(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
සෞඛ්‍යා රක්ෂක ක්‍රම අනුගමනය කරමින් සොරකමේ ගිය සොරකු පොලිසියට කොටුවී වෙනත් චෝදනාවකට පොලිසියේ ලැගීමට වූ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
රට තුළ පවතින තත්ත්වය අනුව ජනතාව විවිධ අගහිඟකම්වලට මුහුණ දෙමින් සිටින අවධියක සොරකමේ ගිය මෙම පුද්ගලයාටද ගෙදර අගහිඟකම් ඇතිවිය. රජයෙන් ලැබුණ රුපියල් පන්දාහේ දීමනා වියදම් වී අවසානය.
උයන්න පොල් නැතැයි බිරිඳ රාත්‍රියේ කෑගැසුවාය. අසල්වැසි නිවසක කුස්සිය පිටුපස පොල් ගොඩක් තිබූ බව මොහුට සිහිපත් විය.
දෑත් සෝදා මුඛ ආවරණ පැළඳ රෙද්දක්ද පොරවාගෙන අඳුරේම නිවස වටා කැරකී පොල් ගෙඩි දෙකක්ද රැගෙන ඔහු ආපසු නිවෙසට පැමිණියේය. වැඩේ සාර්ථක බව වැටහිණි. ඔහු එය දින කීපයක්ම කළේය.
එයින් පසුවද පෙර ලෙස සෞඛ්‍යරක්ෂිතව සැරසී මොහු එම නිවෙස වටා දින කීපයක්ම ගැවසී කල්යල් බලා ඇත. නිවසේ සැමියා විදේශ ගතව බිරිය සහ දරුවා පමණක් නිවසේ සිට ඇත. එම කාන්තාවටද දින කීපයක් කිසිවකු නිවෙස වටා ගැවසෙනු දැනී අය මේ බව පොලිසියටද පැමිණිලි කර තිබිණි.
මෙදින ද මෙසේ නිවෙස අසල සැරිසරමින් සිටි පුද්ගලයා පොලිසියට කොටුවිය. නිවැසි කාන්තාව කියා ඇත්තේ මෙලෙස සෞඛ්‍යාරක්ෂිත ලෙස පැමිණ ඇත්තේ සොරකමකට නොව තමාට අතවරයක් කිරීමට විය හැකි බවයි.
මේ නිසා ඔහු නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන්නා පමණක් නොව දවස් ගණනාවක් කූඩුවේ ළගින්නට සිදුවිය.
තම අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගතවනවිට ලේලිය සමග උරණවී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක්
කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා ව
අඩු මිලට බිත්තර ගැනීමට ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්
එක එක්කෙනාට එක එක විනෝදාංශ තිබේ. ඒ ඒ විනෝදාංශය ඒ ඒ අයගේ රුචිකත්වය අනුව සිදුවේ. මේ අයගේ මේ විනෝදාංශයනම් අපි කවර කලෙකවත් නෑසුවෙමු. මේ ඒ අපූරු විනෝදාංශය පිළ
ඔහු ගොවි මහතෙකි. ඇයද ගෙවිලියක් මෙන්ම ගෘහනියකි. කුඹුරේ ගොයම් ටික පැහිලා නිසා හෙට කැපුවොත් හොඳයි ඔහු තම බිරියට කීවේය.
සිරිත් විරිත්වලට අනුව මංගල චාරිත්‍ර සිදු කරන අතරවාරයේ දී මනාලිය මඟුල් පෝරුවෙන් පැන අම්මාගේ කරේ එල්ලී හඩා වැලපුනු පුවතක් හස්ති ශෛල පුරවරයෙන් අසන්නට ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරකමේ ගිහින් අන්තිමේ ගෑනු හුටපටේකටත් අහුවෙලා
JAYANTHA Monday, 18 May 2020 04:50 PM
ඇත්ත නේන්නම් පොල් විතරක් අරන් ගියාට තරහ යන්නැති
BANDARA Monday, 18 May 2020 04:57 PM
ඔච්චර ආරක්ෂා විදියට ඇවිත් පොල් විතරක් අහුලන් ගියා ඒක නිසා තමයි මම බොරුවට පොලිසි ගියේ.