ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


දාසය වන කොටස



අගෝස්තු මාසයේ මුල්භාගය වන විට මහගෙදරින් පිටත්වූ මම යළි නිවසට ගොස් සුපුරුදු කටයුතුවල නියැලුණෙමි. ඒ මගේ දැවෙන හදවත මුහුණින් සඟවාගෙනය. මට හෙමෙන් හිත හදාගත හැකිවුණි. මා ආපසු රැගෙන ආවේ කුමක්ද? ඒ දෙවියන් වහන්සේ නොවීය. සිංඤ්ඤෝරේ නොවීය. ඒ පෙඩි්‍රටෝය. ඔහුගේ ශෝකය නිහඬ හා සතෙකුගේ වැනි විය. මා මගේ ශෝකය අමතක කර දැමුවේ ඔහුගේ හිත හැදීමටය.


හැම රැයකම මා ඔහුට මගේ කිරි දුන්නේ ඔහු මගේ නැතිවූ දරුවාවූ අයුරිණි. එයින් පසුව මම ඔහුට මින්පෙර කිසිදු විටෙක ඉඩ නොදෙනු ඇති යමකට ඉඩ හැරියෙමි.


ඔහුගේ ශෝකය තවදුරටත් රැඳුණි. ඔහු කිසිවිට ඒ ගැන කතා නොකළද මට එය දැනුණි. දරුවා වළ දමා සති කිහිපයකට පසුව එක් රැයක ඔහු බොහෝ නිහඬව ඇඳෙන් බැස යනු මට දැකගත හැකි විය. මගේ හදවත කැලඹුණි. ඔහු අපේ විශාල රැක්චෝව (ගොවිපොළ) වටාවූ පැල්පතකට වෙනත් සුවයක් පිණිස ගියේද? මට මගේ අහිමිවීම ගැන සැකහැර දැන ගැනීමට වුවමනා වූ බැවින් මම කිසිවක් නොකියා නිහඬවම ඔහු පසුපස ගියෙමි.


එය අස්වැන්නට සැරසෙන අගෝස්තුවේ ලුමිනස් පාටින් දීප්තිමත්ව සඳ පෑයූ රාත්‍රියකි. පෙඩි්‍රටෝ මඩුවෙන් එළියට ආවේ කුඩා පෙට්ටියක් හා ඉස්කෝප්පයද රැගෙනය. ඔහු හෙමිහිට ඇවිද ගියේ ආපිට හැරී බලමිනි. අන්තිමේදී ඇවුරුණු තැනක නතරවූ ඔහු කුඩා වළක් හාරන්නට විය. ඔහුගේ ශෝකය අඳුරු හා අසමවුණි. මා විශාල සෙයිබාවක් පිටුපසට වී මෙලවූ අත මුවට තදකරගෙන පෙට්ටියට පස් වදින හඬ අසා සිටියෙමි.


පසුදා ඔහු කුඹුරට ගිය පසුව මා සැමතැනම සොයා බැලුවත් ඔහු වසා දැමූ තැන සොයාගත නොහැකි විය. ඔහු අපේ දරුවා වළදැමූ තැනින් ගොඩගෙන තිබී ඇතැයි මගේ හිත මට පීඩා කළේය. ඔහුගේ අසරණ ආත්මය සදාතනිකව ලිම්බෝ වේ සිරගතව තිබෙනු ඇත. ඔහු නැවත හාරා ගොඩ ගන්නට වේඩි්‍රටෝට බල කිරීමට පෙරාතුව හොඳින් සොයා බැලීමට මම සිතුවෙමි.


එබැවින් මම යළි සුසාන භූමිය වෙත ගොසින් මට ළදරුවා වැළලු තැන අමතක බව අඟවා යළි පරීක්ෂාවට අවශ්‍ය බව කීවෙමි. එමෙන්ම පෙට්ටියට දැමීමට සිතා සිටි කුරුස පදක්කම දැමීමට ද අමතක වූ බව කීවෙමි. අඩි කිහිපයක් හෑරූ පසුව ඔහුගේ සවල කුඩා මිනී පෙට්ටියේ ගැටුණි.


ඒක අරින්න මම කීවෙමි.


අපි පදක්කම ඇතුළට දාන්නම් ඩෝනා පැටි්‍රයා ඔවුහු කීහ. ඔබට එය බලන්න දීම නිවැරදි නැහැ.


මම බලන්න ඕනෑ යි මම කීවෙමි.


මා එය නොකළ යුතුව තිබිණ. දුටු දෙය නොදැකිය යුතුව තිබිණ. මගේ දරුවා පණු පොදියක් බවට පත්ව තිබුණේ දිරාපත් වන සතෙකු මෙනි. තියුණු ගඳ දරාගත නොහැකිව මම දෙදණින් ඇද වැටුනෙමි.


වහල දාන්න මා පැවසුවේ දුටු දෙය ප්‍රමාණවත් වූ බැවිනි.


එතකොට පදක්කම, ඩෝනා පැටි්‍රයා ඔවුහු මතක් කළහ.


එයින් ඔහුට සිදුවන යහපතක් නැතැයි හැඟී ගියද මම එය පෙට්ටිය තුළ දැමුවෙමි. මා හිස නවා ගත්තේ යාඥා කරන අයුරිනි.


එබැවින් පැටි්‍රයා මර්සඩීස් බී ගොන්සාලෙස් අවට හැමතැනකම සැබෑ කතෝලික බිරියක හා මවක ලෙස ප්‍රකට වූවාය. මා ඔවුන් හැමදෙනාම මෝඩ කළාද? ඔව් සැබෑවටම මගේ විශ්වාසය නැතිවී දිගුකලකට පසුව මම යළි එය ගොඩනගන්නට වෑයම් කළෙමි.


අනතුරුව අම්මාට ශුද්ධ වූ දේවස්ථානයකට වන්දනාවේ යාමේ උමතුවක් ඇතිවුණි. එය ශුද්ධවූ මරියතුමියගේ දර්ශනය වූ ස්ථානයකි. එක් උදයක තම බූරුවා පිට සුදුළුෑණු පටවාගත් මහලු ගොවියෙකුට ඈ දර්ශනය වී තිබුණි. අනතුරුව දැනට දිය සිඳී තිබෙන ළිඳක බාල්දිය මත එතුමිය පැද්දෙමින් සිටිනු කුඩා දැරියකට දර්ශනය වී තිබිණ. ඒ 1600 වසරවල දිනකය. දැන් එම හිස්වූ ළිඳට ඉහළින් විසිතුරු බාල්දියක් සංකේතාත්මකව එල්ලා තිබෙනු දැකගත හැකිය.


අපට මේ වෙලාවෙ මරියතුමියගෙ උදව් අව්‍යශ්‍යයි. අම්මා මතක් කර දුන්නාය.


ඈ නිවැරදි වූවාය. දරුවා නැතිවීමෙන් මා විඳි ශෝකය හැමදෙනාම දැන සිටියහ. එහෙත් මගේ පෞද්ගලික ශෝකය වූ ආගමික විශ්වාසය බිඳී යාම ගැන ඔවුන් දැනසිටියේ නැත. අනතුරුව කැරලිකාර හැඟීමකින් ක්‍රියා කරන නොසන්සුන් මිනර්වා ද වූවාය. ඈ සන්සුන් කරන්නැයි අම්මා දෙවියන් යැද්දාය. මෙට්ගේ ඇදුම රෝගය උත්සන්න වූ බැවින් අම්මා ඇය සැන්ෆ්‍රැන්සිස්කෝවේ වඩාත් ළඟ පාසැලකට මාරු කර ගත්තාය. හොඳින් සිටියේ ඬේ ඬේ පමණි. නමුත් ඈ ඉදිරියේදී ලොකු තීරණයකට සමීපව සිටි බැවින් ඇයට කන්‍යාමරියතුමියගේ සේවය වුවමනා වී තිබිණ.
එබැවින් අපි තීරණය ක්‍රියාත්මක කිරීමට සැරසුනෙමු. මා දරුවන් දමා යාමට තීරණය කෙරුවේ එක හිතින් වන්දනාව කරනු පිණිසය. හොඳටම විශ්වාසද ඔයාලා වන්දනාවක යන බව පෙඩි්‍රටෝ අපට සරදම් කළේය. ඔහු නැවත ප්‍රීතිමත් බවට පැමිණ සිටියේය. ඔහුගේ දෑත් නැවුම් ලෙස මගේ සිරුර ස්පර්ශ කළ අතර මුහුණෙහි ශීඝ්‍රතාවයක් තිබිණ. ලස්සන ගෑනු පස්දෙනෙක් කන්‍යාමරියතුමිය දකින්න යනවා. මම නම් විශ්වාස කරන්නෙ නැහැ ඒ කතාව.


මගේ සොයුරියන් මදෙස බැලුවේ ආගමික විශ්වාසයට සරදම් කරන පුරුෂයා මගෙන් ඇතිපදම් බැණුම් අසනු ඇතැයි සිතාය. නමුත් එවැනි දෑ කෙරෙහි දැක්වූ දැඩි බව මවෙතින් ගිලිහී තිබිණ. අප මත විශාල විහිළුවක් පැටවූ දෙවියන්වහන්සේට සුළු සරදමක් දරාගත හැකි වනු ඇත.


මම දෑස් කරකැවීමි ඔව් ඔව් එහෙ කුකුල්ළු ඉඳීවි ඕනි තරම්.


පෙඩි්‍රටෝගේ මුහුණ අඳුරු වලාවකින් වැසිනි. ඔහු ඊර්ෂ්‍යා සහගත පුරුෂයෙකු නොවීය. ඔහු යම් දෑ සිතින් මවාගන්නා අන්දමේ මිනිසෙකු නොවූයෙන් ඊර්ෂ්‍යාවක් හා කනගාටුවීම් ඔහුට බාධා නොකළේය. නමුත් තමා අකමැති දෙයක් ඇසුන විට ඔහුගේ මුහුණෙහි පැහැය වෙනස්වී අශ්ව නාම්බෙකුගේ මෙන් නාස්පුඩු පිම්බෙනු ඇත.


එයාලා ඕනි තරම් අඬලපුදෙන් මම කියන්නට වීමි. මට මගේ කඩවසම් කුකුළායි, කුකුළු පැටවූ දෙන්නෙකුයි සැන් ඩෝස් ඩි කොනුකුවේ ඉන්නවා.


අප ගමන පිටත්වූයේ තාත්තා කඬේ වැඩ සඳහා කියමින් අලුතින් මිලදී ගත් ෆෝඞ් රථයෙනි. නමුත් එය කා සඳහාදැයි අපි සැම හොඳින් දැන සිටියෙමු. තාත්තා හැරුණු විට රිය පැදවීමේ හැකියාව තිබුණේ එක් අයෙකුට පමණි. මෙම සහනදායී ත්‍යාගය නිසා මිනර්වා ඔජො ඩි අගුවා ගමේ සාමකාමීව වෙසෙනු ඇතැයි ඔහු සිතන්නට ඇත. නමුත් ඈ නිතිපතා සිටියේ පාරේය. ඈ සැන්ෆ්‍රැන් -සිස්කෝවට මොකාවට හෝ සැන් තියා -ගෝවට ගියේ ඉස් -ටෝරුවේ වැඩ සඳහා කියමිනි. ඬේ ඬේට ඉස්ටෝරුවේ වැඩ තනිව බලා ගැනීමට සිදුවිය. එහි අලෙවියට වඩා බෙදාහැරීම් වැඩි බව කියමින් ඬේ ඬේ විටෙක මැසිවිලි නැගුවාය.


නායකයාගේ උපන්දිනය හේතුවෙන් දීර්ඝ සතිඅන්ත නිවාඩුවක් ලබා සිටි මාරියා තෙරේසාද ගමනට එක්වූවාය. කිසිවකුට ඇසෙනු ඇතැයි බියකින් තොරව අපට නිදහසේ කතා බහ කරමින් ගමන යාමට හැකි විය. “අසරණ පපා” මාරියා තෙරේසා පැවසුවාය. “එයාට තනියම වැඩ කරගන්න වෙයි. පපා තමුන් ගැන හොඳින් බලා ගනීවි”යි අම්මා පැවසුවේ දැඩි හඬකිනි. අප ඈ දෙස බැලුවේ විමතියෙනි. අම්මා වන්දනා ගමන යෝජනා කෙරුවේ මන්දැයි මම සිතන්නට වීමි. ඈ ගමන් බිමන් අප්‍රිය කළ කෙනෙකි. ඈ නිවසින් බැහැරව යාමට බලපෑ යම් හේතුවක් තිබෙන්නට ඇත.
අපට ගිගුවේ වෙත යාමට පැය පහක කාලයක් ගතවුණි. අප ගී ගයමින්, කතන්දර කියමින් මග පසුවන කාලය ගෙවා දැමුවෙමු. වරෙක ඈ පිරිමි හැමදෙනාම එකයි කීවාය. හැමෝම නෙවෙයි මා පැවසුවේ මගේ ස්වාමිපුරුෂයා ආරක්ෂා කරමිනි. “පපා හැර” යි මාරියා තෙරේසා එකඟ වූවාය.


අම්මා මොහොතක් කවුළුවෙන් පිටතට නෙත් යොමා සිටියාය. ඇගේ මුහුණ ආවේගයෙන් කැලඹෙන බැව් පෙනිණ. ඔව් ඔයාගෙ තාත්තත් එහෙම තමයි ඈ සංසුන්ව පැවසුවාය.


අපි ඇගේ අදහසට එරෙහිව වුවද ඈ එම අදහස ඉදිරියට හෝ පසුපසට ගෙන යාමට කිසිදු උත්සාහයක් නොගත්තාය.


වන්දනාකරුවන් පිරී සිටි නගරයේ නවාතැන් සොයා ගැනීම අපහසු වූ බැවින් අපට මඳක් දුර බැහැර ඥාති නිවහනක පිහිට සෙවීමට සිදුවිය. මම අම්මා හා එකම ඇඳකට වී යාඥා කළෙමි. “මොකක්ද ප්‍රශ්නය අම්මා” මම අවසානයේ කොඳුරා ඇසීමි.


ඈ මට නොකියනු ඇති වුවද වෙනත් ගෑනියෙක්ද කියා මා අනුමාන කළ විට ඈ සුසුමක් හෙළා මෙසේ කීවාය. ඇයි දේවමෑණියනි මා අතරමං කෙරුවෙ.


මා දෑස් පියා ඇගේ පැනය මා හා බද්ධ කළෙමි. ඔව් ඇයි මම සිතුවෙමි. “මම ඉන්නවනෙ අම්මා” මා හඬ නැගෙන සේ කීමි. මා සතුව තිබූ එකම සහනය එයවුණි.

 

 

 

 

 

 

 

 

පරිවර්තනය 
මානෙල් ජයන්ති ගුණසේකර