IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කැලයට හැඩගැසුණු පිග්මි

පිග්මින්ගේ සිරුරු කුඩා වී ඇත්තේ වැසි වනාන්තරයේ ගමන් කිරීමටත් එහි ජීවත්වීම පහසු කිරීමටත් බව පිග්මිවරු සම්බන්ධයෙන් අධ්‍යයනය කළ පර්යේෂකයෝ කියති.

වැසි වනාන්තරවල වාසය කරන පිග්මින්ගේ දඩයම් ජීවිතයට අනුවර්තනයක් ලෙස මෙය සිදුවී ඇතැයි ඔවුහු කියති. මානව හා ජෛව විද්‍යා සම්බන්ධ සහකාර මහාචාර්ය ජෝර්ජ් එච්.ෂෙරී පවසන්නේ ඔවුන්ගේ අභියෝග සහිත පරිසරයට මෙම වැසිවනාන්තර දඩයම්කරුවන් අනුවර්තනය වී ඇති ආකාරය ගැන තමා විශේෂයෙන් අවධානය යොමුකළ බවයි.

නිවර්තන වැසි වනාන්තර යනු මිනිසුන්ට ජීවත්වීමට ඉතා අසීරු පරිසරයකි. එය අතිශය උණුසුම් මෙන් ම දැඩි ආර්ද්‍රතාවකින් යුක්තය. ආහාර ද සුලබ නැත. විශේෂයෙන් ම පළතුරු අවාරයේ ආහාර සොයා ගැනීම අතිශය අසීරුය.

කුඩා සිරුරුවලට අවශ්‍යවන්නේ ආාහර අඩු ප්‍රමාණයකි. කුඩා සිරුරකින් නිපදවෙන්නේ ද අඩු තාපයකි. මේ හේතුවෙන් පිග්මිවරුන්ගේ සිරුරු අනෙක් මිනිස් වර්ගයාට සාපේක්ෂව කුඩා වීම ඔවුන්ගේ පරිසරයට උචිත අනුවර්තනයකි.

මහාචාර්ය ෂෙරී ඒ සම්බන්ධයෙන් මෙසේ ද පවසයි.

‘‘ අකුල් සහිත යටි රෝපණයක් ඇති වැසි වනාන්තරයේ ගමන් කිරීමටත් ගස් නැගීමටත් කුඩා සිරුරු විශාල රුකුලක් වනවා. මේ පර්යේෂණය උගන්ඩාවේ වැසි වනාන්තරයක පිග්මි මිනිසුන් පිරිසක් හා ඒ ආසන්න ගම්මානයක මිනිසුන් පිරීසක් එකිනෙක සන්සන්දනය කරමින් කරන ලද්දක්. එයින් පැහැදිලියි පිග්මි මිනිසුන් වැසි වනාන්තරයට මනාව අනුවර්තනය වී ඇති බව.

1408490912573_wps_1_PYGMIES_WAIT_IN_LINE_AT_R 1408490975362_wps_2_A_Ugandan_pygmy_hunts_mon



අදහස් (0)

කැලයට හැඩගැසුණු පිග්මි

සිරිල් මාලදිවයින Saturday, 30 August 2014 05:48 AM

මේ යන විදියට ජිවන වියදම පැවතුන හොත් දේශපාලුවොනුයි ඒ අයගෙ නෑදෑයොයි ඇරුනහම ලංකාවෙ ඉන්න සියලුම මිනිස්සු කන්න නැතිකම නිසා නුදුරේම පිග්මිවරු වෙනව. (අ)

:       0       0

සුමිත් බණ්ඩා Saturday, 27 September 2014 08:43 AM

මම දැන් ඉන්නෙත් උගන්ඩාවේ , මේ කියන දේවල් හරි. (අ)

:       0       0

අනිල් Saturday, 17 October 2015 07:48 AM

ගොඩක් හොද ලිපියක්. (ර)

:       0       0

යොමාල් Monday, 20 October 2014 01:17 AM

මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

සෑම් Tuesday, 07 October 2014 10:09 AM

සුමිත් බණ්ඩා මහත්මයා උගන්ඩාවේ හිටියට කමක් නැහැ ඉබෝලා එහෙම අරන් මේ පැත්ත පලාතේ එනවා නෙමෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1346 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site