IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය 23 හැවිරිදි වියේ පසුවන ජීවිතාරක්ෂක උපදේශකවරියකු වන අතර ඇගේ සැමියා 27 හැවිරිදි කුලී රථ රියැදුරකු බවද පොලිසිය පවසයි.
 
සැකකාරිය මත්කුඩු පැකට් ප්‍රවාහනයට යොදාගත් ස්කූටරයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
පොලිසිය ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගන්නා  අවස්ථාවේදී නිවසේ සැමියා පමණක් සිට ඇති අතර ඔහු සතුව මත්කුඩු පැකට් 12ක් තිබී පොලිසිය බාරයට ගෙන ඇත. එම කාන්තාව ස්කූටරයෙන් පැමිණෙමින් සිටියදී ගල්කිස්ස පිරිවෙණ පාරේදී කළ පරීක්ෂාවේදී ඇය සතුව තිබී හෙරොයින් පැකට් 24ක්ද සොයාගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site