සංගීතයට ලොල් තරුණයන් පස් දෙනකුට සංගීතය නැරඹීම එපාවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණි.
ප‍්‍රදේශයේ කුමන තැනක සංගීත සංදර්ශනයක් වෙතොත් එතැන රැය පහන් කරන්නට පුරුදු වූ තරුණයින් කීප දෙනෙකි. කිලෝ මීටර් 10ක් 15ක් වුවද ඔවුන්ට ගැටලූවක් නැත.
පසුගියදා පැවැති සංගීත සන්දර්ශනයකි. ජනප‍්‍රිය ගායකයින් වාදකයින් එන බව ද ඔවුන්ගේ කනට වැටුණි. පසුදිනද නිවාඩු දිනක් හෙයින් එහි ගොස් සංගීතය නරඹන්නට මිතුරු කණ්ඩායම තීරණය කළේය.
නියමිත දිනයේ සවස් යාමයේ මිතුරෝ එකතු වූහ. සංගීතයක් නැරඹීමට අවශ්‍ය යැයි ඔවුන් සිතනා සියල්ලෙන් සප්පායම් වීමට ද අමතක නොකලේ මිතුරු කැලේම යෝජනාවට අනුවය.
වෙනදා මෙන් මුදල් හදල් නොවූ නිසා අතේ ඇති මුදලට මගතොටදී අවශ්‍ය දේ ලබාගෙන කිලෝ මීටර් 13ක් පමණ පයින් ගොස් සංගීතය නැරඹීම ඔවුන්ගේ අදහස විය.
ඔවුන් රාත‍්‍රී 9.30ට පමණ නියමිත තැනට ළඟා විය.
ක‍්‍රීඩා පිටිය වටේටම ටකරන් සිටුවා හරස්කොට ඇත. ආරක්ෂකයෝද පොලිස් නිලධාරීහුද ඒ අවට වෙති. මඳක් පදමට සූර් වී සිටි නිසාත් රාත‍්‍රිය නිසාත් ඔවුහු මුණිවත රැක්කෝය.
යළි ආපසු හැරුණ ඔවුන් මතකයේ තිබූ ගී ගයමින් ආපසු එමින් සිටි අතර බීමත්කම හා රාත‍්‍රියේ මහමග ගැවසීමේ වරදට ඔවුන් අල්ලා ගැණුනි.
දින දෙකකින් ආපසු ගමට පැමිණි මොවුන්ට තවත් මුදලක් වියදම් කිරීමට සිදුවූවා පමණක් නොව හිත මිතුරන් අතරේද මේ පුවත ප‍්‍රචලිත විය. ඔවුන්ගේ ඥාතීන් එකතුවී මොවුන් නිවසට කැඳවාගෙන විත් අවවාදද කැරිණි. නැවත රෑ ගමන් නැවැත්වීමට ද ඔවුහු වැඩිහිටියන්ට පොරොන්දු වූහ.
COMMENTS
මේ සංගීත සංදර්ශනකාරයො නිසා දැන් බස් එහෙකවත් නිදහසේ යන්න පුලුවන්ද මේවා තහනම් කරන්න ඕනා.(නදී)
ඒක නම් හොඳ වැඩේ. (ස)
දැන් හදිසි නීතියත් නැති නිසා වරදක් කළා වෙන්නේ කොහොමද? (නි)
පුදුමාකාර දේවල්නේ වෙන්නේ! (නි)
කාර් වලින් රාත්‍රී සංචාරය තහනම් නැද්ද? (නි)
රාත්රියේ ගමන් කළා කියලා පොලිසියට නිකන් මිනිසුන්ව කූඩුවට දමන්න අයිතියක් නැහැ. ඕනෑම පුද්ගලයෙකුට රාත්‍රියේ ගමන් බිමන් යාමේ අයිතියක් තිබිය යුතුයි. හොරුන් සහ අපරාධකරුවන් ගැවසෙන්නෙත් රාත්‍රී කාලයේ නිසා සැකසහිත නම් ප්‍රශ්න කළ හැකියි. (නි)
මොන ගොන් කතාවක්ද මේක... ඇයි රේට මහමග යන්න තහනම්ද ?(අ)
එහෙම නීතියක් තියෙනවා. (ස)
පව් අනේ! එච්චර දුරක් පයින් ගිහිල්ලා, සංගීතෙත් නොබලා, දින දෙකක් පොලිස් කුඩුවේත් ඉඳලා... සතුටුයි අනේ! වැඩිහිටියන්ගේ අවවාද පිළිඅරන් රාත්‍රී ගමන්බිමන් නවත්වලා... ෂෝක් දරුවෝ .....!!! (නි)
මොකක්ද ඒ ගොන් කතාව. රාත්‍රියේ මහා මඟ ගැවසීම කියන්නේ, ඇවිදින්න බැරිද? මොකක්ද ඒකෙන් වෙන්නේ. කාර් එකකින් ගියොත් ප්‍රශ්නයක් නැත්ද? අපරාධකාරයෝ පයින්ද යන්නේ. එහෙම නීතියක් ගැන නම් අපි දන්නෙ නෑ. මොකක්ද මේක ළඟදි ආපු නීතියක්ද? (ස)
කොහොම හරි අවසානයේ ඔවුන් එයින් පාඩමක් ඉගෙන ගෙන යහපත් අතට හැරුන නම් එය සමාජයටත්, ඔවුන්ගේ ඉදිරි ගමනත් සැනසීමක් වනු ඇත. (ස)