‘ජූලිය’ හා ජවිපෙ අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. කළු ජූලියට මුවාවී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජූලියේදීය. ජවිපෙ රහසිගත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූයේ එතැන් සිටය.


තහනම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූ ජවිපෙ ආයුධ සන්නද්ධ අරගලයකට මුල පිරුවේ 1987 ජූලි මස අත්සන් කළ ඉන්දුxලංකා ගිවිසුමෙන් පසුවයි. ධවල මර්දනයකට ලක්ව ජවිපෙ සංහාරයකට ලක්වූයේ ඉන් පසුවය.


එම ඉරණමෙන් ජවිපෙට ගැලවී ගත නොහැකි වූයේ ඇයි? ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබේ. කෙසේ වුවද පක්ෂය තුළ පැවති කණ්ඩායම්වාදයද එයට බලපෑ බවට මතයකි. 1971 අරගලයෙන් පසුවද ජවිපෙ තුළ මෙම කණ්ඩායම්වාදය බිහිවිය. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සිරගතව සිටියදීම ලේඛනයක් මගින් සිය සහෝදරයන්ට පැහැදිලි කළේය.


2011 නොවැම්බරයේදී නියමුවා ප‍්‍රකාශනයක් ලෙස එම ලේඛනය යළි සමාජගත කෙරිණි.
මේ ඒ ලියැවිල්ලය.

පක්‍ෂයක් පිළිබඳව හෝ පුද්ගලයින් පිළිබඳ සැබෑ වැරැුදි විවේනය කිරීම නරක දෙයක් නොවේ. එය හොඳ දෙයකි. එය කළ යුතු දෙයකි. එහි අරමුණ විය යුත්තේ එම වැරැුදි තත්වයානුකූලව සොයා බලා විග‍්‍රහ කර ඒවා ඇති වූයේ කුමන තත්ත්වයන් යටතේද? ඒවා පැවැති තත්ත්වයන් යටතේ ඒ අයුරින්ම ඇතිවීම සාධාරණද ඒවා වැළැක්විය හැකිව තිබුණේ කෙසේද? ඒවායින් දැන් අත්මිදීමට ඇති මාවත් මොනවාද අනාගතයේදී එවැනි තත්ත්වයන් මග හැරිය හැක්කේ් කෙසේද? යන මේ ප‍්‍රශ්න අනිවාර්යයෙන්ම සැබෑ විප්ලවවාදියකු විසින්ම සොයා බැලිය යුතුමය. කිසිම සැබෑ විප්ලවවාදියෙක්.

 

කවරදාවත් වැරැුදි වසන් නොකරයි. ඒ වෙනුවට විවෘතවම එළිපිටම ඒ වැරැුදි පිළිගනී. ඒවා අධ්‍යනය කරයි. ඒ මගින් හැකි ඉක්මනින් අත්මිදීමටත් එසේම ඒවා අනාගතයේදී නොකිරීමටත් එවැනි තත්ත්වයන් ඇති නොවීමටත් වග බලා ගනී. සැබෑ විප්ලවවාදියෙක් තමා දැන දැනම විප්ලවවාදීහූ වැරැුදි කිරීමට නොපෙළඹෙති. මෙයින් අදහස් කරන්නේ විප්ලවවාදීන් අතින් වැරැුදි නොකෙරෙනවාය යන්න නොවේ. දැන දැනම හිතා මතා සැබෑ විප්ලවවාදියෙකු අතින්, වර්ධනය වූ විප්ලවවාදියෙකු අතින්, වැරදි වීම අපහසු බවයි. නමුත් අඩු දියුණු සංවර්ධිත විප්ලවවාදීන් අතින් වඩා වර්ධනය වූ විප්ලවවාදීන්ට වඩා වැරදි සිදුවීමට ඉඩ කඩ තිබේ.


සෑම සිදුවීමක්ම ද්විඝටනාත්මක ලෙස සලකා බලන විට අන්තර් බැඳීම්වලින් යුක්තව පවතී. සෑම දෙයක්ම හැදෑරිය යුත්තේ ඒ ඓතිහාසික තත්ත්වයන් තුළය. මාක්ස්වාදී ද්විඝටනය ලෝකය හැදෑරීමේදීත් විශ්ලේෂණය කිරීමේදීත් පිළිගන්නා ක‍්‍රමය එයයි. මෙය වැරැුදි සම්බන්ධයෙන් ද පොදුය වැරැුද්ද අන්  ඕනෑම දෙයක් මෙන්ම හැදෑරිය යුත්තේත්, විශ්ලේෂණය කළ යුත්තේත් තේරුම් ගත යුත්තේත් ඒවා සිදු වූයේ යැයි සලකන ඓතිහාසික තත්ත්වයන් තුළය. ඓතිහාසික තත්ත්වයන් මග හැර අන්තර් සම්බන්ධතායන් කපා දමා යම් විෂය වස්තුවක් හැදෑරීමට ගියහොත් එහිදී බැසගන්නා නිගමන මනෝමූල හා සාවද්‍යවන බව මාක්ස් ලෙනින් චින්තාව අපට අවධාරණයෙන් උගන්වයි. අපි අන් සෑම සියලූ දෙයක් මෙන්ම වැරැුදි දෙසට දැක්විය යුතු ආකල්පය මනෝ මූලික හා සාවද්‍ය නොවිය යුතුය. ද්විඝටනාත්මක විය යුතුය. එනම් වැරැුදි, ඒවා සිදුවේයැයි කියන ඓතිහාසික තත්වයන් තුළ ඒවා සිදුවූ කාලයේ පැවැති අන්තර් සම්බන්ධතාවන්ගෙන් යුතුව, කොටසක් නොව සමස්තව ගෙන උඩින් පල්ලෙන් ආවට ගියාට නොව ගැඹුරට පතුලට කිඳා බැස සිතින් මවාගෙන අලූතින් ඈඳා ගත් තත්ත්වයන් යටතේ නොව යථාර්ථවාදීව නියම තත්ත්වයන් යටතේ හැදෑරිය යුත්තේය. එය නියම ක‍්‍රමයයි. මාක්ස් ලෙනින්වාදී ක‍්‍රමයයි. වැරැුදි සෙවීමත් ඒ වැරැුදි අධ්‍යනය කිරීමත් ඒවායේ නිසි පාඩම් අනාගත කටයුතු සඳහා සොයා බැලීමත් එක් කටයුත්තකි. ඒ කටයුත්ත නිර්ධන පංති විප්ලවවාදී ව්‍යාපාරයේ ඉදිරි ගමන ප‍්‍රගතිය අරමුණු කරගත්තක් නොවේ. නමුත් එක්කෝ සැබෑ වැරදි පසෙක තිබිය දී ඒවා වසන්කර ගැනීමේ චේතනාවෙන් හෝ අමතක කරලීමේ හෝ මගහරවාලීමේ හෝ චේතනාවෙන් ඒ සැබෑ වැරැුදිවලට ද්විතීක තත්ත්වයක් ආරූඪ කරලීමේ චේතනාවෙන් හෝ වැරැුදි නොවන දේ වැරැුදි ලෙස විග‍්‍රහ කිරීමත් බොරු මවාපෑමත් ඇතැම් සත්‍ය නොවන දේ වැරැුදි ලෙස විග‍්‍රහ කිරීමත් බොරු මවාපෑමත් ඇතැම් සත්‍ය සිද්ධීන් විකෘති කර ඒවාට වැරැුදිභාවයක් ආරූඪ කිරීමත් අතිශෝක්තියත්, සැබෑ ලෙස අවංක ලෙස විප්ලවවාදී ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා නිර්ධන පංති ව්‍යායාමයේ ප‍්‍රගතිය සඳහා කරන්නක් විය නොහැක.


දැන දැනම අවලාද අපහාස නැගීමත්, චරිත ඝාතනය කිරීමත් පච සහ බේගල් ඇදබෑමත් කිසි ලෙසකින්වත් විප්ලවයේ සතුරන් ලෙස මිස මිතුරන් ලෙසින් කළ හැකි කළ යුතු දෑ නොවේ. දැන දැනම හිතාමතාම කුමන හෝ හේතුවක් නිසාවෙන් විප්ලවවාදී ව්‍යාපාරයකට එරෙහිව, එහි දර්ශනයට එරෙහිව ප‍්‍රතිපත්තියට, වැඩපිළිවෙළකට ක‍්‍රියාමාර්ගයන්ට හා එයට ඇප කැප වන පුද්ගලයනට එරෙහිව හිතාමතා සාවද්‍ය ගොතන ලද කරුණු හා සිද්ධීන් පදනම් කරගෙන අවලාද අපහාස කිරීම මගින් බලාපොරොත්තු වනුයේ පංති සතුරාට ධනේශ්වර පංතියට සූක්ෂම අන්දමින් සේවය කිරීමයි.

මතු සම්බන්ධයි.

සකස් කළේ : 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්