IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


ජන ජීවිතයට ඇති බාධා ඇති සැටියෙන් වටහා ගනිමු

ලාදුරු රෝගය වැළඳුණ වනගත රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේදී සොයාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම රෝගය වැළඳුණ සත්වයකු මෙරටින් සොයා ගැනුණේ පළමු වතාවට බවත්  ප්‍රදේශයේ බිම වැටී සිටි රිළවකු ගම් වැසියකු දැක වනජීවී නිලධාරීන්ට බාර දී ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

සංවර්ධනය හා සොබාදහම සම්බන්ධයෙන් ඉතිහාසයේ නොවූ විරූ තරමේ බලගතු දියුණු සංවාදයක් රට තුළ පැන නැගී තිබේ. එය ඉතා වැදගත් ප්‍රවණතාවකි. මෙම තත්ත්වය තව තවත් උස් මහත් කළ යුතුය. විශේෂයෙන්ම සොබාදහම ද ආරක්ෂා කරගනිමින් මානව ප්‍රගතිය අත්පත් කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙම සංවාදය යොමු වන්නේ නම් එය ඉතා යහපත්ය. එහිදී අන්තවාදී නොවී මැදහත්ව මෙම මාතෘකාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

අප රටෙහි ජීවත්වන ජනයා විවිධ සමාජ, ආර්ථික, දේශගුණික ප්‍රශ්නවලට මුහුණ දෙති. ඒවා පළාතෙන් පළාතට වෙනස්ය. එක් පළාතක ජීවත් වන ජනයා නියඟයෙන් බැට කද්දී තවත් ප්‍රදේශයක ජනතාවගේ ජීවිතවල ඉරණම විසඳමින් තිබෙන්නේ ගංවතුරය. වන අලින්ගේ නිර්දය ප්‍රහාරයෙන් තම ජීවිත, වගා හා දේපොළ ආරක්ෂා කර ගැනීමේ නොනවතින සටනක එක් පළාතක ජනයා නියැළී සිටින විට තවත් පළාතක ජනයා අලි බලන්නට දුරකතර ගෙවාගෙන වනෝද්‍යානවලට යති. ‘ප්‍රශ්නය අනෙකාගේ වන තරමට පිළිතුර ද‌ාර්ශනික’ වන්නේ ඒ අනුවය.

මෙරට සාතිශය බහුතරයක් ජනයා ගොවිතැනින් ජීවත් වෙති. වී ගොවියෝ ද එළවළු ගොවියෝ ද හේන් ගොවියෝ ද ගෙදර වත්ත පිටියේ කොස්, දෙල්, අඹ, රඹුටන් ආදී නොයෙකුත් වගා කරගෙන ජීවිතය සරිකර ගන්නෝ ද ඒ අතර ප්‍රධාන වෙති. මේ ගොවීන් ගොවිතැනෙහි යෙදෙන්නේ වචනයට නැගිය නොහැකි තරමේ දුෂ්කරතා විඳිමිනි. එක් ගොවි පිරිසකට ජලය නැත. තවත් ගොවි පිරිසකගේ අභියෝගය ගංවතුරට මුහුණ දීමය. සේනා දළඹුවා වැනි කෘමීන්ගෙන් එල්ල වන අභියෝග ඉහටත් උඩින්ය. මේ සියලු බාධක මැද පොහොර සහනාධාරය කලට වේලාවට නොලැබීම, කෘෂිකාර්මික උපකරණවල මිල ඉහළ යාම පමණක් නොව අතරමැදියන්ගේ සූරාකෑමට ද ගොවියාට මුහුණ දීමට සිදුවෙයි. මෙම සියලු අභියෝගවලට මුහුණ දී දුක්ඛිත අවසානයක් කරා ළඟාවන ගොවියාට මඩ සෝදාගත් පසු සිහසුනට නොව සුසානයට යාමට සිත් පහළ වුවහොත් එය විමතියට කරුණක් නොවේ.

ලාදුරු රෝගය වැළඳුණ වනගත රිළවකු ඇතිමලේ ප්‍රදේශයෙන් හමුවීම ගොවියා මුහුණ දෙන තවත් දුක්බර ඉරණමක් සම්බන්ධ සාක්ෂියකි. ස්වභාවික උවදුරුවලින් තම බවභෝග ආරක්ෂා කර ගැනීමට අමතරව රිළවුන්, වඳුරන්, ඉත්තෑවන්, වල්ඌරන් හා මොණරුන් වැනි සතුන්ගෙන් හා වන අලින්ගෙන් එල්ල වන අභියෝග ජය ගැනීමට ද ගොවියාට සිදු වේ.

මෙම රජයේ කැබිනට් මණ්ඩලය අපූරු සංයුතියකින් සමන්විත විය. මැටි, වේවැල්වලට මෙන්ම බතික්වලට ද ඇමැතිවරු පත් වූහ. මෙම පසුබිම් තුළ ඩිලාන් පෙරේරා ඇමැතිවරයා ප්‍රකාශ කළේ ‘මට රිළා ඇමැතිකම දුන්නත් මම සතුටෙන් බාර ගන්නවා’ යනුවෙනි. ඇතැමෙක් එම ප්‍රකාශය විහිළුවට ගත්හ. මන්ත්‍රීවරයා විහිළු කරන්නේ යැයි සිතූහ. එහෙත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය තුළ මෙරට ගොවි ජනතාව මුහුණ දී සිටින අර්බුදය අන්තර්ගත වී තිබේ. මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙම සතුන් නිසා බවභෝග සෑහෙන ප්‍රමාණයක් විනාශ වන බවය. එය අපරාධයක් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. සැබැවින්ම ගොවි ජනයා මුහුණ දී සිටින අර්බුදයේ ප්‍රමාණයට අනුව ඇමැතිවරයකු පත්කර එයට විසඳුම් සෙවිය යුතු තරම්ය.

පරිසරය හා බැඳුණු ජීවන ගමනක් යනු වන සතුන් සමග ජීවත් වීම නොවේ. වන සතුන් පාලනයකින් තොරව වර්ධනය වීමට ඉඩහැරීම සාමාන්‍ය ජීවිතයට තර්ජනයකි. ඇතිමලේ ප්‍රදේශයේ ලාදුරු වැළඳුණු රිළවකු හමුවීමෙන් පැහැදිලි වන්නේ තත්ත්වය බෙහෙවින් භයංකර බවය. සතුන්ගෙන් භයානක වයිරස ආසාදනය වන බව සෞඛ්‍ය විද්‍යාත්මක මතයකි. කොරෝනා මාරාන්තික වයිරසය චීනයේ සතුන්ගෙන් ආරම්භ වූ බවට සැකයක් මතු විය. මෙම තත්ත්වය නොසලකා හරිමින් කටයුතු කළ නොහැකිය.

ජන ජීවිතයට ඇති බාධා එකින් එක හඳුනාගත යුතුය. එම බාධා එකින් එක තුරන් කළ යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩපිළිවෙළ වැදගත් වන්නේ ද එහෙයිනි. එහෙත් එහිදී මෙම ඇත්ත ගැටලු සාකච්ඡාවට බඳුන් වන්නේ ද යන්න විමසිය යුතුය. එබඳු දියුණු සාකච්ඡාවක් ඇති වන්නේ නම් බොහෝ ගැටලු නිරාකරණය කරගැනීමට හැකිවනු ඇත.

(***)



අදහස් (1)

ජන ජීවිතයට ඇති බාධා ඇති සැටියෙන් වටහා ගනිමු

Ananda Tuesday, 16 February 2021 09:38 AM

හොඳ ලිපියක්....

:       1       2

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

වරෙන්තු පිට සිටින මන්ත්‍රීට රටේ නීතිය අදාළ නැද්ද?
2024 ජුලි මස 18 45 0

මේ රට ‘සෑම විකෘතියකම ආකෘතියක්’ බව මෙම තීරුවේ කිහිප වරක්ම සඳහන් කර ඇත්තෙමු. අවාසනාවකට මෙන් මෙවරද මෙම තීරුව වෙන් කිරීමට සිදුව තිබෙන්නේ එබඳු විකෘති වෙනුව


විපක්ෂයේ ආණ්‍ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු
2024 ජුලි මස 17 471 0

පාර්ලි​මේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිදුවන එකඟත්වයක් පසුගියදා පාර්ලිමේන්තු


පුරන් කුඹුරු අස්වද්දන ගොවීන් අමාරුවේ දාන්න එපා
2024 ජුලි මස 15 656 1

වසර 15කට වැඩි කාලයක් පුරන්ව තිබූ මීගොඩ වෙල්යායේ අක්කර 20ක පමණ කුඹුරු යායක් යළි අස්වැද්දීමට ගත් උත්සාහයක් වැළකී ගොස් ඇතැයි එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කර


පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය
2024 ජුලි මස 13 1208 3

අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා ර


දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු
2024 ජුලි මස 12 307 0

දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති.


රාජ්‍ය ඉදිකිරීම්වලට ප්‍රතිපත්තියක් ඕනෑ
2024 ජුලි මස 11 216 0

සංවර්ධනය යනු ඉවක් බවක් නොමැතිව නිසි සැලැස්මකින් තොරව ඉදිකරන ගොඩනැගිලි වලට නොවේ. ඒ බව අවබෝධ කර ගැනීමට බොහොමයක් දේශපාලනඥයෝ සහ ඇතැම් රාජ්‍ය නිලධාරීහු අස


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 131 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1001 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1880 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site