IMG-LOGO

2023 ජුනි මස 02 වන සිකුරාදා


පළාත් සභා ක්‍රමය දිගටම පවත්වාගෙන යා යුතුද?

පළාත් සභා අහෝසි කොට පළාත් නවය සඳහා ඇමැතිවරුන් 09 දෙනකු පත්කළ යුතු බවට ගෙන ආ යෝජනාවක් වළල්ලාවිට ප්‍රාදේශීය සභාව මගින් පසුගියදා සම්මත කරගනු ලැබීය. පළාත් සභා ක්‍රමය ජනවාර්ගික ගැටලු‍වට හෝ වෙනත් ගැටලු‍වලට හෝ කිසිදු විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇතැයිද පළාත් සභා මහජනතාවගේ මුදල් නාස්ති කරන ආයතන බවට පත්වී ඇතැයිද එහිදී ප්‍රකාශ වී තිබිණි. මෙම යෝජනාව ඉදිරිපත් කොට සම්මත කරගත් ප්‍රාදේශීය සභාවේ බලය වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ කණ්ඩායමකි.

රටේ පාලන ව්‍යුහය සමඟ සසඳන විට වළල්ලාවිට යනු ගලිවරයා හමුවේ ලිලිපුට්ටකු වැනිය. එහෙත් ඔවුන් සම්මත කරගත් යෝජනාවේ කිසියම් හරයක් තිබේ. එයින් මතුකරන අදහස ප්‍රබලය. විවාදයට හේතුය. මේ නිසාම එකී පළාත් සභා අහෝසි කළයුතු බවට වූ යෝජනාව මාධ්‍යවල අවධානය දිනාගැනීමට සමත් විය. ඒ ගැන විවිධ අදහස්ද පළ වෙමින් තිබේ.

අපේ රටට පළාත් සභා ක්‍රමය ඉබේ පහළ වූවක් නොවේ. එය ‘‘ආනයනික’’ ක්‍රමයකි. එකී ‘‘ආනයනය’’ද අපගේ රටේ ඇණවුමක් අනුව සිදුවූවක් නොව බලහත්කාරයෙන් රටට ලබාදුන් දෙයක් විය. ඊට අනුගත වීම සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක්ද සිදුකෙරිණි. 13 වැනි සංශෝධනය වශයෙන් එය මේ රටේ දේශපාලනය එක්වී තිබෙන්නේ අසල්වැසි ඉන්දියාවේ නාමයද ඊට ඈඳා ගනිමිනි. පළාත් සභා පිහිටුවීම සඳහා මැතිවරණ පැවැත්වීම ආරම්භ වූයේ ඒ සමඟය.

ඉන්දීය රජයේ පෙළඹවීම් මත ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමයට අනුගත වීමට සිදුවූයේ ජාතික ගැටලු‍වට විසඳුමක් වශයෙනි. ඒ වනවිට රටේ පැවැති දරුණු බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් ජනවාර්ගික ගැටලු‍ව ජාත්‍යන්තරකරණය වී තිබිණි. ඊට විසඳුමක් ලෙස බලය බෙදීම සඳහා ඒ වනවිට තිබූ සුදුසුම ක්‍රමය වශයෙන් රටේ පළාත් නවයට මැතිවරණ පවත්වා පළාත් ආණ්ඩු ඇතිකොට ඒවාට ප්‍රමාණවත් තරම් බලතල ලබාදීම එයින් අරමුණු කර තිබිණි. පළාත් සභා ක්‍රමය රට තුළ ක්‍රම ක්‍රමයෙන් ස්ථාපිත වූයේ ඒ අනුවය. යහපාලන ආණ්ඩුව ඇතුළේ බරපතළ මතභේද ඇති නොවන්නට අදටත් පළාත් සභා ක්‍රියාත්මක වීමට ඉඩ තිබිණි. ඔවුන් පනතට ගෙන ආ බාගෙට තැම්බුන සංශෝධනය හේතුවෙන් අද පළාත් සභා පවතින්නේ අක්‍රීයවය.

එහෙත් ජනවාර්ගික අර්බුදයට විසඳුමක් වශයෙන් පළාත් සභා ක්‍රමය ඇති කළත් එයින් එම අර්බුදයට විසඳුමක් ලැබුණේ නැත. එය අද රටේ මහජන මුදල් කාබාසිනියා කර දමන සුදු අලියකු බවට පත්වී සිටී. පළාත් සභා ස්ථාපනය කළ පමණින් යුද්ධය නැවතුණේද නැත. යුද්ධය අවසන් වූයේ 2009 වසරේදී ප්‍රභාකරන් පරාජය කිරීමෙනි. එසේ යුද්ධය අවසන් කිරීමෙන් වසර 10කට පසුවත් පළාත් සභා ක්‍රමය තවමත් ක්‍රියාත්මකය. එහෙත් උතුරත්-දකුණත් අතර දේශපාලන අවබෝධය තවමත් පවතින්නේ දුරස්ථ මට්ටමකිනි. උතුරේ ගැටලු‍වලටද පළාත් සභා තුළින් විසඳුමක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත. එසේ නම් තවදුරටත් පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතුද යන ගැටලු‍ව තදින්ම පැන නගී.

එම ගැටලු‍වට විසඳුමක් සෙවීමේදී ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව සැලකිල්ලට ගැනීම අවශ්‍ය වෙයි. පළාත්සභා ක්‍රමයට මඟපෑදූ 13 වැනි ව්‍යවස්ථාව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් බැවිනි. මේ ගිවිසුම ලෝක නායකයන්ගේ අවධානය පවා දිනාගත් ඔවුන්ගේද පිළිගැනීමට ලක්වූවකි. එබැවින් එය අහෝසි කරන්නේ නම් එය සිදුවිය යුත්තේ ජාත්‍යන්තරයේ විශ්වාසය රැකෙන අයුරිනි. නොඑසේ නම් ශ්‍රී ලංකාවට යළිත් ජාත්‍යන්තර පීඩනයට ලක්වීමට සිදුවනු ඇත. අසාධාරණ ලෙසට එල්ලවන ජාත්‍යන්තර බලපෑම් හමුවේ අප දණගැසිය යුතු නැති බව සැබෑවකි. එහෙත් රටේ සියලු‍ ජාතීන්ගේ අභිමානය සහ ගෞරවය රැකෙන අයුරින් තීන්දු ගැනීම අවශ්‍ය වෙයි.

අප යුද්ධය ජයග්‍රහණය කළද උතුරේ ජනතාව හදවතින් දිනාගැනීමට තවමත් අපොහොසත්ව සිටින බව පිළිගත යුතුය. ඊට දකුණේ පමණක් නොව උතුරේද දේශපාලන නායකයන් වගකිවයුතු බවත් කිව යුතුය. එවැනි තත්ත්වයක් යටතේ දැනට පවතින පළාත් සභා ක්‍රමය හෝ පවත්වාගෙන යාම සුදුසු නොවේදැයි කෙනකුට තර්ක කළ හැකිය. එය සාධාරණ තර්කයකි. එහෙත් පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමේ මූලික අරමුණු හෝ ජයගැනීමට හැකියාවක් නැතිව ඒවා සුදු අලි බවට පත්ව ඇත්නම් කළ යුත්තේ එය අහෝසි කර දැමීම නොවේද යන ප්‍රශ්නය ද පැන නගී.

එවැනි තීන්දුවක් එකවර ගැනීමටද ඉඩක් නැත. අපේ රටේ නායකයන් වරින්වර 13 නොව 13 ප්ලස් පවා ලබාදීමට සූදානම් බවට ඉන්දීය රජයට සහතික කොට පොරොන්දු වී තිබේ. මේ අවස්ථාවේදී ඉන්දියාවේ සංවේදී බව නොසලකා හැර කටයුතු කිරීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අත පුච්චා ගැනීමකි. එවැනි අන්තයකට නොයා උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් රැකදෙන දකුණේ ජනතාවටද පිළිගැනීමට ලක්වෙන ක්‍රමයකට යා හැකි නම් එය ප්‍රශස්තය. පළාත් සභා ක්‍රමය පිළිබඳව විවෘත මනසකින් අදහස් පළකරන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් පත්වී යන කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයකු වන මිලින්ද මොරගොඩ මහතාට මෙහිදී විශාල වගකීමක් පැවරෙන බවද කිව යුතුය.

(***)



අදහස් (7)

පළාත් සභා ක්‍රමය දිගටම පවත්වාගෙන යා යුතුද?

sena Tuesday, 22 September 2020 06:16 AM

සත පහක වැඩක් නැති සුදු අලියෙක්.

:       1       16

Cisco Tuesday, 22 September 2020 06:52 AM

සහමුලින්ම පළාත් සභා පවත්වාගෙන යා යුතු නැත.

:       0       7

Hema Tuesday, 22 September 2020 07:02 AM

නැහැ, අවශ්‍ය නැහැ.

:       0       9

මාතර සත්‍යපාල Tuesday, 22 September 2020 04:19 PM

පළාත් සභා අවශ්‍ය ජනතාවට නොවෙයි. දේශපාලකයින්ට. ජේ.වි.පී එකටත් එතකොට ටික දෙනෙක් පළාත් සභාවට යවා ගන්න පුලුවන්. යූඒන්පී එකටත් පුලුවන්. පොහොට්ටුවටත් පුලුවන්. සීනියර්ස්ල දියවන්නාවෙ. ජූනියස්ලා ටික තමයි පළාත් සභාවට යන්නෙ. ජනතාව තමයි විදවන්නෙ. දෙමළ දේශපාලකයොත් කැමතියි පළාත් සභාවට. මුස්ලිම් අයත් කැමතියි පළාත් සභාවට. අවුරැදු දෙකක් පළාත් සභාව නැහැ කියලා මොකක්ද අපට වෙච්ච අඩුපාඩුව.

:       0       0

මාතර සත්‍යපාල Tuesday, 22 September 2020 04:21 PM

පළාත් සභා අවශ්‍ය ජනතාවට නොවෙයි. දේශපාලකයින්ට ජේ.වී.පී එකටත්... එතකොට ටික දෙනෙක් පළාත් සභාවට යවාගන්න පුලුවන්... යූඑන්පී එකටත් පුලුවන්. පොහොට්ටුවටත් පුලුවන්. සීනියර්ස්ලා දියවන්නාවේ... ජූනියර්ස්ලා ටික තමයි පළාත් සභාවට යන්නේ... ජනතාව තමයි විඳවන්නේ. දෙමළ දේශපාලකයොත් කැමතියි පළාත් සභාවට... මුස්ලිම් අයත් කැමතියි පළාත් සභාවට. අවුරුදු දෙකක් පළාත් සභාව නැහැ කියලා මොකක්ද අපට වෙච්ච අඩුපාඩුව. ගහං කාපු එක තමයි... දකුණු පළාත් සභාව නම් කරපු ලොකුම වැඩේ. පහුගිය උපාධි පත්වීම් ගත්ත දරුවන්ට පළාත් සභාවෙන් ගහපු හද්ද පරණ පොතක් දීලා තිබුණා නොමිලේම. ඒකට අඩුම ගානේ කෝටි දෙක තුනක් යන්න ඇති වියදම. සත 5ක වැඩක් ඇති පොතක් නොවෙයි. පොත් ඔක්කොම ටික අරං ගිහිං පාර මැද්දේ තිබ්බත් කවුරුවත් අරං යන්නේ නැහැ. දකුණු පළාත් සභාවේ ඉන්න ලොකුම හොරු ටික තමයි මේ පොත ලියලා තියෙන්නේ. පෙන්වන්න හදන්නේ ඒ පොත ලියලා තියෙන්නේ දකුණේ ඉන්න ලොකුම උගත්තු ටික කියලා. ඒක නෙවෙයි ඇත්තම කථාව දකුණේ ඉන්න ලොකුම හොරුටික. ඕක තමයි පළාත් සභාවේ තත්වය. ඒ නිසා මේ අපරාධය නැවත කරන්න එපා. ජනතාවට පළාත් සභාව අවශ්‍ය නැහැ. මේ ගැන තවදුරටත් වාදවිවාද අවශ්‍ය නැහැ.

:       0       0

සත්‍ය - අම්බලන්ගොඩ Wednesday, 23 September 2020 12:49 AM

ජනතාවට පළාත් සභාව අවශ්‍ය නැහැ. පළාත් සභාව අවශ්‍ය දේශපාලකයින්ට. සීනීයර්ස්ලා දියවන්නාවේ... ජූනියර්ස්ලා යවන්න තමයි පළාත් සභාව අවශ්‍ය. පසුගිය වසර 2ක් පළාත් සභාව නැහැ කියලා ජනතාවට වේච්ච පාඩුව මොකක්ද? ජේවිපියත්, යූන්පියත්, පොහොට්ටුවත්, දෙමළ පක්ෂත්, මුස්ලිම් පක්ෂත් පළාත් සභාවට කැමතියි. ඇයි කෝටි ගණන් ගහගන්න පුලුවන්නේ...? වාහනද, රට සවාරිද, පවුලේ අයට රස්සාවල්ද? මොනවද අඩුපාඩු? අපි නොදන්නවයැ දකුණ කාපු කෑම. පසුගිය උපාධි පත්වීම් ගත්ත දරුවන්ට පළාත් සභාවේ මුදල් කෝටි ගණන් වියදම් කරලා පට්ට පරණ පොතක් දීලා තිබුණා. දකුණේ මහ ඇමතිගේ ගොට්ටෝ ඔක්කොමලා මේ පොතට එක එක ඒවා ලියලා තිබුණා. පෙන්නන්න හදන්නේ ඒ ගොල්ලො තමයි දකුණෙ ඉන්න ලොකුම උගත්තු ටික කියලා.. උගත්තු නෙවෙයි ඒ පොතේ තියෙන මූණස්තාඩු ටික දැක්කම ඇඟේ මාලු නටනවා. ඒ පොත ගිහිං අම්බලන්ගොඩ ඔරලෝසු කණුව යට තියලා තිබ්බත් කවුරුවත් අරන් යන්නේ නැහැ. අරං ගියොත් අරං යන්නේ කඩල වෙළෙන්දෙක්. අනික් ඒවා කෙසේ වෙතත් දකුණු පළාත් සභාව නම් අපට එපා. ඒ නිසා තවදුරටත් පළාත් සභාව ගැන කථා කරන්නේ ජාතිද්‍රෝහින්..

:       0       0

Mahesh Wednesday, 23 September 2020 04:47 AM

අවශ්‍ය නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි
2023 ජුනි මස 02 51 0

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ


සා.පෙළ සිසුවාගේ යටි බඩෙන් ලේ එන්න පහරදීලා
2023 ජුනි මස 02 684 1

අපොස සාපෙළ විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවි රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ


රජය ජනතාව මර්ධනය කරනවා
2023 ජුනි මස 02 114 0

බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට වත්මන් රජය වෙනුවට ජනතාව මර්ධනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.


දේශගුණික විශ්ව විද්‍යාලය ලබන වසරේ අරඹයි
2023 ජුනි මස 02 179 1

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඇෆ්ගනිස්තානය කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරදවයි
2023 ජුනි මස 02 414 0

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩඩාංගණයේදී අද (2) පැවැති පළමු තරගයෙන්


එස්.අයි. කොරෝනාවෙන් මරුට
2023 ජුනි මස 02 628 0

බදුල්ල පොලීසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි බදුල්ල මුලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 166 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1097 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 622 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site