මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු ද වූ දි. මු. ජයරත්න මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ 1970 මහ මැතිවරණයෙනි. ශ්‍රී.ල.නි.පයෙන් ගම්පොළ ආසනයට තරඟ කළ ඔහු තම ප්‍රතිවාදී අපේක්ෂකයා වූ එ.ජා.ප.යේ. ඩබ්ලිව්. එම්. පී. බී. දිසානායක මහතා වැඩි ඡන්ද 1246 කින් පරාජය කරමින් ගම්පොළ අසුන ජයගෙන තිබුණේය.
උඩපළාත කඳුකර පහළ ගම්කාර්ය සභාවේ සභාපතිවරයා වශයෙන් කාලයක් තිස්සේ කටයුතු කළ දි. මූ. එකල ප්‍රදේශයේ වැඩිදෙනෙකු අතර ප්‍රසිද්ධව සිටියේ ‘ගඩාපි’ යන නමිනි. ඊට හේතු වූයේ ඔහු ලිබියානු රාජ්‍ය නායකයා වූ මුහම්මර් ගඩාපිගේ ස්වරූපයට බෙහෙවින් සමාන වීමය. ගඩාපි එකල මැදපෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් අතර සිටි නාහෙට නාහන ජාතියේ පාලකයෙකු ද විය.
‘අපේ මන්ත්‍රීතුමත් එහෙම තමයි. යකාටවත් බය නෑ. කොක්කක් පටලවා ගත්තොත් ඉතින් හතරපස් දෙනෙකුට ඉස්පිරිතාලෙට යන්න සිද්ධ වෙලයි නතර වෙන්නේ” යි කියන පැරැන්නන් ඔහුට ගම්පොළ ගඩාපි යනුවෙන් නමක් පටබැඳ තිබුණේ ද ඒ නිසාමය.
ශ්‍රී.ල.නි.පයේ ආරම්භක සාමාජිකයන් අතරින් එක් අයකු වූ දි. මූ. එකල පක්‍ෂයේ ප්‍රබලයන් අතර ද ප්‍රසිද්ධව සිටියේ හොස්ස ළඟින් මැස්සෙකු ගියත් ගහමරා ගැනීමට යන චණ්ඩියෙකු වශයෙනි. ඊට හේතුවූයේ එකල ගම්පොළ සහ ඊට තදාසන්න ප්‍රදේශයක කොතැන හෝ දේශපාලන කලකෝලාහලයක් ඇතිවුවහොත් දිමුගේ නමද ඊට ඈඳී තිබූ බැවිණි.
දි. මු. ගම්පොළ මන්ත්‍රී ධුරය දැරූ කාලයේ එනම් 1976 දී එවකට ධීවර අමාත්‍යවරයා වූ ජෝර්ජ් රාජපක්‍ෂ මහතා රෝගාතුරව සිට අභාවප්‍රාප්ත විය. ඒ අනුව ඔහුගේ මුල්කිරිගල ආසනය සඳහා අතුරුමැතිවරණයක් පැවැති අතර ශ්‍රීලනිපය ඒ සඳහා ඉදිරිපත් කර තිබුණේ ලක්ෂ්මන් රාජපක්ෂ නැමැති හිටපු මන්ත්‍රීවරයෙකි.
මේ කාලය වන විට සිරිමාවෝ මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව ජනතාව අතර තරමක් අප්‍රසාදයට ලක්වී තිබුණේය. ඊට හේතු වූයේ ඒ වන විට රටේ බොහෝ පෙදෙස්වල උග්‍ර ආහාර හිඟයක් පැවැතීමයි. රජය ඊට පිළියමක් වශයෙන් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල කොළඹ නගරයේ හෝටල්වල බත් අලෙවි කිරීම තහනම් කර රට තුළ අනවසරයෙන් සහල් සහ මිරිස් ප්‍රවාහනය කිරීමටද තහංචි පනවා තිබුණේය. එලෙස අනවසරයෙන් ප්‍රවාහනය කෙරෙන සහල් සහ මිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පිහිටුවන ලද මාර්ග බාධක එකල මහා මාර්ගයන්හි බහුල වශයෙන් දකින්නට ලැබිණි.
එවැනි තත්ත්වයක් යටතේ මුල්කිරිගල අතුරු මැතිවරණයෙන් ජය ගැනීමද සමගි පෙරමුණු ආණ්ඩුවට තරමක අභියෝගයක් විය. එය වඩාත් බැරෑරුම් කරුණක් වූයේ ඊළඟ වසරේ එනම් 1977 දී මහ මැතිවරණයක් පැවැත්වීමට ද නියමිතව තිබූ බැවිණි.
“තමුන්නාන්සේලා කවුරුත් දන්නවා මේ වන විට රටේ පවතින ආහාර හිඟය නිසා ජනතාව අතර අපේ ආණ්ඩුව ගැන තිබුණු ප්‍රසාදය තරමක් අඩුවී තිබෙන බව. ඒත් මේ මුල්කිරිගල අතුරු මැතිවරණයෙන් අපි දිනන්න ඕනෑ. එහෙම නැති වුණෝතින් ලබන අවුරුද්දේ පැවැත්වෙන මහ මැතිවරණයටත් එයින් අයහපත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමුන්නාන්සේලා කවුරුත් ලබන සති දෙක තුළ මුල්කිරිගල ගිහින් අපේ පක්ෂය දිනවන්න වැඩ කරන්න ඕනෑ.
අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එලෙස තම පක්‍ෂයේ සියලුම මැති ඇමැතිවරුන්හට උපදෙස් දී තිබුණේ මුල්කිරිගල අතුරුමැතිවරණයෙන් ජය ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වූ බැවිනි. ඒ අනුව ඊට පසුදාම මුල්කිරිගල ප්‍රදේශයට ගිය ආණ්ඩු පක්‍ෂයේ සියලුම මැති ඇමැතිවරු ග්‍රාමසේවා නිලධාරි කොට්ඨාස මට්ටමින් වැඩ බෙදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹා තිබුණි.
මේ අතර දිමු ඇතුළු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු මුල්කිරිගලට ගියේ එවකට ඉඩම් සහ කෘෂිකර්ම ඇමැති ධුරය දැරූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් වශයෙනි.
“දිමූ ඔන්න මං නොකිව්වයි කියන්න එපා. මේ නන්නාදුනන පළාතකට ඇවිත් රණ්ඩු සරුවල්වලට ගියොත් බලාගෙනයි”
බොහෝ සෙයින් සාමකාමී පුද්ගලයෙකු වූ කොබ්බෑකඩුව මහතා කොළඹින් පිටත්වන විටම දිමුට එලෙස අනතුරු හඟවා තිබුණේය.
පිස්සුද සර්, මම එහෙමත් කරනවද?” යි ඇසූ ඔහු ඉවත බලාගෙන සිනාසුණේය.
මුල්කිරිගල අතුරුමැතිවරණය සඳහා එවර එ.ජා.පයෙන් ඉදිරිපත් කර තිබුණේ ටී. ඩී. ෆැන්සිස්කු හෙවත් රළුවේ රාළහාමිය. ඔහුගේ ජයග්‍රහණය පතා එවකට එ.ජා.ප.යේ සිටි හැම ප්‍රබලයෙක්ම පාහේ මුල්කිරිගලට පැමිණ කඳවුරු බැඳගෙන සිටියහ.
“අතුරු මැතිවරණයෙන් දිනන්න දෙපැත්තම එක වගේ උත්සාහ කිරීම නිසා ඒ දවස් ටිකේ රණ්ඩුසරුවල් එහෙමත් ඇතිවුණා. මට මතකයි අපි ඡන්ද රැස්වීමකට යනකොට අතරමග පාර අයිනේ නතර කරල තිබුණා රංජිත් අතපත්තුගේ වාහනයක්. අපි ඒ වාහනේ පැත්තකට පෙරළා දමලයි එතැනින් ගියේ. හැබැයි හොඳ වෙලාවට කොබ්බෑකඩුව මහත්තයා ඒ මොහොතේ අපිත් එක්ක හිටියේ නෑ. උන්නැහේ හිටියනං අපට ඒ වගේ වැඩක් කරන්න කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ.
දැනට වියපත්ව සිටින දි. මු. ජයරත්න මහතා එම සිද්ධිය ආවර්ජනය කරන්නේ සිනාසෙමිනි. තමන් එකල නාහෙට නාහන වියේ පසු වූ නිසා එවැනි ක්‍රියාවක බරපතළකමක් නොතේරුණු බව හෙතෙම පවසයි.
ඊට ආසන්න දවසක මදක් ඈතින් පිහිටි ග්‍රාමසේවා වසමක් බාරව සිටි ලග්ගල මන්ත්‍රී මොන්ටි ගොපල්ලව මහතා උදේ පාන්දරම දිමුලා සොයා ආවෙ මහ හඬින් කෑගසාගෙනය.
“බලන්න අයියා, යූ.ඇන්.පී කාරයෝ ඊයේ රෑ අපේ කාර්යාල හතරක්ම ගිනි තියලනේ. පොලීසියට කිව්වත් වැඩක් නෑ.
මොන්ටි ගොපල්ලව එසේ කියමින් නාහෙන් අඬද්දී
“ඔහොම තමයි ළමයා අද කාලෙ දේශපාලනේ හැටි. ඕවා ගැන හිත නරක් කරගෙන වැඩක් නෑ යි කී කොබ්බෑකඩුව ඇමැතිතුමා ඔහුගේ හිත සැනසුවේය.
මේ අතර දි. මු. මොන්ටිගේ කාර්යාල කඩා බිඳ දමා ඇති ඉසව්ව ගැන අසා දැනගත්තේ යම් අදහසක් සිතේ රඳවාගෙනය අනතුරුව තමන් සමග එකම ගෙදරක නවාතැන්ගෙන සිටි රත්නපුරේ නන්ද එල්ලාවල සහ මහියංගනයේ එඞ්වින් වික්‍රමරත්න ඇතුළු තවත් කීප දෙනෙකු සමග යමක් රහසින් කතාකර ගත්තේය.
“එදා රෑ නමේට දහයට විතර අපි කට්ටියක් වාහන තුනකින් ගිහින් මොන්ටි කියපු ඉසව්වේ තිබුණු යූ.ඇන්.පී. කාර්යාල දහයක් දොළහක්ම කඩා බිඳ දැම්මා. මට මතකයි එක තැනක තිබුණු යූ.ඇන්.පී. කාර්යාලයකට ගහනකොට නන්ද එල්ලාවල අතේ තිබුණු තුවක්කුවේ බටේ කැඩිල ගිහින් මිට විතරයි ඉතුරුවුණේ කොහොම හරි අපි රවුම ගිහින් එනකොට රෑ එකත් පහුවෙලයි කියන දිමු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊට පසුවදාත් මොන්ටි පෙරසේම නාහෙන් අඬාගෙන පැමිණි බවය.
‘බලන්න සර් අරුන් ඊයේ රෑත් මගේ කාර්යාල වගේකට ගහලනේ. ඒ අස්සේ උන්ගේ තුවක්කු බටේකුත් එකතැනක තිබිල හම්බවුණා යි කී මොන්ටිගොපල්ලව තමන් විසින් ගෙන ආ තුවක්කු බටය ද කොබ්බෑකඩුව මහතාට පෙන්වුවේය. මොන්ටිගෙන් එම තුවක්කු බටය ඉල්ලා ගෙන බැලු නන්ද එල්ලාවල එය යළිත් ඔහු අතටම දුන්නේ ඒ අසල සිටි දිමු සහ එඞ්වින් වික්‍රමරත්න දෙස නෙත් කොණින් බලා මඳ සිනාවක් පාමිණි.
මේ අතර පිට පිට දින දෙකක දී අසන්නට ලැබුණු මොන්ටිගේ කාර්යාලවලට පහරදීමේ සිද්ධිය අසා එතැනට පැමිණි සෙසු මන්ත්‍රීවරුන්ට අදහා ගැනීමට පවා නොහැකි කරුණක් වූයේ ඔහු විසින් අහුලා ගෙන ආ තුවක්කු බටයේ මිට කොටස නන්ද එල්ලාවලගේ කාමරයේ ඇඳක් මත තිබිමය.
අයියා පුදුම වැඬේ කියන්නේ අපේ කාර්යාලවලට ගහලා කොඩිවැල් ගිනිතියපු විදියට ඒ ළඟ තිබුණු යු.ඇන්.පී. කාර්යාලවටලත් ගහලනේ. .......යි කී මොන්ටි තමන් අත තිබු තුවක්කු බටය ද රැගෙන පොලිසියට යාමට සූදානම් වෙද්දී ඔහු වැළැක්වූ කොබ්බෑකඩුව ඇමැතිතුමා කියා සිටියේ ඒ ගැන අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසය.
අනිත් එක ඉතින් ඒව කරපු කියපු අය අපි අතරෙත් ඉන්න බැරිකමක් නැහැනේ. මොකෝ මහ රාත්තිරි ඔය ගහපු අයට නිල් පාටයි කොළ පාටයි හරියාකාරව අඳුනාගන්න පුළුවන්යැ කියලයි. සිදුවී ඇති දේ ඉවෙන් මෙන් වටහාගත් කොබ්බෑකඩුව මහතා ඇඟට පතට නොදැනී එසේ කියද්දී දිමුලා එකා දෙන්නා බැගින් එතැනින් මාරුවී ගියේ තමන්ට මහ රෑ නිල්, කොළ පැටලීමෙන් සිදු වූ අලකලංචිය ලොක්කාගේ අතටම අසුවූ බැවිණි.
නිහාල් ජගත්චන්ද්‍ර
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගම්පොළ ගඩාපිට මහ රෑ නිල් - කොළ පැටලිලා