කොළඹ බලා යන බස් රථය සඳුදාට අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන දිනයකි. එදාට අතරමගින් බසයට නගින හැමෝම කරන්නේ බස් රථය ගමන් ආරම්භ වන දෙසට පැමිණ වේලාසන ආසන අල්ලා ගැනීමයි.
සිකුරාදායින් පසුව සෙනසුරාදා ඉරිදාත් ගෙවුණේය. උදාවූ සඳුදා පෙරදා මෙන් උදේ බසය සෙනඟ පිරෙන බව දැනගත් ඇය වහා සිය සැමියා ඇහැරවා බස් රථය ගමන් ආරම්භ වන දෙසට යද්දී එයට ගොඩ කරවා ආසනයක් අල්ලා ගත යුතු යැයි තීරණය කොට ඒ සඳහා සැමියා යෙදවූයේය.
ඒ අනුව නිදිමතින් ඇස් පිස දමමින් ඔහුද බසය හැරවුම් ස්ථානයට යද්දි එයට ගොඩවිය.
විනාඩි පහළොවක් පමණ ගතවිය. බස් රථය වේගයෙන් ඉදිරියට ආවේය. ඉදිරි නැවතුම්පොළක බස් රථය නැවැත්වීය.
ඊට කාන්තාවක් ගොඩවූවාය. ඒ වනතෙක් ආසනය අල්ලාගෙන සිටි ඔහු ඇයට අසුන දී බසයෙන් බැස්සේය. බසය පිටත්වූයේය.
ඊළඟ නැවතුමේදීද බසය නැවැත්වීය. තවත් කාන්තාවක් බසයට නැංගේය.
කෝ අපේ හස්බන්ඞ්, කොන්දොස්තරගෙන් ඇය ඇසුවාය.
ආ....අහවලාද එයා අන්න අර නෝනට සීට් එක දීලා කලින් හෝල්ට් එකෙන් බැස්සනේ.
මදැයි මේ මිනිහා සීට් එකක් අල්ලන්න එව්වා. ඉඳිංකෝ ගෙදර මම එනකං. ඇය දත්කූරු කමින් එසේ සිතද්දී නිදිමතේ තම බිරිඳ යැයි ආසනය දී වැරැදි තැනක බැසගත් සැමියා හෙමින් හෙමින් නිවසට පැමිණෙමින් සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදි මත උනාම් ඔහොම තමයි (දී)
මම හිතන්නේ මෙයා හීනෙන් ඇවිදගෙන ගිහින් බසයේ වාඩිවෙලාම ඉන්න ඇති. ඒ වෙලාවේ අර නෝනා ආපුනිසා දෙන්න ඇති. පසුගිය දවස්වල හීනෙන් ඇවිදගෙන ගිහින් මොන මොන දේවල් ඒරෝප්පේ සිද්ධ වුනාද. ගණන් ගන්න එපා හොඳේ. (නි)
හායි,හේරත් පැටියෝ, ඔයා සීට් එක දුන්නේ කෙනා මතක නැද්ද පැටියෝ? (නි)
අනේ පැටියෝ, මම සිට් එක දීලා ආවානේ ගෙදර. (නි)
හොද පරිප්පුවක් දෙන්න ඇති නෝනා.පව් අහිංසක මනුස්සයා. එහෙම කලොත් පිරිමින්ගේ ශාපය වරදින්නෙ නැහැ (නි)
මේකේ වැරැද්ද කරලා තියෙන්නේ කොන්දොස්තර. මුන්ව ගස් බඳින්න ඕනා. විපුල ඔය අදහස මරු.(නදී)
අනේ නෝනට සීට් එක විතර නෙව දීලා තියෙන්නේ? වෙන මොනවත් සල්ලි, මුදු, අරවා මේවා දීල නැහැනේ. එහෙම නම් මොකටද නගේ බොරු ජල්බර.(නදී)
මේවට නම් හතර හිනා. අහිංසක මිනිහා නිකන් බැනුම් අහනවා.(නදී)
උදේ පාන්දරම අවදි වෙන කෙනෙක්ගෙන් අහන්න ඒකෙ තියෙන අමාරුව (දී)
ඕවගේ දේවල් ඉදල හිටලා වෙනවා. ගණන් ගන්න එපා (දී)
මේ වගේ දෙඅවල් කාට උනත් වෙන්න පුළුවන් (දී)
නිදිමතේ කව්රු උනත් ඔහොම තමයි (දී)
වරුණ ඉතින් චුට්ටක් බොරු පණ්ඩිත ගොයියා හින්ද මේවා කොහොමත් වෙනවා! (දී)
හවස මහත්තය කිව්වලු , මම නිදිමතෙන් ඇවිද්දේ, බස් එකට නගිනවත් මතකයි, සීට් එක දෙනවත් මතකයි, කාටද දුන්නේ කියල මතක නැහැ කියලා (දී)
ඊට පස්සේ මොකද වුනේ. නෝනා මහත්තයව දනගස්සවන්න ඇති නේද? (දී)
මේක මොකක්ද? තව නෝනා කෙනෙකුට ලිංගික කටයුත්තකදී මහත්තයා වැරදිලා තියෙන්නේ. ඒ කථාව මෙන්න මෙතනින් බලන්න http://www.dailylife.com.au/act-news/woman-thought-sex-was-with-husband-20130701-2p70v.html (දී)
පව් එයා නෝනට උදව්වක් කරන්නනේ ගියේ. දැන් ඉතින් උදව් කරන්න යන අයටත් ගුටිකන්න වෙන කාලයක් තමා. (දී)