IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජර්මනිය අලූත් යානයක් හදයි

(ගයාන් සූරියආරච්චි)

ජර්මනියේ වොලොකොප්ටර් ගුවන් සමාගම විසින් නවතම ගුවන් යානයක් නිපදවීමට සැලසුම් සකස්කර තිබේ. 

මෙම ව්‍යාපෘතියට ජර්මනියේ ජංගම දුරකතන සමාගමක් වන ඩයම්ලර් සහ තවත් ආයෝජකයෝ රැසක් දායකවී ඇමෙරිකානු ඩොලර් මිලියන 29 ක් ආයෝජනය කිරීමට නියමිතය. 

විදුලි බලයෙන් ක‍්‍රියාකරන සහ ස්වයංක‍්‍රීයව සිරස් ආකාරයෙන් ගුවන් ගත කළ හැකි ගුවන් යානා නිපදවීමටත් ඔවුහු සැලසුම් කරති. 

ඔවුන් පවසනුයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස ගුවන් මගී සේවයට මගී ප‍්‍රවාහන යානා නිපදවීමටත් බලාපොරොත්තු වන බවය. 

මොවුන් නිපදවීමට බලාපොරොත්තු වන වොලොකොප්ටර් 2X යානය සම්පූර්ණ විදුලි බලයෙන් ක‍්‍රියාකාරන අතර භ‍්‍රමක 18 කින් යුක්තය. එහි උපරිම ගුවන් වේගය පැයට කිලෝමීටර 100 කි. එහි ගුවන් නියමුවා සහිතව මගීන් දෙදෙනෙක් රැගෙන යාහැක. 

ලිතියම් අයන බැටරි 9 කින් යුක්ත බැටරි කට්ටලයකින් විනාඩි 27 ක සාමාන්‍ය කාලයක් ගමන් කළ හැකි බව සඳහන් වේ.



අදහස් (1)

ජර්මනිය අලූත් යානයක් හදයි

de silva Friday, 04 August 2017 02:30 PM

එතකොට කිලෝමීටර් 40ක් විතර ගියහම බැටරිය චාර්ජ් කරන්න ඕනේ නේ ?

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site