IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොර පාරෙන් හරි පාරට එද්දී පරණ ​‘පෙම්වතාත්’ වෙන පාරක ගිහින්

(දේවහුව - ප්‍රසාද් ජයකොඩි)
පළමු කසාඳයේ සිටි දරුවන් දෙදෙනකු ද හැර දමා ගොස් අනියම් ස්වාමි පුරුෂයන් තිදෙනකු සමඟ ජීවත් වූ බිරිඳක් වසර තුනකට පසු නැවත පළමු විවාහයේ ස්වාමි පුරුෂයා ඉල්ලා හඬා වැටුණු කාන්තාවක පිළිබඳව පුවතක් පල්ලේපොළ අවට ගම්මානයකින් වාර්තා විය.


මෙම කාන්තාව පාසල් යන අවදියේ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් දුරදිග ගොස් නිවෙස් දෙකේම අකමැත්ත තිබිය දී ඔවුන්ගේ තනි කැමැත්තට අනුව විවාහ වූහ. මෙසේ වසර කිහිපයක් ගත වූ පසු ඇයට පළමු දරුවා ලැබිණි. ඉන් අනතුරුව නිවෙස් දෙකේම මවුපියෝ ඔවුන් දෙදෙනා සමඟ පැවැති හිත් අමනාපකම් ඉවත්කර තමන්ගේ නිවෙස්වල ජීවත් වීමට මොවුන්ට අවසරය ලබා දුන්හ.


මෙම තරුණ ස්වාමි පුරුෂයාට ස්ථිර රැකියාවක් නොතිබුණත් එදිනෙදා  කුලී වැඩ හා සුළු ගොවිතැනක් කරගෙන තම ආදරණීය කැඳැල්ලේ අඟ හිඟකම් ඇති නොවී දරුවා හා බිරිය ආදරයෙන්  රැක බලාගෙන ජීවත් විය. කාලයත් සමඟ ඔවුන්ටම කියා නිවසක් ද ටිකෙන් ටික ඉදිකර ගැනීමට මෙම තරුණ අඹුසැමියෝ වග බලාගත්හ.


වසරක් දෙකක් පමණ ගත වෙනවාත් සමඟ ඇයට දෙවැනි දරුවා ලැබිණි. 


ඉන් මාස කිහිපයකට පසු මෙම දෙදෙනා ඔවුන්ට අයත් නව නිවසේ පදිංචියට ගොස් ඇති අතර, දරුවන් රැකබලා ගැනීම සඳහා බිරිඳගේ මව ද මෙම නිවසේ පදිංචියට පැමිණියාය. නිවසේ සුළු සුළු අගහිඟකම් මතුවීමත් සමඟ ඇය ඇඟලුම් කම්හලක සේවයට ගියේ සැමියාගේ ද කැමැත්තක් නැතිවය. වසර දෙකක් පමණ සේවයට ගිය පසු තමන්ට වඩා වයසින් අඩු තරුණයකු සමඟ ඇති කරගත් අනියම් ප්‍රේම සම්බන්ධයක් දුර දිග ගොස් තම දරුවන් හා ස්වාමි පුරුෂයා අතහැර දමා අලුත් මනමාලයා සමඟ පවුල් කෑම ආරම්භ කර ඇත්තේ පිට පළාතක පදිංචියට ගොස්ය.


එහිදී ද මෙම කාන්තාව මෙම තරුණයා අතහැර තවත් දෙදෙනකු සමඟ පවුල් කෑවේ වසර දෙකක් පමණ කාලයක දීය. 


මාස  හයක් පමණ කාලයක් කාත් කවුරුවත් නොමැතිව ජීවත් වූ ඇය තම පළමු ස්වාමියා හා දරුවන් සොයාගෙන ගොස් නැවත එවැනි වැරැදි ක්‍රියා සිදු නොකරන බව පවසමින්  තමන් නැවත බාරගන්නා ලෙස හඩා වැළපෙමින් ඉල්ලුවාය. එහෙත් සැමියා පවසා ඇත්තේ වසරක් පමණ නැවත පැමිණේවි යැයි කියා තමා මඟ බලා සිටි නමුත් නොපැමිණි නිසා දරුවන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ අනාගතය යහපත් කිරීමේ අරමුණින් වෙනත් විවාහයක් සිදුකර ගත් බවයි. 


එම නිසා තමන්ටත් දරුවන්ටත් පාඩුවේ ජීවත් වීමට ඉඩ දී නැවත හොඳ කෙනකු සමඟ විවාහ වී මින් ඉදිරියටවත් මෙවැනි වැරැදි නොකර හොඳින් ජීවත් වෙන ලෙස අවවාද දුන්නේ වැළහින්නක මෙන් ඉකි ගසා හඩා වැළපෙමින් සිටින එම කාන්තාවට ආපසු යන ලෙස දන්වමිනි.



අදහස් (0)

හොර පාරෙන් හරි පාරට එද්දී පරණ ​‘පෙම්වතාත්’ වෙන පාරක ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site