රාත‍්‍රි කාලයේ නිවෙසකට ඇතුළු වූ සොරුන් දෙදෙනකු ගෙහිමි කාන්තාවගේ නිර්භීත හා ස්ථානෝචිත ප‍්‍රඥාව හේතුවෙන් බියවී පැන යාමේ සිද්ධියක් අනුරාධපුර තිසාවැව ප‍්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණි. මේ කාන්තාව පාසල් ගුරුවරියකි. ඇයගේ සැමියා පොලිස් සැරයන්වරයෙකි. ඔහු රාජකාරියක් සඳහා ඉකුත් (30) සිකුරාදා සවස නිවෙසින් බැහැර ගියේය. රාජකාරිය නිමාකර සැමියා පැමිණෙන තෙක් කාන්තාව සිය බාල දියණිය සමග නිවසේ දොර වසා දමා කාමරයට වී සිටියාය. රාත‍්‍රි දහය පසුවී තිබුණ ද සැමියා නිවෙසට නොආවේය. විදුලිය පහන් ද දැල්වී තිබිණි. සැමියා ආපසු පැමිණෙන තෙක් බලා සිටි කාන්තාවටත් දියණියටත් නොදැනීම නින්ද ගොස් තිබුණි. තද නින්දේ සිටි කාන්තාවට ගේ ඇතුලේ කාමරයේ යම් ශබ්දයක් ඇසී නින්දෙන් ඇහැරිණි. ඇයට අදහාගත නොහැකි විය. මුළු නිවසම කළුවරේය. විදුලි පන්දමක් දල්වා ගත් අයකු කාමරයේ යම් දේවල් සොයමින් සිටින බව ඇය දුටුවාය. බියවූබව පෙන්වූවොත් වැඬේ වරදින බව දැන. සිතට ධෛර්යය ගත් කාන්තාව තද කළුවරේම තමන් නිදා සිටි ඇඳේ ඇඳ පොල්ලක් අතට ගෙන සොරා සිටි දෙසට එල්ලකරමින් ‘හෙල්ලෙන්නෙපා වෙඩි තියනවා’ කියමින් සොරාට තර්ජනය කළාය. ඇය අත ඇත්තේ තුවක්කුවකැයි බියවූ සොරා එළියට පැන දුවන්නට විය. බියට පත්ව දිවූ සොරා පසුපස තවත් සොරෙකු ද කළුවරේ පැන යනු ඇය දුටුවාය. එහෙත් නිවෙසේ කිසිවක් සොරුන්ට රැගෙන යාමට නොහැකි විය. කළුවරේම නිවෙස ඇතුළේ සොරුන්ට එරෙහිව සටන් වදිද්දී කාන්තාවගේ මුහුණ උළුවස්සක වැදී තැලීම් තුවාල සිදුවී තිබේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි ගැහැණුන් ඉන්න ඕනා