෙ නැත්තේ...(අ)

:       0       0

මනුජා Thursday, 13 October 2016 08:42 AM

මේ වගේ ව්‍යාපෘතිය සඳහා පුහුණු කළ යත්තේ ජීවිතය පරදුවට තබා ඒ සඳහා කැපවී මනුෂ්‍ය වර්ගයා හා විද්‍යාව වෙනුවෙන් ඉදිරිපත් වීමයි. (බ)

:       0       0

සංජීව Friday, 14 October 2016 11:30 PM

එ්ක ඇත්ත. මටත් තේරුණා. ගිහිල්ලා ඇවිල්ලා දැන් සුමානයක්. එන සුමානෙත් යනවා. (නි)

:       0       0

ජයාත් Saturday, 15 October 2016 01:00 AM

නින්ද, ආලෝකයේ ප්‍රවේගයට ආසන්න ප්‍රවේගයක් ලබාගැනීම මේවට විසඳුම් කියලා මට හිතෙනවා. එතකොට අපේ පුද්ගලික බස් එකකින් වගේ ටක් ගාලා ගිහින් එන්න පුළුවන්

:       0       0

අබය Tuesday, 11 October 2016 09:34 PM

මට හරි සැකයක් තියෙනවා අපේ රටේ බහුතර දේශපාලකයෝ සියල්ලම අභ්‍යවකාශයේ ගිහින් ආ අයද කියා..... (නි)

:       0       0

ජයාත් Monday, 17 October 2016 01:24 AM

ශිශිර තාරක නින්ද (කෘතිමව කෙනෙක් දීර්ඝකාලිනව නිද්‍රාවට පත්කිරීම) විද්‍යා ප්‍රබන්ධ වල සුලභ කාරණයක් (නි)

:       0       0

රිකී Saturday, 15 October 2016 01:21 PM

ඒකනම් ඇත්ත.(හේ)

:       0       0

විකී Saturday, 15 October 2016 01:24 PM

හොඳ හොයා ගැනීමක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1649 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site