(ගයාන් සූරියආරච්චි)
ඩුබායිහී අපරාධ වැළැක්වීම සඳහා ඩුබායි පොලිසිය විසින් නවතම ඉගිලෙන යතුරු පැදියක් හඳුන්වාදී තිබේ.
එකවර ඉහළට පියාසර කළ හැකි මෙම යතුරු පැදිය පොළොව මට්ටමේ සිට අඩි 16 ක් ඉහළ ගුවනේ ගමන් කිරීමේ
හැකියාව ඇත. මෙහි ඩුබායි පොලිසියේ සංකේතය යොදා ඇති අතර එවැනි අවස්ථාවක කැමරා මගින් පරීක්‍ෂා කෙරනු ඇත. මෙය මිනිසුන් රහිත ඩ්‍රෝන යානයක් ලෙසද ක‍්‍රියා කෙරේ. මෙය රුසියාවේ ‘හෝවර්සර්ෆ්’ සමාගම විසින් නිපදවා තිබේ.
මෙම යතුරුපැදියට පැයට සැතැපුම් 43 ක වේගයෙන් ගුවනේ ගමන් කළ හැකි අතර හසුරුවන්නා සමග විනාඩි 25 ක් පමණ ගුවනේ රැඳී සිටිය හැකිය. ඉහළ යාමේ උස මට්ටම සහ උපරිම වේගය පාලනය කර නිපදවා ඇති අතර ගුවන් අනතුරුවලින් වළක්වා ගැනීම එහි අරමුණය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මේවා අවශ්‍ය නැහැ. ලංකාවේ ආරක්ෂක කටයුතු වල නිරත වන පෙර ගමන් රථ වැනි වාහන කොහොමත් යන්නේ උඩින්...
ලංකාවේත් තියෙන්නේ ඉගිලෙන යතුරුපැදි තමයි.
ඩුබායි වල විතරක් නෙමෙයි ලංකාවෙත් තියනවනේ..